IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රිය අනතුරුවලින් මාස හතරට 564ක් මිය ගිහින්

(ඉන්දිකා රාමනායක)

2023 වසරේ මේ දක්වා දිවයිනපුරා සිදු වු මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 564  දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

ජනවාරි මස 01 දින සිට  අප්‍රේල් 09 දක්වා කාලය තුළ සිදු වු මාරක රිය අනතුරු 534 න් මෙම පිරිස මියගොස් ඇති බවද හෙතෙම පැවසීය.

මෙම අනතුරු වලින් ඉහත පිරිස මියයාමට අමතරව 1345  දෙනෙකු  බරපතල  තුවාල ලබා ඇති බවත්, තවත් 2446  දෙනකු   සුළු තුවාල ලබා ඇති බවත්  පොලිස් මධ්‍ය ප්‍රකාශකවරයා කීය.

ගත වු  දින 5 ක කාලය තුළ පමණක් සිදු වු මාරක රිය අනතුරු 21 න්  පුද්ගලයන් 25 දෙනෙකු මියගොස් සිටි බවද හෙතෙම කීය.

රිය අනතුරු වලින් සිදු වු මරණ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශයේ දී රිය අනතුරු වලින් දිනකට  පුද්ගලයන් 10-5 අතර  පිරිසක් මිය යන බවද හෙතෙම කියා සිටියේය.

මෙය ඉතාමත් අවසනාවන්ත තත්ත්වයක් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

බොහොයමක් අනතුරු වලින් සියයට 90 සිදුව ඇත්තේ  රියදුරාගේ සහ පදිකයාගේ නොසැලකිල්ලෙන් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකතවරයා කීය.

නොසැකිලිමත්කම, බීමත් කම,අධික වේගය, මාර්ග නීති උල්ලංඝනය කිරීම හා පදිකයන් නොසැලකිලිමත් කමින්   පාර හරහා ගමන් කිරීම හේතුවෙන් මෙම බොහොමයක් අනතුරු සිදුව ඇති බවද   හෙතෙම කීය.

බීමත්ව වාහන පැදවීම් , වේගයෙන්  රථ පැදවීම,  සිදු නොකළ යුතු බවත්,, වාහන පැදවීමේ  රථවාහන නීති  ආරක්ෂා කරමින් මාර්ගයේ ගමන් ගන්නා වාහන හා පදිකයන්ගේ  ආරක්ෂාව සම්බන්ධයෙන් අවදානයෙන් යුතුව කරන ලෙසට සියලු  රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.  



අදහස් (0)

රිය අනතුරුවලින් මාස හතරට 564ක් මිය ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site