විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වඳුරඹ ප්‍රචාරක රැලියකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය තමන්ගෙන් ප්‍රශ්න කිරීම පදනම් විරහිත යැයි සුළු අපනයන භෝග ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා කීය.
ඔහුගේ රියදුරු හා ආධාර කරුවන් දෙදෙනාත් සැකපිට අත් අඩංගුවට ගත් බව මුතුහෙට්ටිගම මහතා කීය.
එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන්ම වේදිකාව කඩා තමන්ගේ ආත්ම ගරුත්වය හානිකරතියි ඔහු කීවේය.
‘‘පොලිස් ආරක්ෂාව යටතේ මේ ස්ථානය තිබුණේ. අර කයිවාරු ගහන පොලිස් මාධ්‍ය ප්‍රකාශකට මම කියනවා මෙතැනට ඇවිත් බලන්න කියා. මට බොරු චෝදනා කරනවා. ඕඅයිසී මාරු කරන්න කියලා මම ඉල්ලනවා‘‘
‘‘කවුරු කොහොම කිව්වත් නමවැනිදාට ජනාධිපති වෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාම තමයි. බලන්න මම පළාත් සභා ඡන්දයේ දී මනාප 120,000ක් ගත්තා. එත් කොම්පියුටර් ජිල්මාට් දාලා මගේ මනාප අඩුකළා. මේ මැතිවරණ කොමසාරිස් තුමා එදා මැතිවරණ කාර්යාලයේ හිටියා. එතුමා හොඳින් දන්නවා සිදුවෙන්නේ මොනවාද කියා. දැන් මහින්ද දේශප්‍රිය මහතා කියනවා කම්පියුටර් ජිල්මාට් දාන්නේ නැහැ එහෙම කරන්න බැහැ කියා. නමුත් මට එහෙම කළා. 09 වැනිදාට ජනාධිපති වෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාම තමයි. “
ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෛත්‍රීපාල සිරිසේන මහතා වදුරඹ රැස්වීමකට කිසිදිනක අමාත්‍යවරයකු ලෙස පැමිණ නැති බවයි.
අපි අට වැනිදා ගාල්ලේ ඉහළම ගේමක් දෙනවා. එදාට අපේ ආසනයේ තමයි ජනාධිපතිතුමාට වැඩිම මනාප අරන්දෙන්නේ. අපි ඒවාට අවශ්‍ය සියලු දේ සූදානම් කරලා තියෙන්නේ. මේ පාර අපි වැඩි ඡන්ද ලක්ෂ 20ට වඩා මනාප අරගෙන අපි මේ ඡන්දය දිනනවා.
ජනාධිපති පැරදුණත් තව අවුරුදු දෙකක් ජනාධිපති මහින්ද රාජපක්ෂ අයියෝ සිරිසේනට සිදුවෙනවා තව අවුරුදු දෙකක් බලාගෙන ඉන්න. මෛත්‍රීට මේක දින සීයෙන් ඉවර කරන්න බැරි වෙනවා. අපේ ජනාධිපතිතුමා හයවැනි වතාවටත් දිනනවා. එතුමා ජීවත්ව ඉන්නකන් ජනාධිපති. මේ පාර අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ, මේක ප්‍රේමදාස, ජේ.ආර්, ලලිත්, චන්ද්‍රිකා , ඩී.එස්., බණ්ඩාරනායක මොඩල් නොවෙයි. දුටුගැමුණු මොඩල් එක. මේ වගේ ගුත්තිල මූසිළ සටන වගේ. ගුත්තිල පඬිවරයාට වූ දේ තමයි අපේ ජනාධිපතිතුමාට සිදුවෙලා තියෙන්නේ.
