මෙරට උතුරු පළාතේ ජීවත් වන දෙමළ ජනතාවට සාධාරණය ඉටුකිරීම සඳහා තම රජය අඛණ්ඩව පියවර ගන්නා බව තමිල්නාඩු ප්‍රධාන ඇමැතිනී ජයලලිතා ජයරාම් උතුරු පළාත් මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් මහතාට දැනුම් දී ඇතැයි ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය ඊයේ (29) වාර්තා කළේය.
ඇය යළි තේරී පත්වීම පිළිබඳ සුබ පැතුම් එක් කරමින් උතුරු පළාත් මහ ඇමැතිවරයා යැවූ ලිපියට ප්‍රතිචාර ලෙස ඇය මේ බව ප්‍රකාශ කර ඇත.
තමන් තමිල්නාඩු මහ ඇමැතිනිය හමුවීමේ බලාපොරොත්තුවෙන් සිටින බව විග්නේෂ්වරන් කියා ඇත.
දෙදෙනාටම පහසු වේලාවක් මේ සඳහා යොදාගන්නා බව ජයලලිතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයලලිතා ඡන්දෙන් පත්වුණේ ලංකාවේ උතුරු පළාතටත් එක්කද ??? (ම)
ඒක හොඳයි දෙන්නටම පහසුවෙලාවක් යොදා ගන්න එක. (ම)
මේ රටේ පාලකයන්ට තවම මොලය පෑදිලා නැහැ .රටක් තුල යහපත් පාලනයක් තියනවා නම් .සිංහල දෙමළ/මුස්ලිම් කියල බේදයක් නැතිව කාටත් පොදු පාලන ක්‍රමයක් හදන්න ඕන.අනික එක එකාට ඕන විදිහට වෙනත් රටවල නායකයන් සමග සම්බන්දතා නවත්වන්න ඕන..වැඩිය උඩ පනිනවා නම් මහින්ද මහත්තයා කළා වගේ ඔවුන් ගෙන්නලා නෙලන්න ඕන (බ)