සිය පෙම්වතිය වූ යුවෝන් ජෙහැන්සන් රාජගිරියේ රෝයල්පාර්කිහි දී මරා දැමූ ශ්‍රාමන්ත ජූඩ් ඇන්තනී ජයමහ ජනපති විසින් නියම කැරෙන දිනයක දී එල්ලුම් ගස් යවනු ඇතැයි මහාධිකරණ විනිසුරු පද්මිණී එන් රණවක මහත්මිය අද ඔහුට දැනුම් දුන්නාය.
අභියාචනාධිකරණයෙන් නියම කළ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය ද අනුමත විය.
ඒ අනුව අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ඔහු ඉදිරිපත් කළ පෙත්සම ඉවත දැමීය.
කොළඹ මහාධිකරණය ඔහු වරදකරු කරමින් වසර 12ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් පැනවීය. නීතිපති ඊට එරෙහිව ඉදිරිපත් කළ ඇපෑලේ දී අභියාචනාධිකරණය තීන්දු කළේ ඔහු වරදකරු කිරීමට ප්‍රමාණවත් සාක්කි ඇති හෙයින් ඔහුට මරණ දඬුවම නියම කරන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය ක්‍රියාත්මක කිරීමට අකුල් හෙලන, නීතිය ශක්තිමත් නොකරන දේශපාලකයින් ට විරුද්ධව නඩු පැවරිය යුතුයි (දී)
ඒත් මට නම් සැකයක් තිබෙනවා සමහරවිට නිදහස් වේවි කියලා (නි)
සුදු ඇදල සුදු සපත්තු දෙකකක් දල අහිංසක විදියට යන ලස්සන. වෙනසකට තියෙන්නේ අපේ අර අතන ඉන්න කට්ටියට වැඩිය අත් දෙකට මාංචු දල තියෙන එක විතරයි. (දිල්)
මගේ සම්පුර්ණ එකඟයි (දී)
බඹර නාදේ ඇසෙන මානේ රැදෙනු මාගේ සුවඳ වාගේ...... දැත් විදා ළමැදේ ආදරේ දෙන්න විඳගන්න රිසිසේ ..... නිම නොවේ කිසි දිනේ පෙම් පැතුම් මා හදේ...... ලබන හැම ආත්මයම ඔබගේ ලඟම ඉන්නයි මම නම් පැතුවේ ...... පනට පන දීම දිවි කතරේ නොයමි රහසේ රකිමි පනසේ ......... නිහඬ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ මිහිරි මතකේ සැරි සරා ඔබ නවාතැන් ගෙන දෑසේ ............ (දී)
මිනීමැරුම් චෝදනා ඇති සියල්ලන්ටම මෙවැනි තීන්දු ලබාදිය යුතුයි (නි)
මොහොමද්ගේ අදහස මමත් අනුමත කරමි. (දී)
මේ පුතා ඇත්තටම හරිම පව් .හදිසි තරහ ගැනීමක් නිසා ඇති වුන දෙයක්. මෙහි වරද ගැහැණු දරුවාගේ පාර්ශවයත් වග කියන්න ඕනි.රාත්‍රී සමාජ ශාලාවලට යවන ,පිරිමි දරුවන් තම දුව සමග කාමර වල ඉදීමට අවසර දෙන .මත්පැන් පානයට අවසර දෙන ,දෙමවපියෝ මෙවැනි දේවල් බලාපොරොත්තු වෙන්න ඕනි.තරුණ වයස බොහොම ආවේගශීලී . එය අපි කව්රුත් දන්නා කරුණක්.ගැහැනියකට ඕනිම මිනිසකු මෙන් මරුවකු කරන්නට පුළුවන,ස්ත්‍රීන් දැනගන්න ඕනි මිනිසුන්ව මිනි මරුවන් නොකර හැම ප්‍රස්නයක්ම බොහොම සාම දානව විසදගන්න..මෙම දරුවට සම්පූර්ණ වැරැද්ද පැටවීම වැරදි. (දී)
