( උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )
කලවාන රත්නපුර මාර්ගයේ අද (09) හගරංගල ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් දරුවන් පස් දෙනෙකු තුවාල ලබා කලවාන මූලික රෝහලට ඇතුළත් කර ඇති බව කලවාන පොලිසිය පැවසීය .
කලවාන හගරංගල ප්‍රදේශයේ බස් නැවතුම්පොළක රැදී සිටි දරුවන් පස් දෙනෙකු මෙලෙස තුවාල ලබා ඇති අතර රත්නපුර සිට වේගයෙන් පැමිණි කාර් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුරු සිදු වී ඇති බව කලවාන පොලිසිය පැවසීය .
ෙතුවාල ලැබු දරුවන්ගේ තත්ත්වය බරපතළ නොමැති බව කලවාන මූලික රෝහල පැවසීය . අනතුර සම්බන්ධයෙන් එම කාර් රථය පැදවූ රියදුරා කලවාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .
සිද්ධිය සම්බන්ධයෙන් කලවාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් .එම්.ඩබ්ලිව් හේරත් මහතාගේ උපදෙස් මත කලවාන පොලිසියේ රථවාහන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
රිය අනතුරින් බස් නැවතුමේ සිටි දරුවන් 5ක් රෝහලේ
ගමේ එකාලා Sunday, 09 July 2023 02:08 PM
ලංකාවේ රිය අනතුරුවලින් නම් අඩුවක් නැහැ. මේවාට විසඳුමක් ඇත්තේම නැද්ද?