(ජේ.ඉඳුරුවගේ)
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අයත් බස් රථයක් සහ මෝටර් රථයක් සෙනසුරාදා රාත්‍රී 11.20 ට පමණ හෝමාගම හයිලෙවල් මාර්ගයේ නාවින්න හන්දියේදී මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ අනතුරකින් බස් රථයේ ගමන් ගත් විශ්ව විද්‍යාල සිසුන් 19 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
තුවාල ලැබූවන් කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බවත් ඉන් බරපතල තුවාල ලබා සිටි එක් සිසුවකු පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ බවත් පොලිසිය පවසයි.
අනතුරට ලක්ව ඇත්තේ තලංගම ප්‍රදේශයේ තිබු වැඩමුළුවකට සහභාගිවී ආපසු විශ්ව විද්‍යාලයට ගමන් කරමින් සිටි සිසුන් 65 දෙනෙකු රැගත් බස් රථයකි.
අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරා අත් අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වන බව හෝමාගම පොලිසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් මේ කතාව අන්තෝ ජටා බහි ජටා වගේ. හයි ලෙවල් පාරේ හෝමාගම කොහේද? නාවින්න කොහෙද? තලංගම ඉඳන් ගංගොඩවිල යන කෙනෙක් නාවින්න හරහා යන්නේ පරංගියා කෝට්ටේ ගිය හැටි පෙන්වන්නද? නාවින්න අයිති මහරගම පොලිසියට මිසක් හෝමාගම පොලිසියටද? කොහොම වුණත් හැමෝටම ඉක්මන් සුව...
සාමාන්‍යයෙන් බස් එකක් කාර් එකක හැපුණා ම බස් එක පෙරලෙන්නේ නැහැ. වෙන්නේ කාරය කුඩු පට්ටම් වීමත්, බස් එකට යම් සුළු තුවාල සිදුවීමත් මේ විදිහට බස් එක පෙරළුනේ බස් එක අධිවේගයෙන් පැමිණීම නිසා රියදුරුට බස්රථය පාලනය කරගන්න බැරිවීම නිසා වෙන්න පුළුවන්...