මිනී මරුවන් හිරේ යවන්න ඕනේ (දී)
මෙම තරුණයාට දහම් මඟ පෙන්වා දී, බොහෝ කුසල් රැස් කරගෙන සුගතිගාමී වෙන්නට අවස්ථාවක් ලබාදෙන්න බැරිද? මේ ඔහුගේ භද්‍ර යෞවනයේ සිදුවූ අත්වැරදීමක් නොවේද? (නි)
අනේ හොඳයි! සතුටුදායක පුවතක් (නි)
මට නම් හරි කණගාටුවක් දැනෙනවා. (නි)
ඊට වැඩිය හොඳ නැද්ද ජීවිතාන්තය දක්වා බරපතල වැඩ ඇතුව හිරගෙට දැම්මා නම්? (නි)
මමත් මේ තීරණයට එකඟයි (නි)
නිදහස් වෙන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද? (නි)
කාශ්‍යපගේ අදහසත් සමඟ මම අකමැත්තෙන් වුණත් එකඟ වෙමි (නි)
ඉතා හොඳ තීරණයක් (නි)
වැඩේ නම් වැරදියි තමයි. නැහැයි කියන්නේ නැහැ. මේ සිද්ධිය වෙනකොට මෙයාට යන්තම් අවුරුදු 19ක් විතරයි. දැන් 28යි. ඒක එවෙලේ ඇතිවූ ක්ෂණික කෝපයක් නිසා වුණු දෙයක් මිසක් මේ මනුස්සයා හිතලා තරලා නැහැනේ. ඒක නිසා දහමට නැඹුරු කරවලා අලුත් ජීවිතයක් පටන් ගන්න මෙයාට අවස්ථාවක් දුන්නොත් ඒක ගොඩක් වටිනවා කියන එක තමා මගේ අදහස. (නි)
මම නම් හිතන්නෙ නැහැ මේක හදිසි කෝපයකින් වූ දෙයක් කියලා (නි)
මොහුගේ තව විස්තර ටිකක් දෙන්න පුලුවන්ද? පවුලේ විස්තර වගේ ඒවා ටිකක් දෙන්න පුලුවන් නම් තවත් හොඳයි (නි)
මොහු ජීවිතාන්තය දක්වා හිරේට ගියොත් ඔහුට කන්න අඳින්න දෙන්නේ අපේ මහජන මුදලින්ම නේද? (නි)
අර සිංදුව බලපුවම කොල්ල ගැන දුක හිතෙනවා. (නදී)
මෙයාවත් අායුද පෙන්නන්න එක්කන් ගියා නම් හොඳියි නේද? (නදී)
ජනපති සමාව යටතේ නිදහස් කරන්න බලමු. (නදී)
වරදක් කළා නම් දඩුවම් විඳිය යුතුයි (නි)
එල්ලුම් ගහ ක්‍රියාත්මක වෙනවනම් ලංකාවේ මේවගේ අපරාද ගොඩක් අඩුකරගන්න පුළුවන් (දී)
කාශ්‍යප ,එහෙනම් උසාවි ,හිර ගෙවල් වහල දාමු. වියදමත් අඩුයි ,වැඩෙත් ලේසියි. මිනිස්සුන්ගේ බදු මුදලුත් ඉතුරුයි අපරාධත් නැහැ. (නදී)
දැන් අවුරුදු 9ක් නඩු කියන්න දෙපාර්ශවයට කොච්චර වියදම් වෙන්න ඇද්ද? මම නම් හිතන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක වෙන්න ඕනෑ (නි)
තව අවුරුදු කිහිපයකින් ජනාදිපති සමාව ලබා හෝ හොඳින් සිටියා කියා නිදහස ලබාවි. ලංකාවේ පෝරකය ක්‍රියාත්මක නොමැති කමත් වෙනත් හේතුන් මතත් තමයි ලංකාවේ දරුණු අපරාද රැල්ල වැඩිවන්නේ.(නදී)
එල්ලුම්ගහ ක්‍රියාත්මක වෙනවනම් මේවගේ අපරාද ලංකාවේ ගොඩක් අඩුකරන්න පුළුවන් කන්න දිදී තියාගන්නේ මොනවා ලබගන්නද?අනිත් අයටත් ආදර්ශයක් වෙන්න දඩුවම ලබදුන්නනම් (දී)
මිනීමරුවන්ට මරණ දඩුවම (දී)
එල්ලුම් ගහට අලුගෝසුවෝ නැති කාලේ , පොල්ගහක ගෙඩි කඩාගන්න මිනිහෙක් සොයා ගැනීමත් , දැන් ප්‍රශ්නයක් ...වෙලා !(දී)
සිහි බුද්ධියෙන් තොරව වැඩ කරන , සම්මා සතියෙන් තොරව වැඩ කරන මිනිස්සුන්ට මේවා හොද පාඩම් (දී)
අපේ රටත් හරියට මෙගා ටෙලි නාට්ටියක් වගේ. හැබැහින් මොනවත් වෙන්නේ නැහැනේ.(දී)
තාරුණ්‍ය ඉවරයි (දී)
කල කලදේ පල පල දේ .(ස)
ඔය වගේ මිනිස්සුන්ට හරි යන්නේ ප්‍රභාකරන්ගේ නීතිය. වැරදි කළොත් දඩුවම් විඳින්න ඕනෑ එක අපි හැමෝටම පොදුයි. අද කාලේ අපරාධ වැඩි වෙනවා. ඒකට එල්ලුම් ගහ ගෙනෙන්න ඕනෑ (නි)
එල්ලුම් ගහ නැවත ක්‍රියාත්මක වෙනවා නම් කොයිතරම් හොඳද? (නි)
මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා.පහල උසාවියකින් ලැබෙන දඬුවමක් අැපෑලකින් පස්සේ ඉහල උසාවියකින් වෙනස් වෙනවා නම් පහල උසාවියේ විනිසුරු තුමා අතින් වරදක් වෙලා නෙමෙයිද තියෙන්නේ ..ඒ ගැන ඒ විනිසුරු තුමාට වගකීමක් නැද්ද? අපි හිතමු පහල උසාවියෙන් දුන් මරණ දඬුවම අැපෑලකින් පස්සේ ඉහල උසාවියෙන් වෙනස් උණා කියල. එහෙම උණු අවස්ථා ගොඩක් අධිකරණ ක්ෂේත්‍රයේ තියෙනවා. එතකොට අැපෑලක් දාන්න වත්කමක් නැති කෙනාට වෙන්නේ පහල උසාවියේ තීන්දුව හරි හෝ වැරදි හෝ පිලි අරන් පෝරකේට යන්න නේද? මට තියෙන ගැටලුව එහෙම තීන්දු වෙනස් වෙනවනම් ඒ කියන්නේ පහාල උසාවි වල ඉන්න විනිසුරු වැරදි තීන්දුවක් දීල තියෙනවා නම් විනිසුරු තුමාට ඒ ගැන දඬුවමක් වගකීමක් නැති එක.,,මේක අසාධාරණයි කියල හිතෙන්නේ නැද්ද..(ස)
එල්ලුම් ගහට අනිවාර්යයෙන් යවන්න ඕනෑ (නි)
මේ තරුණයාගේ මුහුණ දෙස හිත නිදහස් කරගෙන ටිකක් බලන්න. මට නම් බොහෝ දේ පෙනෙනවා.මම දන්නේ නැහැ ඔයාලටත් ඒ දේ පෙනෙනවද කියලා.මට කොහොම බැලුවත් ඒ මුහුණේ පෙනෙන්නේ බොහොම ශාන්ත, නිශ්චල, සසර ගමනේ නිසරු බව අවබෝධ කරගත් වියපත් මුහුණක්. (නි)
