සිය බිරියට වෙඩි තබා මරා දැමීයැයි මොටර් රථ ධාවන ශූරයකු වන සෙම්බුක්ට්ටි ආරච්චිගේ පයස් රෝහිත් ශිරන්ත ද සිල්වා මීගමුව පළාත් බද මහාධිකරණයේ පූර්වගාමී විනිසුරු ශිරාන් ගුණරත්න මහතා මරණ දඩුවම නියම කළේය.
1995 ජූලි මස 20 වැනි දා හෝ ඊට ආසන්න දිනයකදී මඩම්පැල්ල සිය නිවසේ නිදා සිටි ඉනෝකා ඩෙල්රින් සෙලෙස්තිනා ද සිල්වා මහත්මියට වෙඩි තබා මරා දැමීයැයි නීතිපතිවරයා විසින් අධිචෝදනා නගා තිබිණි.
රාත්‍රී කාලයේ නිවසට ඇතුළුවූ සොරුන් දරුවා සමග නිදා සිටි බිරියට වෙඩි තබා පලා ගිය බවට සැමියා මුලින් පොලිසියට පැමිණිලි කර තිබිණි.
ඔහු අනභිමුඛයේ නඩුව විභාග විය. මෙම නඩුව විභාගවන අතරදී සාක්කිකරුවෝ 15 දෙනෙක් සාක්කි දුන්හ.
රජයේ නිතිඥ තුසිත් මුදලිගේ මහතා පැමිණිල්ල මෙහෙයවීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරදට දඩුවම් දියයුතුයි (ත)
සුජීව ඔයත් දේශපාලනය කරන්න බලාපොරොත්තුවක් තියෙනවද ? (අ)
මෙයා රටේ නෑ වගේනේ (අ)
මෙයා අර අහවල් ඇමතිගේ ළගම නෑදෑයෙක්. බලන්න මෙයා ලස්සනට නිදහස් වෙන්නෙ නැද්ද කියලා (නි)
දාහක් මැරුවත් මට දුක නැහැ.තමන්ගේම ගෑනි මැරු එක අන්තිම නරකයි. (නි)
මේ කතාවෙත් ගන්න දෙයක් තියෙනවා , හැබැයි මෙහෙමවත් ඉදලා හිටලා වත් වරදට දඬුවම් නොකලොත් මේ රටත් චිකාගෝ වෙලා තමයි නවතින්නේ. අනික තමයි මිනීමැරුම් නඩු වලට තීන්දුව දෙන්න ගන්න කාලය බොහොම වැඩියි. මතකනේ ඉන්දියාවේ වෛද්‍ය සිසුවිය කෙලෙසා මරා දාපු නඩුව. බොහොම ඉක්මනට අහල දඬුවමත් තීන්දුවට ප්‍රකාශ කලා.(නදී)
වරදට දඬුවම ! (ස)
වරදට දඩුවම් දියයුතුයි (නි)
අල්ලයි වල්ගේ.(නදී)
ඒ කියන්නේ එයා රටෙත් නැද්ද? (නි)
වෙරදී කරපු උන් නිදහසේ.උන් මිනිමරපුවම උසස් වීම දෙනවා.ඇමති පට්ටම් දෙනවා.පොඩි මිනිස්සුන්ට හෙමදම දුක තමි.නිතිය හෙමොටම එක සමාන වෙන්න ඕනේ (අ)
ජයා, මේ නීති දේශපාලඥයන්ට වලංගු නැති එක නොවැ ප්‍රශ්නේ. ජයාට,මට රටේ නීතිය ක්‍රියාත්මක වේවි අකුරට. ඒත් ඉතින් 3,4 මරලත් ඔය ඉන්නේ යස අගේට සමහරු (නි)
අපිට තව අවුරුදු 10 ක් 15 ක් බලන් ඉන්න වෙනවා තීන්දුව දෙනකම්.(නදී)
වරුණ, මේකට තව මෙහෙම එකතු කරමු. 3,4 මරලත් ඔය සමහරු ඉන්නේ යසට, ඉහළ නිලතල ලබාගෙන (නි)
දැන් ඉතින් මරණ දඩුවම දුන්න කියා මරනවාද? ඔය මිනිමරුවා තියාගෙන තවත් සාත්තු සප්පායම් කරමින් ජිවත් කරන එකනේ කරන්නේ.(නදී)
වරුණ, ඔය වගේ පුද්ගලයෝ නිසා තමා අපේ මේ සුන්දර රට ප්‍රපාතයට යන්නේ. ඔයි දන්නවනම් 3 - 4 මිනි මරපු දේශපාලකයෝ ඔයි ඒක හෙළි කරන්න. නිකම් බොරුවට කතා කරන්න එපා දේශපාලකයෝ පිළිබදව. ඔයා වගේ පුද්ගලයෝ නිසා තමා අවංක පුද්ගලයෝ දේශපාලනයට අවතීර්ණ නොවන්නේ. (නි)
අපේ රටේ නීතිය ගැනනම් කිසිම පැහැදීමක් නැහැ,තීන්දු දෙනවිට වසර 15-20 ගිහින්. (නි)
පොරෙකෙට ගියත් අපේ සල්ලිවලින් කාල බීල උපරිම කාලය ජිවත් වෙලා මැරෙන්න පුළුවන් සුපිරි දිවයිනක් මේක.මිනි මැරුම් වැඩි වෙන්න හේතුව එකයි. (අ)
සුජීව,ඔයා කොහෙද ඉන්නේ.වරුණ කියන දෙය ගැන කල්පනා කරලා බලන්න,ඔයා නිකන් බොරුවට දේශපාලකයෝ වෙනුවෙන් කතා කරන්න එපා. (නි)
තමුන්ගේ නෝනා, දරුවාගේ අම්මා මරන්නේ මොන හිතකින්ද? එපානම් අත්හැරලා දැම්මා නම් ඉවරයිනේ. දැන් කාපන්කෝ හිර බත්. අනේ රටට ගිය කලක්! ඉස්සර කිවුවේ ලෝකෙන් උතුම් රට ලංකාව කියලා, දැන් අන්තිම නරක රට ලංකාව. (නි)
සුජීව ඔයා බබා වෙන්නේ තාම දෙකේ පන්තියේද ඉන්නේ. මාලිගාවක මිනි මයිනර් එකක් තියෙන නිලමේ තුමාගෙන් ඇහුවානම් ඉන්න තැනක් දැනගන්න තිබුනනේ. බයිලා තමයි මෙව්වා (අ)
නඩුවට ගත් කාලය නම් හොදටම වැඩියි (නි)