(ඉන්දිකා රාමනායක)
සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුලූ වී එහි දේපළ වලට අනර්ථයක් සිදු කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටි වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ලබන 20 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (11) නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ මේ වගේ මෝඩයෝ. නිකන් ලැබෙන අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ගන්න බැරි හරක්. තමන්ගේ පාඩුවේ නොමිලේ දෙන අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන රැකියාවක් කරලා රටට, රටේ මිනිසුන්ට, තමාගේ පවුලේ උදවියට සහ රටේ ආර්ථිකයට උදව් වෙනවා මිසක මොනවද මේ ඉල්ලගෙන කන්නේ.... තමනුත් විනාශවෙලා රටත් විනාශ කරනවා.
අනේ මේ මහෙස්ත්‍රාත් තුමාට අනිත් නඩුත් දුන්නානම්........
ඉගෙන ගන්න අයට ඉගෙන ගන්න දෙන්නෙත් නැහැ මෙයාලා ඉගෙන ගන්නෙත් නැහැ. පන්ති වර්ජනය කරගෙන, රජයේ දේපල විනාස කරගෙන විසදන්න පුළුවන් ප්‍රශ්න නෙමෙයි මේවා. සාකච්චා මාර්ගයෙන්, චන්දෙන් විසදිය යුතු ප්‍රශ්න.
රටේ පුද්ගලික විශ්වවිද්‍යාල නැතිනම් 100% ක් ම අධ්‍යාපනය ලැබීය යුත්තේ රජයේ විශ්වවිද්‍යාල වලයි . එතකොට ඇති හැකි නැති බැරි හැමදෙනාම රජයේ විශ්ව විද්‍යාලවල පිරි යනකොට ඉඩකඩ සීමිත වෙනවා....ඉතින් පුළුවන් අයට අධ්‍යාපනය හැදෑරීමට ප්‍රමිතියකින් ඇති පුද්ගලික විශ්ව විද්‍යාල තව තවත් ඇති කල යුතුයි...මෙයින් සිදුවන්නේ නිදහස් අධ්‍යාපනයට රුකුලක් නෙමෙයිද ? මෙයන් තවත් පිරිසකට විශ්වවිද්‍යාල වරම් ලැබෙනවා නේද ? උදාහරණයක් වශයෙන් රටේ පුද්ගලික පාසල් නොමැතිව රජයේ පාසල් පමණක් තිබුණොත් කොහොම තද බදයක් ඇතිවේවිද ? මේ සත්‍යය මෙම හරක් රැලට තේරුම් ගන්න බැරිද ? මේ බොරු මෝඩ තර්ක සියල්ල දේශපාලන අරමුණක් නිසා මිස නිදහස් අධ්‍යාපනය නිසා නොවේ. අද ඇත්තට සිදුවී ඇත්තේ මොවුන් විසින්ම නිදහස් අධ්‍යාපනය කඩාකප්පල් කර දැමීමයි.
මේ අයට ආණ්ඩුව වියදම් කරන මහජන මුදල් අපරාදේ. මේවගේ ශිෂ්‍ය නායකයන් ලෝකේ කිසිම රටක විශ්වවිද්‍යාල එපා කියල පාරවල් වල පෙළපාලි යන්නේ නැහැ. වෙන රටවල ශිෂ්‍ය නායකයන් තව තව විශ්වවිද්‍යාල ඉල්ලනවා. තරුණ පරපුර විනාසයි.
මේ මහත්තයා වගේ කෙනෙක් ඉදිරි කාලයේදී රටේ නායකයෙක් වුණොත්, එක සුමානෙන් රට ගල් යුගයට ගෙනියයි!
මේ මිනිහා නිදස අධ්‍යාපනය කියන එකේ වටිනාකම දන්නැති බුරුවෙක්. ඔය පෙරටුගාමින්ට ප්‍රාදේශීය සබහ චන්දෙදි අමතක නොවන පාඩමක් උගන්වමු.. ඔවුන්කඩාකපල්කාරින් . දොස්තරලාත් ප්‍රාදේශීය සාහ චන්දෙට ආවොත් හොඳයි. ඒ ගොල්ලන්ගේ බලය බලන්ඩ.
රට විනාස කරන බල්ලන්ට සාප කරනවා.
සේවින්ග් ප්‍රයිවට් රයන්!
රයන්ට ජයලත් කෙනෙක් වෙන්න බැරි පාටයි.. නම රයන් පරාජයලත් වුනානම් හරි
මේ තරමට මේ රට පිරිහෙන්නේ මොවුන් වැනි පිරිස් නිසයි. තවත් කෙනෙක්ගේ අනසකට රටේ දේපල වලට හානි කරමින් තමන්ගේ අනාගතය ඇයි විනාස කර ගන්නේ
මෙතන රයන්ට බැනලා තියන්නේ කිසිම සදාචාරයක් නැතුව. වැස්සකටවත් කැම්පස් තියා ඉස්කෝලෙවත් ගිහින් නෑ වගේ. මේ තරම් වෛරයක් තියෙන්න මන් හිතන්නෙ කෝටියක් දීලා දොස්තරලා වෙලා. ලෙඩ්ඩු මරන් කන්න හීන මවපු අයට රයන්ලා නිසා වැඩේ බැරි වුනානේ. රයන්ලා නැත්තන් අද නුඹලා සුදුසුකන් නැති දොස්තරලා. හැබැයි රයන්ලා ලංකාවට විතරක් නෙමේ ලෝකෙටම ඔප්පු කලා සයිටම් කියන්නේ මොකද්ද කියලා. එ්කට ඔයාලට අවුල් නේද? කෝටියක් කියන්නෙ සෙල්ලන් ද? ඔයාලට අවුල් යන එක සාධරණයි.
හරි එතකොට කවුරු හරි රයන්ගේ ගෙදරට කඩන වැදිලා බඩු මුට්ටු පොලවේ ගැහුවොත් , රයන් නිකම් බලාගෙන ඉඳීවිද ? ඔය නිදහස් අධ්‍යාපනය වගේම තමයි බදු ගෙවන මිනිස්සුන්ගේ සල්ලි වලින් ගත්තු රාජ්‍ය දේපල ! වෙන රටක ඉපදුනා නම් ජීවිතේටම රජයේ රැකියාවක් කරන්න සුදුසුකම් නැති වෙනවා. තමන්ගේ මුදලින් ඉගෙනගෙන යසට ඉගෙන ගනීවි.
මෙතන ලියපු සමහරු රයන්ගේ ගෙදර උදවියද කොහෙද? මට නම් හිනා යනවා ලියලා තියන දේවල් වලට.... හරියට කන්නංගර මහත්තයාත් රයන්ට දෙවැනි වගේනේ. නිදහස් අධ්‍යාපනය කියන්නේ මොකද්ද වත් නොදැන නිදහස් අධ්‍යාපනය ගැන පෙරලි කරනවා. ඉගෙන ගැනීම මිනිසාගේ මුලික අයිතියක් . ඒක රයන්ගේ පවුලේ උදවියට සහ බන්දු මිත්‍රාදීන්ට පමණක් ලියපු බලපත්‍රයක් නෙවෙයි. මට සයිටම් ගැන කැක්කුමක් නැහැ . එත් කුහක තරුණ පරම්පරාව ගැන කනගාටුයි.
මේ වගේ අය ගැන කතා කරන්න ඔබලාගේ වටිනා කාලය වැය කිරීමත් පවක්.