මේ අසරණයට දුන්න වධ ඇති.මොහුව නිදහස් කරන්න.පෙර වැරදි නැති නිසා. අධික කෝපය නිසා වුන දෙයක්. වරදක් තමා කරලා තියෙන්නේ. නමුත් අනාගතයක් තියෙන්න ඕන වැදගත් පවුලක තරුණයෙක්. අනිවාර්යෙන්ම මොහුට නිදහස ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා. (ස)
අපරාදේ! අහිංසත තරුණ ජීවිත කීයක් මෙයා නිසා අමාරුවේ වැටුණාද? (නි)
දෙවැනි අවස්ථාවක් දෙමු. අනිවාර්යෙන්ම වෙන රටක බලපෑම තියෙනවා මෙයට.අධික කෝපයකට මරණ දඬුවම ලැබිය හැකිද යන්නත් හිතල බලන්න වෙනවා.මගේ හැඟීම අවුරුදෝ 12 දඬුවම සදරනයි (දී)
තීන්දුව අතිශය සාධාරණයි (දී)
අනිවාර්යයෙන්ම මරණ දඩුවම දෙන්න ඕනෑ. නැත්නම් ඉදිරියට ලංකාවේ සෙල්ලමටත් මිනීමරන්න පටන්ගනීවි (නි)
මෙය හොදට සල්ලි තියෙන දෙමව්පියන්ගේ නෙහෙදිච්ච් පුතෙක්,හෙමදම රෑට සමාජ ශාලා වලට යන එක තමයි මෙයාගේ වැඩේ ,ඒ ගිහින් බීල ඉන්න දවසක තමයි අර කෙල්ලව ලිෆ්ට් එකේදී මෙරුවේ,,ඒ කෙල්ලගේ නංගිටත් බලපෑම් කරලා තියෙනවා,,මේ අයට එල්ලුන් ගහත් හොද වැඩියි මෙයාගේ විස්තර ඒ දවස් වල මාදියෙන් හොදට දෙම්මා,,මේ අයට කාලා තෙල වෙඩි වෙලා තමයි මේවා කරන්නේ ,,(දී)
මරණ දඩුවම ක්‍රියාත්මක වෙනවාද? (නි)
කුඩාකළේ ඉඳලම නරක යාලුවන්ගෙන් දරුවන් බේරගන්න (අ)
තීන්දුව සාධාරණයි (දී)
සමන්, වැදගත් පවුල් යනුවෙන් ඔබ අදහස් කළේ කුමක්ද? (නි)
පවු! මොනවා වුණත් ඒත් අපි වගේම මනුස්සයෙක්නේ (නි)
මෙවැනි තීන්දු සියල්ලන්ටම පොදු විය යුතුයි. (දී)
සමාවක් දෙන එක ගැන අපි පොඩ්ඩක් සළකා බලමුද? (නි)
කුම්බලා මාලු කෑවානම් දැන් විඳවන්න වෙයි (නි)
අදහස් තිබේ කොතෙකුත් මෙහි පංකාදු!.....විනිසුරු තීන්දුවකට ඇයි අරියාදු?.....නොමනා නිදහසින් ගත්තත් පල අයුතු.....මව්පියවරුන් නොවැ මෙහි වගකිවයුත්තේ! (දී)
එල්ලුම් ගස ක්‍රියාත්මක කිරීමට කාලය පැමිණ ඇත (නි)
වරදක් කළත් සිතකින්නොවේ... මොහුට සමාව දෙන්න (නි)
මේ කතාවේ අපි නොදන්නා පැත්තක් ඇති.ඒක දන්නේ මියගිය කෙනා පමණක් වෙන්න පුලුවන්.හදිසි කෝපය නිසා මේක වුණා වෙන්න බැරිද? (නි)
රෝයල් පාක් එකේ උඩ ඉඳල බිමට දාල නැද්ද? (දී)
ඉතාමත් හොඳ තීරණයක් (නි)
මම හිතන්නේ මරණ දඩුවම දුන් එක හරි (නි)
