බණ්ඩාරගම පතහවත්ත පොකුණේ කැණිම් සහ සංරක්ෂණය අවසන් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි

 

ශ්‍රී ලංකාවේ  කබොක් ගලින් ඉදිකළ පොකුණු අතර මෙම පොකුණ සුවිශේෂි  බවත්  ක්‍රිස්තු වර්ෂ 1412 දි හයවන පාරාක්‍රමබාහු රජතුමා මෙම ස්ථානයේ  ඔටුණු පළඳා රයිගම රාජධානිය පිහිටවු බවත් රයිගම බණ්ඩාර මෙහි පාලනය ගෙන ගිය බවත් ඓතිහාසික   මූලාශ්‍රවල කියතීයි පුරා විද්‍යා අංශ කියයි

මීටර 34 දිග පොකුණ පළල මීටර හැට දෙකහාමාරකි.

මෙම පොකුණ පිහිටි  විහාරයට අයත් ඉඩම වටා මීටර දෙකහා මාරක් පමණ උස කබොක් ගලින් නිම කළ ප්‍රාකාරයක් වේ.

උයන් වත්ත වැව  හා සෘජුවම සම්බන්ධ වෙමින් පැරණි මාළිගය සඳහා අවශ්‍ය ජලය රැස් කර ගැනිමට මෙම පොකුණ ඉදිකර ඇත

පොකුණ ඇතුළත උතුරු හා බටහිර බැම්ම යා කරමින් තැනු කුඩා ලිඳකි.

විශේෂ මැටි බදාමයක් යොදා  ඉදිකැර ඇති මෙහි පතුළට  කිරිමැටි ආවරණයක් යොදා තිබේ

2013 වසරේ  කැණීම් අවස්ථාවේදි පොකුණේ නැගෙනහිර පැති බැම්මෙන් මැටි භාජනයක් හමුවි ඇති අතර 2014 වර්ෂයේදී  පොකුණ ඇතුළතින් එවැනිම තවත් මැටි භාජයනක් හමු වි ඇත

02 03(1) 04 05

01