අම්බලන්ගොඩ ගම්මැද්දෙගොඩ අනුන්ගේ නිවසක රඹුටන් කැඩු බව කියන තරුණයකු හා ඔහුගේ පියා විසින් එල්ල කළ මුරුගු පහරක් නිසා නිවෙස් හිමියා අම්බලන්ගොඩ දිසා රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මිය ගිය බව පොලිසිය පවසයි.
අම්බලන්ගොඩ ගම්මැද්දෙගොඩ අනුන්ගේ නිවසක රඹුටන් කැඩු බව කියන තරුණයකු හා ඔහුගේ පියා විසින් එල්ල කළ මුරුගු පහරක් නිසා නිවෙස් හිමියා අම්බලන්ගොඩ දිසා රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මිය ගිය බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රඹුටන් කඩන්න ගහපු පොල්ල වැදෙන්න ඇත්තේ. හිතලා ගහන්න නැතුව ඇති.(හේ)
පොඩි දේටත් අපේ මිනිස්සුන්ට ඉක්මන් කෝපය ක්‍රියාත්මක වෙනවා ඒක තමා විනාසෙට මුල. (ර)
ආණ්ඩුවෙි බෝඩිමෙි කලක් නොමිලේ ආහාරපාන ලබාගෙන පසුව සාක්ෂි හොඳමදි කියලා නිදහස් වෙන එකනෙ තියෙන්නේ.(ම)
මිනිස්සු දන්නවා නීතියෙන් දැන් ගැළවිලා යන්න පුළුවන් කියලා. ඒකනේ අනුන්ගේ වත්තට පැනලා හොරකම් කරනවා මදිවට මරලත් යන්නේ. ඉස්සර හොරු බල්ලෙක් බිරුවත් පැනලා දුවනවා (නි)
පොඩි ප්‍රශ්නයක්නේ මේ දුරදිග අරගෙන ගිහින් තියෙන්නේ.(හේ)
මෙහෙමත් නරුම මිනිස්සු (ම)
පව් දුප්පත් මනුස්සයෙක් මැරිලා තියෙන්නේ, රටේ නිතිය තද නැති එක තමයි ඔක්කොටම හේතුව මොකද මිනිහෙක් මරපු කෙනා අවූ 5 කින් නිදහස් , ජනපතිතුමනි එල්ලූ ගහ නැවත ගේන්න. (ම)
අනේ පවු! අසරණ මිනිසුන් වග නිවසින් පෙනෙනවා. මහන්සියෙන් තමන්ගේ දෑතින් හදාගත් ගහක ඵලදාව පමණයි ඒ මිනිසුන්ට තිබී ඇති එකම ධනය.ඒකටත් හෙනහුරෙක් පැනලා ජීවිතෙත් උදුරාගෙන ගියේ හරිම අවාසනාවන්ත විදියට නේද? මේවා මේ අයුරින් සිදුවෙන්නේ මිනිසුන්ගේ පිරිහීම නිසයි. ඇයි අපේ රටේ අනුන්ගේ දේවල් වලට කෑදරකමින් මෙතරම් අනුගේ දේවල් වලට අතතියන්නේ? මිනිසුනේ, වැදගත් විදියට ජීවත්වෙනවා කියන්නේ දැහැමිව කිසිවෙකුට කරදයක් නැතුව ජීවත්වෙන එක. දිවි අහිමි වූ අසරණයාට නිවන් සුව ලැබේවා..!!! (නි)
කතාවට ගියාම ලෝකෙම සුන්දර හිතකාමී මිනිස්සු ජීවත් වෙන්න හොඳම රට කියන්නේ.රඹුටන් ගෙඩියට මිනි මරන්න මොන තරම් මිනි මරු හිතක් ද ? (ම)
දුප්පතාගේ පාත්තරේට කියනවනේ හෙණහුරා කඩාපාත් වෙන්නෙත් (නි)
අනිවාර්යයෙන්ම ඔය දෙන්නා එල්ලලුම් ගස් යවන්න ඕනේ.(ම)
හැම දෙයක් පිටි පස්සෙම තියෙන්නේ මිනිස්සුන්ගේ දුප්පත්කම (ම)
පොඩි දේකටනේ මේ මිනි මරා ගන්නේ.(හේ)
පන්සිල් පද පහ නොරකින සමාජයේ කවුරුත් තැවීමට පත්වනවා..ඒ අතරින් අන්සතුදේ ගැනීම ගැනීමට තැත් කිරීමේදී සිදුවන අහිතකර දේවලින් සිදුවනදේ බලන්න..අන්සතුදේ සොරා ගැනීමේන නිතරම තමන්ගේ සිතට අසතුටක් ගෙන දෙනවා (ම)
කොහොමත් දැන් ගම් පැතිවල ඉන්නේ තිරිසනුන්ටත් අන්ත මිනිස්සු නේ (ම)