මේ පින්තුර දෙක දෙස විමර්ශනාක්ෂියෙන් බලන කොටනම් සීමා මායිම් නැති යටිපෙළ සහිත දිගු කතන්දරයක් කියනවා වගෙයි. සකිය, ඔබ අප්‍රමාදී නොවුයේ මන්ද? (ස)
මොහු ගැන දුක හිතෙනවා. එහෙත් නිතිය කාටත් පොදුයි (නදී)
අධිකරණ තීන්දුවක් විවේචනය කරන්න අපිට බැහැ.එහෙත් මීට වැඩිය වෙනස් තීන්දුවක් අපි බලාපොරොත්තු වුණා. මොහු යහපත් කල්ක්‍රියාවෙන් හිර ගෙදර ගත කළොත් ජීවිතාන්තය දක්වා හිර දඩුවමක් බවට පත් වේවි, කාලයත් එක්ක.මගේ පැතුම නම් එය එසේම වේවා යන්නයි! (නි)
බන්දුල පෙරේරා මේ ගැන විස්තර අසන ආකාරය අනුව යම් සැකයක් මතුවෙනවා (නි)
අපරාධ කොච්චර නම් වෙනවද?මොහු වරදකරු වෙන්න පුළුවන්.එහෙත් හදිසි කෝපය නිසා වෙන මේ වගේ දේවල් ගැන මීට වැඩිය තව ටිකක් කල්පනා කර බැලුවොත් නේද හොඳ? (නි)
එල්ලුම් ගස් යවන්න දෙන නඩු තීන්දු වල තේරුම කුමක්ද කියා පැහැදිලි කරනවද? ජනපති කවදාවත් පහුගිය අවුරුදු විස්ස තිහ ඇතුලත කෙනෙක් එල්ලා මරන්න නියෝග දීල නැහැ. ඇයි මේ බව දැන දැන තව දුරටත් මෙහෙම කරන්නේ. මේකට මොකක් හරි කල යුතු බව කාටවත් තේරෙන පාටක් නැහැ. (නදී)
අසෝකාගේ කවිය රංචාගොඩ ළමයාගේ කවියක් වාගේ! (නි)
උපරිම දඩුවම් දිය යුතුයි. (නදී)
මේ වගේ අයට දඩුවම් දෙන්න ඕනේ (නදී)
තීන්දුව සාදාරනයි (දී)
බන්දුල කාටද මේ දහම් පාසල් යන්න කියන්නේ. රියලැටි ෂෝ එකකට ගියාම අපේ දෙමාපියන්ගේ මුහුණුත් රූපවාහිනියේ පෙන්නනවනේ. ඔයා මහා ඉරිසියා කාරයෙක් අපේ අල්ලපු ගෙදර අය වගේ. කෙල්ල රියලැටි ගිය දවසේ ඉදල අපේ මූණ බලන්නෙත් නැහැ. මහත්තයෝ මෙයා නම් ගියේ තරුපහේ කැසිනෝ වලට. (නදී)
මේ දරුවාගේ අම්මාට මොන වේදනාවක් ඇද්ද? අද කාලේ දෙමව්පියන් වැඩියෙන් හොයලා බලන්න ඕනෑ පිරිමි දරුවන් ගැන. මටත් මේ වයසේ පුතෙක් ඉන්නවා. (නි)
සතුටුයි (දී)
කාලෙකට පස්සේ බන්දුල මහදැනමුත්තා කට හොලවල තියෙන්නේ , මිනීමරන කට්ටිය ගැන දුක නැහැ කීවට මොකද රතුපස්වල මරපු එකනම් සදාර්නිකරණය කල ඒ දවස් වල! (දී)
ස්තුති (දී)
විෂ ගෝර නාද විෂ තවරා රූපේද පැණි එහි තවරා...// නාරි ලතා පුෂ්පෙකි ස්ත්‍රී ..... නාරි ලතා පුෂ්පෙකි ස්ත්‍රී ...// (ස)
කාට බොරු කළද ඔහුගේ හෘද සාක්ෂියට බොරු කළ නොහැක (නි)
සාධාරණ තීන්දුවක් (දී)