‘‘මම බස් හයක් අලුතෙන් ගත්තා 2005 කැම්පේන් එකට. ඒත් මට හයිවේ පර්මිට් එකක් නිශාන්තට දෙන්න ඕන කියන්න ජනාධිපතිතුමාට විතරයි මතක් වුණේ. මම බස් 16ක් විකුණලා තේ ෆැක්ටරි විකුණලා සල්ලි අරගෙන ජනාධිපතිතුමාගේ 2005 ඡන්දයට වියදම් කළා. ඒත් මම රුපියල් 50ක් වත් ගත්තේ නැහැ‘‘
‘‘තිස්ස අත්තනායක අපිට බැණ බැණ ඉදලා ආපු ගමන් සෞඛ්‍ය ඇමති. මෛත්‍රීපාල අවුරුදු ගාණක් කඹුරලා සෞඛ්‍ය ඇමති වුණා. මටත් ලේසියි බුලත් අතක් දීලා මෛත්‍රී ළඟට ගිහින් ඇමති කමක් ගන්න තිබුණා පනින කෙනාට තමයි හැමදාම තනතුරු ලැබෙන්නේ. යූ.එන්.පී එකෙන් ආපු අයට තනතුරු දීලා අපේ මිනිසුන්ට කැපුණු නිසා තමයි කට්ටිය පැන්නේ. ‘‘
‘‘දැන් ඉතින් අපේ සෞඛ්‍ය ඇමති තුමා හෙට අනිද්දාට යූඑන්පී කාරයන් රෝහල් වලට දාවි. එතකොට ඉතින් අපිට බුදු සරණයි. මම දේශපාලනය කරන්නේ ජනාධිපතිතුමාට ඕනකමට නෙවෙයි. මට ඕන නිසා. එතුමාගේ පිටිපස්සෙන් ගියාට අපි ශ්‍රී ලංකා කාරයෝ. කවුද මට වටිනාකමක් දෙන්නේ එතනට මම යනවා. ඒත් මම ශ්‍රී ලංකා කාරයෙක්. පක්ෂය දාල යන්නෙ නැහැ. මෛත්‍රීපාල ළඟට යන්න මට වුවමනා නැහැ. ‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නියෝජ්‍ය ඇමතිතුමා ගැන තේරුම් ගන්න පුලුවන්ද? පොලිසියටත් බනිනවා. හැමෝටම බනිනවා. මොනවා වෙලාද මන්දා? (නි)
සාධාරණයක් ඉටුවෙයි කියලා අපි බලාගෙන ඉන්නවා (නි)
මෙතුමා කියන එකෙත් ඇත්තක් ඇති නේද? මෙච්චර දේවල් ගොතලා කියන්න බැහැනේ (නි)
නිශාන්තට තේරුනා තත්වය.(නදී)
ඔබතුමා දිනය ලංවෙන කම් පනින්න එපා. මෛත්‍රී මැතිතුමාට ජයවේවා. (නදී)
මින්ස්සු චුං කළ කාලේ කියපු පිස්සු කතාවක්. දැන් මිනිස්සු බුද්ධිමත් (නදී)
මේතුමාට අන්තිමට වෙන්නේ අතින් කාළ හරක් බලපු එකාට උනදේ. දැම්මම අනිත් පැත්තට යන්න (නදී)
එයත් පිළිගන්නවා එහෙනම් පරිගණක ජිල්මාර්ට්?? (නි)
දකුණේ හොඳ නමටත් මේ අය නිගා කරනවා.(හේ)
අනේ මන්දා. චිත්‍රපටියක් බැලුවා වගේ. මුලකුත් නැහැ අගකුත් නැහැ.අන්තිමට බැලුවම මැදකුත් නැහැ. (නි)
අපේ ගමේ නමත් මේ නිසා කැතවෙනවා (නි)
මේ වැඩ වෙන්නේ කොහොමද මොනවද කියලා දැන් කටත් තේරෙනවා ඇතිනේ.(හේ)
මෙතුමා මොනවා කියවනවද මන්දා? (නි)
මෙයා මරු කියවනවා. (නදී)
මෛත්‍රීපාල මහත්තයා කිව්ව නේද ඇතුලෙ ඉදගෙන ගේම දෙන්න කට්ටියක් සෙට් කරලා තියෙන්නෙ කියලා. අද තමයි ඒක හරියට තේරුනෙ. මේවා කවුරු කලත් විපක්‍ෂයට වාසි ගෙනෙන වැඩ. යනවා යනවා කිව්වට ආණ්ඩුවෙ ඉන්න කුණුගොඩවල් ටික යන පාටක් නැහැ. සමහරක් දේශපාලනයට අරන් තියෙන්නෙ රටේ අවාසනාවට. (නදී)
ඔය හිතාගෙන ඉන්න හොර මැරකම් මේ පාරනම් කරන්න බැරිවෙයි. හැමදාම අසාදරණයට ඉඩ නැහැ. (නදී)
ඉතින් දැන් අපිට මොනවද කරන්න කියන්නේ ඔබතුමා, අර ඇතුලේ ඉදල මෛත්‍රීට උදව් කරන කණ්ඩායමකුත් ඉන්නවා කියනවනේ. (නදී)
ඔන්න පැන්නා බළලා මල්ලෙන් එළියට. (නි)
මෙයා කියනවා තමන්ගේ ස්ටේජ් එකේ ආරක්ෂාව තමංම බලා ගන්න කියලා. 1989 කාලේ මතක් වුනා මට. ඒ කාලෙත් කව්ද කිව්වනේ තම තමන්ගේ ආරක්ෂාව තම තමන්ම බලා ගන්න කියලා. ඒ කාලේ අපි පොඩි ළමයි. එ්ත් අපිට හොදට මතකයි. (අ)
ගයාන්, මම මේ ලියන්න හැදුවා විතරයි. මේ වගේ අයද අනේ මගේ රට පාලනය කරන්නේ? (නි)
කතාවේ හැටියට ඒ කියන්නේ මෙයත් අතෘප්තිකර අයගේ පැත්තේ ඉන්න කෙනෙක්. අනේ මෙයාවත් ඔය පැත්තට අරන් අරන් 9 වෙනිදට තෘප්ති මත් කරලා යහපාලනෙට ඇතුලත් කරගන්න. (නදී)
අන්තිමේදී කවුරුවත් මොකුත්ම දන්නෙ නැහැ....? (නි)