
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
දොඩංගොඩ රේන්ද පොල ප්‍රදේශයේදී ත්‍රී රෝදය රථයක ගැටීමෙන් එකම පවුලේ ලාබාල වයසේ පසුවන සහෝදරියන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව එක් දැරියක් මියගිය බව දොඩංගොඩ පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු නවයක දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචි දැරියකි. අවුරුදු 14 ක අනෙක් දැරිය නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.
කලුතර මතුගම ප්‍රධාන මාර්ගයේ රේන්ද පොළ ප්‍රදේශයේදී දැරියන් දෙදෙනා වෙළඳසැලකට යාම සඳහා මාර්ගයේ ගමන් කරමින් සිටියදී කළුතර දෙස සිට මතුගම දෙසට ධාවනය වූ තීරෝද රථයක ඉදිරිපස ගැටීමෙන් මෙම අනතුර වී ඇති බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ බොහොමයක් වාහන අනතුරු වලට යතුරු පැදි හා ත්‍රීවීලර් හේතුවක් වෙනවා ඒත් වාහන ආනයන සීමා ලිහිල් කිරීමේදී ත්‍රීවීලර් ආනයනය කරන්න අවසර දෙන්න සූදානම් බව අහන්න ලැබුණා මේ වාහන එක් අතකින් ජීවිත හානි කරද්දී තවත් අතකින් තරුණ ශ්‍රමය නිකරුණේ මහාමාර්ගවල නාස්ති වෙනවා ඇත්තටම මේ අනතුරු දායක වාහන ගෙන්වීම නවතන්න බැරිද