අපිට ඕනේ බොහොම යහපත් සාමකාමී සමාජයක්. සන්ඩු සරුවල් ගහ බැණ ගනීම වගේ සමාජයේ සාමාන්‍යයෙන් සිදුවෙන සුළු සුළු දේවල්, එවැනි දේවලුත් අඩුවෙලා යනවනම් වඩාත් හොඳයි. නමුත් සාමකාමිව සාකච්ඡා කර හොඳින් විසඳා ගැනීමට තිබුණු සුළු පෙම් පටලැවිල්ලක් හෝ වෙනත් සුළු කාරණයක් තවත් කෙනෙකුගේ හෝ බොහෝ දෙනෙකුගේ ජීවිතය/ජිවිත විනාස කරන තත්වයකට යනවා නම් ඒක සමාව දිය නොහැකි ලොකු අපරාධයක්. ජූඩ් ඇන්තනි ජයමහ තරුණයා එම ක්‍රියාව කළ නිසා ඔහුට සුදුසු දඬුවම ලැබුණාය කියා මට සිතේ. (ස)
මෙතන දුක්වෙන අය තමන්ගේ කෙනකුට මෙහම උනානම් කියයි එල්ලුම් ගහට අරින්න ම කියල .(ස)
ආයුධ පෙන්වීමට ගෙනයාම සඳහා සුදුසුකම් සපුරලා නැද්ද? (දී)
මෙය සිදුවෙලා දැන් අවුරුදු දහයක් වෙනවා. නිතිය මොකක්ද අරමුණ ....මැරුන ගෑනු කෙනා දැන් කොහේ හරි ඉපදිලත් ඇති. ඇයි මේ වගේ දේවල් අවුරුදු ගණන් කල් ගන්නේ....මොකක්ද මේකේ ජනතාව වෙන, අපිට දෙන පණිවිඩේ.....වැරදි කරු නිවැරදි කරන්න.....වැරදි කරුට දඬුවම තීන්දු කරන්නත් ඇයි මෙච්චර කල් ගන්නේ...(ස)
ලංකාව ජාත්‍යන්තරව අපහාසයට ලක්වූ අවස්තාවක් (දී)
බන්දුල පෙරේරා මහතාගේ කතාව හරි. මෙවන් වැරදි කරන්න මිනිසුන් පෙළඹෙන්නේ සාරධර්ම පිළිබඳ දැනුමක් නොමැතිකමින්. දඩුවම් වෙනුවට තරුණ පිරිසට අනාගතයක් හදාගන්න පුළුවන් විදියට මේ රටේ ගුණධර්ම ළමා කාලයේ පටන් දරුවන්ට උගන්වන්න පියවර ගත්තොත් තමා වටින්නේ. හිරේට දැමීමෙන් තරුණ පිරිස විනාශ වෙනවා (නි)
ජීවිතයක් නැති කළ කෙනෙක් හිර ගේ ඇතුළේ තියාගෙන අපේ බදු සල්ලි වලින් කන්න දෙන එකට මගේ නම් කැමැත්තක් නැහැ. (නි)
එල්ලුම් ගහ ස්ථාපිත කළ යුතුයි (නි)
මට නම් මෙහෙම පුද්ගලයින් ගැන කිසිම අනුකම්පාවක් සිතෙන්නේ නැහැ (නි)
ලංකාවේ නීතිය තදින් ක්‍රියාත්මක වෙනවා නම් මෙච්චර මිනීමරුවන් බිහිවන්නේ නැහැ (නි)
මේ වගේ අයට දඬුවම් දෙන්න ඕනේ. නමුත් මීටත් වඩා රටට ජාතියට වැරදි කරපු මිනිස්සු , ඔයිටත් වඩා මිනි මරපු මිනිස්සු ඕනේ තරම් නිදහසේ ඉන්නවා. (ස)
අනිවාර්යයෙන් මොවුන් වගේ අය මරා දැමිය යුතුයි. (ස)
අපරාධ කරුවන් බිහිකිරීමට සමාජය වගකිව යුතුය යන්න මගේ හැගීමයි...මෙතන මිනීමැරීමට තරම් ප්‍රශ්නයක් වී ඇති හේතුව විදිහට මා දකින්නේ විදේශ කාන්තාවගේ අනාචාර හැසිරීම විය හැකිය...(ස)
