තාත්තාගේ අඩි පාරේ ආ රයිනි චාරුකා ගුණතිලක එහෙමත් නැත්තම් රූකාන්ත ගුණතිලකගේ වැඩිමහල් දියණිය අද වුණා. දේවස්ථානයේ ආගමික වතාවත් සමගින් ඔවුන්ගේ පවුලේ හිතවතුන් මේ සඳහා සහභාගී වුණ අතර, අමුත්තන් සහභාගී වීමට නියමිත විවාහ උත්සවය ලබන 26 වැනිදා පැවැත්වීමට නියමිතයි.
ඇමරිකාවේ අධ්‍යාපනය ලබන රයිනි ඇමරිකාවේදීම තමයි විවාහ ගිවිසගෙන තියෙන්නෙත්.
ඒ එයාගේ අවුරුදු අටක පෙම්වතා අකිල ධර්මසේන එක්ක. ආරංචියේ හැටියට ඔහුත් සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්. අකිල මීට කලින් රූකාන්තගේ බෑන්ඩ් එකේ සමාජිකයෙක් කියලත් කියනවා. දෙන්නම සංගීත ශේෂ්ත්‍රයට සම්බන්ධ නිසා ආදරේ තවත් සාර්ථක වුණා කියලා තමයි රයිනි බොහෝ දෙනා කියන්නේ.
විවාහයෙන් පස්සේ දෙන්නම ලංකාවේ පදිංචි වෙන්නත් අදහසක් තියනවා කියලා තමයි ආරංචි වලින් නම් සඳහන් වෙන්නේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd