
(ටී.කේ.ජී.කපිල )
සෞදි රියාද් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට , එම යානයේ ගුවන් නියමුවා පියවර ගත්තේය.
ඒ බ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය නිකුත් කළ නිවේදනයක සදහන් වේ.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 265 දරන ගුවන් යානය ගුවන් මගීන් 215 දෙනෙකු රැගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබේ .
මෙම ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වීම නිසා යළිත් මෙම ගුවන් යානය පිටත් වී පැය එකහමාරකට පමණ පසු කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පියවර ගෙන ඇති බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
මෙහිදී සෞදි රියාද් නුවර වෙත කඩිනමින් යාමට අවශ්‍යතා ඇති ගුවන් මගීන් වෙනත් , විකල්ප ගුවන් යානා මගින් පිටත් කර හැරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය පියවර ගෙන තිබූ අතර ඉතිරි ගුවන් මගීන් පිරිස ගුවන් තොටුපොළ අසළ හෝටල් වෙත යොමු කිරීමට ද පියවර ගෙන තිබුණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරිපාල යනකොට කොරහත් බිඳගෙන එන මුරිච්චි ගලෝගෙන ගිහිල්ලා.
මේක පයිලට් ගනිපු හොඳ තීරණයක්... යන්න බැරිනම් මිනිස්සුන්ගේ ජීවිත නැති නොකර ඉක්මණින් ආපහු ආපු එක...