එල්ලුම් ගහ දැන් එපාවෙලා, එල්ලන්න කව්රුත් නැහැ. විදුලි පුටුව කාටවත් පේන්නේ නැහැ. ඉන්දුව බොත්තම එබුවා. (ස)
මරන්න හොඳ නැහැ. අපේ බදු සල්ලි වලින් නඩත්තු කරන එකත් වැරදියි. වැඩ කෙරුවොත් කන්න දෙන වැඩසටහනක් පටන් ගන්න. හොඳට වැඩ ගත්තා නම් හරි. ඔහොම ඉන්න කොට තේරෙයි තමන් කරපු වැරැද්ද සහ ඵල විපාක (නදී)
වැරදී කාරයට දඩුවම් දෙන එක හරි, ඒ උනාට ලොකු ලොකු හොරු මිනීමරුවන්ටත් මෙහෙම තීරණ උසාවිය ගන්නවා නම් ලංකාව කොච්චර ලස්සන රටක් වෙයිද? (ස)
එල්ලුම් ගහට නියම කළාට එය ක්‍රියාත්මක වෙනවාද? (නි)
තීන්දුව සාධාරනයි (නි)
සියල්ල යහපත් පරිදි විසඳේවි යැයි බලාපොරොත්තු වෙමු (නි)
සම්පත් අවුරුදු 10 ක් වත් නඩුව ගෙනිච්චේ නැත්නම් පෙරකදෝරු ඇත්තෝ ජීවත් වෙන්නේ කොහොමද. (දී)
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ බලය ජනාධිපති තුමාගෙන් ඉවත් කර වෙනත් බලය ඇති කොමිසමක් වගේ දෙයකට පැවරිය යුතුයි යන්නයි මගේ අදහස . එල්ලුම් ගහ ක්‍රියාත්මක උනත් ජනාධිපති තුමා නියෝග කරන්නේ නැති නම් එල්ලා මැරිය නොහැකියි. ජේ ආර් දීපු වැරදි පූර්වාදර්ශය තවමත් අනුගමනය වනවා. නීතියන් මරණ දඬුවම නියම වූ අයෙක් හට එම දඬුවම දීම පෙර සිටි ධාර්මික රජවරුන් පවා තමන්ගේ රටවැසියාට ඉටුවිය යුතු යුතුකමක් සේ සලකා ඉටු කළ කාර්යයක්. දෙතිස් වධ කියන්නේ නිකම්ම සාහිත්‍යමය යෙදුමක් නෙවෙයි . (ස)
මමනම් හිතන්නේ අවුරුදු 19 උන අත්වැරදීමක් නිසා තව අවස්ථාවක් දන්නාඕනේ .. අනික හදිසි කෝපය නිසා උන දෙයක් (දී)
පෝරකයට යවන්න ම තමයි වටින්නේ (දී)
මොවුන්ට වහාම දඩුවම් දෙන්න ඕනේ නැතහොත් හිරේ මීට වඩා සැපෙන් ජිවිතේ ගත කරාවී (දී)
දැන් ඉතින් ජීවිත කාලයම විඳවන්නයි වෙන්නේ පුතේ (නි)
පිටබැද්දර ජයාට දෙපැත්ත මාරුවෙලා.රතුපස්වල හිටියේ මේ වගේ සුකොමල අහිංසක තරුණියක්ද? එතන හිටියේ මහා මාර්ග හරස් කරගත් සේනාවක්. එයාලට ඕනෑ විදියට එයාලට පිළිතුරු දුන්නා. (නි)
වරදක් කරා අනිවාර්යෙන්ම දඬුවම් ලැබිය යුතයි. හොඳ තීන්දුවක්. (දී)
ඉතා හොඳ තීන්දුවක් (නි)
මේ වගේ කට්ටිය අල්ලා ගන්න ඕනේ (දී)
මම නම් මේ තීන්දුවට ඇත්තෙන්ම සතුටු වෙනවා (නි)
මේ එකක් විතරයි මේ වගේ අපරාධ තව කොච්චර වෙනවා ඇතිද ? හරි නීතියක් තියෙනවානම් ලංකාවේ අපරාධ නැති කරන්න පුළුවන් (දී)
