IMG-LOGO

රියැලිටි කරණයෙන් නිරූපණයට පැමිණ ගායිකාවක වූ නෙතලි

2016-05-30-ent-33

2015 සිරස කුමරිය ඔස්සේ නිරූපණ ක්ෂේත්‍රයට පිවිස මේ වනවිට ගායිකාවක ලෙස කටයුතු කරන ඇය නමින් නෙතලි දිසානායකය. ඇයගේ කලා කටයුතු පිළිබඳව "සාරවිට" අපත් සමගින් ඇය මෙලෙසින් අදහස් දැක්වූවාය.

 

2016-05-30-ent-39ඔබ ගැන කෙටි හැඳින්වීමක් කළොත්?

මම නෙතලි දිසානායක. මට වාසනාව ලැබුනා 2015 සිරස කුමරිය බවට පත්වෙන්න. මගෙ ගම මාතර. මම පාසල් ගියේ මාතර ශාන්ත මරියා කන්‍යාරාමයට. මම උසස් පෙළ හැදෑරුවේ 2014 වසරේ කලා විෂය ධාරාවෙන්. මම දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධියක් හදාරමින් සිටිනවා.

 

ඔබ නිරූපිකාවක්ද ගායිකාවක්ද?

මම නිරූපිකාවක් ලෙස කටයුතු කරමින් ඉඳල දැන් ගායිකාවක් ලෙසත් වැඩකටයුතු කරනවා. කෙටියෙන් කියුවොත් නිරූපිකාවක් වගේම ගායිකාවක්.

 

වෘත්තීයක් වශයෙන් කුමක්ද කරන්නේ?

මම මීට පෙර වෘත්තීයක් විදිහට කළෙ නිරූපණයයි. ඉදිරියට ගායනයත් කරන්න බලාපොරොත්තු වෙනවා වගේම මම එක ටෙලිනාට්‍යකට රංගනයෙන් දායක වුණා.

 

ගායන පිළිබඳව වැඩිදුරටත් සඳහන් කළොත්?

මම පාසල් යන කාලෙ පද්‍ය ගායනා තරගවලට සහභාගී වෙලා ජයග්‍රහණයක් ලබාගත්තා. මට ගායනයට තියෙන හැකියාව නිසා මට හිතුණා සින්දුවක් කරන්න. දැනට ගීතය නිකුත් කරල දින කිහිපයයි වෙන්නෙ මේ වෙනකොට හොද ප්‍රතිචාර ලැබෙනවා.

 

නිරූපණ එකතු වෙන්නේ කොහොමද?

මගෙ නැන්ද තමා සිරස කුමරි තරගයට අයදුම් පතක් දාන්නේ. නැන්දගෙ ඉල්ලීම උඩ මම මේ තරගයට සහභාගී වුණා. හිතුවෙවත් නැති විදිහට මම තරගයෙ ලොකු දුරක් ඇවිල්ල ජයග්‍රහණය කළා ඉන්පසුව තමා මම නිරූපණයට එන්නේ.

 

ඊළඟ කරන කාර්යය කුමක්ද?

මම ඉදිරියට ගොඩාක් අසාවෙන් ඉන්නවා නිවේදිකාවක් ලෙස කටයුතු කරන්න. මම නිරූපණය කරන්නෙ මනමාලියන් විදිහට. ඒ වගේමයි අපේ රටට ගැළපෙන ආකාරයට සැරසුණු මෝස්තරවලින් පමණයි ඒ වැඩ කටයුතුත් ඉදිරියට කරනවා. මගේ මීළඟ ගීතයත් තව මාස තුනකින් පමණ නිකුත් කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ හැමදෙයක් එක්කම මගෙ අධ්‍යාපන කටයුතුත් සමබරව කරන්න බලාපොරොත්තු වෙනවා.

 

අතහිත දුන් පිරිස ගැන කිව්වොත්?

මගේ අම්මා, තාත්තා තමා මගෙ ළඟින්ම හිටියෙ විශේෂයෙන් මතක් කරන්න ඔන මගෙ අම්ම තමා මම තරගයට සහභාගී වුණ කාලෙ මගෙ ළඟින්ම හිටියේ. හැම දවසකම අම්ම මගෙත් එක්ක ආවා. ඒ වගේමයි මගෙ නැන්දත් මතක් කරනව. මගෙ යාලුවොත් මට සහාය වුණා. මේ ගීතයේදී මට සහාය වුණ පිරිස ගැනත් සඳහන් කරන්න ඕන. මේ ගීතයෙ production designer විදිහට කටයුතු කළේ මදුශාන් අයියා. මේ සින්දුවෙ music and melody රවී විදානආරච්චිගේ. රටම එයාව දන්නෙ noise විදිහට. මේ සින්දුවෙ lyrics කළෙ සචිත උදයංග අයියා. තවත් අමිල පණ්ඩුක, දසුන් අයියලා, සයුරි අක්කා ඇතුළු මට උදව් කළ හැමෝම මං මේ අවස්ථාවේදී මතක් කර සිටිනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-05-30-ent-34
2016-05-30-ent-35
2016-05-30-ent-36
2016-05-30-ent-37
2016-05-30-ent-38
 



අදහස් (0)

රියැලිටි කරණයෙන් නිරූපණයට පැමිණ ගායිකාවක වූ නෙතලි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site