දැන් ඉතින් ඔහුගේ පැවැත්මට වියදම් කරන්නේ අපේ මහජන මුදල් නේද? (නි)
මනෝජ්-සාජා, ට වඩා කාශ්‍යප ධර්මය අවබෝධ කල කෙනෙක් වගේ. ඇත්තටම සම්මුතිය අනුව මොහුට මරණ දඬුවම දිය යුතුයි. නමුත් පරමාර්ථ වශයෙන් බලන විට එසේ මරාදැමීමට පෙර වටිනා දහම් පණිවිඩයක් දීමෙන් මේ කෙනාගේ සංසාර ජිවිතයට යහපතක් කරන්න පුළුවන් මෛත්‍රී සිතක් ඇති සත්පුරුෂයෙකුට. (දී)
ඉහල පැලැන්තියේ නයිට් ක්ලබ් සංස්කෘතියේ අවසාන ප්‍රතිපලය මේක නේද ? (දී)
නියමයි හදිසි කෝපය තියා මොක උනත් සදාචාර විරෝදිව හැසිරෙන්නේ මොකටද (දී)
තමන් වැරැද්දක් කළා නම් දඩුවම් අනිවාර්යයි (නි)
ඕනෑම හොදින් අලෙවි වන දෙයක් දැකපු ගමන් එකේ ඩුප්ලිකේට් එක ගහන එක මේ කාලේ අරුමයක් නෙමයි ටෙනිසන් මහත්තයෝ..එත් ඉතින් බලපු ගමන් දන්නා එකා දන්නවා ඔර්ජිනල් මොකක්ද ඩුප්ලිකේට් මොකක්ද කියල.ඔය "බන්දුල පෙරේරා 2014-06-09 18:59:13" මගේ අදහස් නෙමෙයි.මොනවා උනත් මේ තරුණය ගැන දුකකුත් හිතෙනවා..ඉහලයි සම්මත සමාජ පසුබිමේ දෙමව්පියන්ගෙන් දරුවන්ට ලැබෙන නිදහසේ සීමාව ඉක්මවා යාමේ ප්‍රතිපලයක් තමයි මේ..මේ තරුණයා පිලිබදව නෙමෙයි මේ සිදුවීමේදී පුදුම හිතෙන්නේ..තරුණියන් දෙදෙනා පිලිබදව..ඔවුන්ට ලැබී තිබුණු නිදහස පිලිබදව.. (දී)
ඇයි ජයා, බන්දුල අර ලංකා තිලක් නාමයෙන් පසුගියදා පෙනීහිටියේ... බවලතුන්ගේ ලැජ්ජා බය ගැන සොයන්න ගිහින් දත් කුට්ටමත් නැති කරගත්තානේ. ඔබ ඒ දවස් වල පත්තරය බැලුවේ නැද්ද? (නි)
හදිසි කෝපය නිසා මෙවනි වේදනාකාරි අත්දකීම් වලට මුහුනදීමට කාටත් සිදුවෙනදෙයක්.සැපවත් ජීවිතයක් ගතකල කෙනෙක් කොහොමද බර වැඩ කරන්නෙ?ජීවත්වෙන අපි ඔබට මෙය ආදර්සයක්. මනුස්‍යයෙක් අමාරුවෙ වටුනාම මේඅදහස් දාන ඔබ මීට වඩා සානුකම්පිත වන්න. (දී)
මේ කතාව ලංකාවේ ජනප්‍රිය සිංදුවක තිර රචනයටත් ගත්තා නේද? (නි)
මිනිමරුවන් ගැන මටත් කිසිම අනුකම්පාවක් නැහැ. තීන්දුව හරියට හරි .නමුත් සමාජයේ මේ වගේ වැරදි සිදුවෙන්නත් හේතු තියනවා. සැම දරුවෙකුටම දහම් පාසල් අනිවාර්ය කල යුතුයි. ආදරය,අවංකත්වය,විවාහය හා මීට සම්බන්ද කරුණු කාරණා ගෙන පාසල් මට්ටමෙන් අධ්‍යාපනයක් ලබා දීමත් වැදගත්. මේවා හැම ජීවිතයකටම විශයානුබද්ද කාරණා වලටත් වඩා වැදගත් කියලයි මම විශ්වාස කරන්නේ.(දී)