කොළඹ සිට මාතලේ බලා ගමන් කරමින් තිබූ දුම්රියක් ඉහළ කෝට්ටේ හා බලන අතර අද (17) පස්වරු 1ට පමණ පීලි පැන ඇතැයි දුම්රිය පාලන කාර්යාලය පවසයි.
මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ සිට රඹුක්කන දක්වාත් බදුල්ලේ සිට කඩුගන්නාව දක්වාත් සීමා කර ඇත. මේ අතර අද රාත්‍රී 8 ට කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියද බදුල්ලෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබූ කොටුව රාත්‍රී තැපැල් දුම්රියද අවලංගු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම වැසි සහිත කාලගුණය මෙයට හේතුවයි. (ර)
දේශපාලකතුමෙකුගෙන් ඇහුවා නම් කියාවි කොහොමද මෙතනට මහින්දව ගළපාගන්නේ කියලා. (නි)
දෙවියෝ වුණත් දෙනකොට ඇත දිගහැරලා දෙන නිසා දැන් අපිට වැස්සෙන් කරදරයි. බලය තියෙන වෙලාවේ මහින්ද හරියට රට පාලනය කළා නම් අපිට මේ කරදර නැහැනේ. (නි)
ධම්ම මටත් හිතුනේ ඕකමයි.. (ර)
අපේ දුම්රිය සේවය හරියට මියන්මාරයේ දුම්රිය සේවය වගේ වෙලා. (ර)
අපේ රට වැසියන්ට සිදුවෙලා තියෙන මේ විපතේදීවත් උලවූ දේශපාලනය ගාව ගන්න එපා. අවස්ථාවාදී වූ හිතක් පපුවක් නැති නොමිනිසුන් තවමත් අපේ රටේ ජිවත් වෙනවනේ. මේ විපත වුණේ පොදුවේ හැමෝටමයි. (බ)
යහපත් කාලගුණය හේතුවෙන් සිග්නල් නැති වෙන්න ඇති. (ර)
අමිලා, පිලි පනින්නේ සඥා වරදක් නිසා නොවෙයි .මාර්ගයේ පවතින පිලි ගැටළුවක් නිසා. අනික මා දන්නා තරමින් මේ හරියේ දුම්රිය ගමන් කරන්නේ "ටැබ්ලට්" ආධාරයෙනි (බ)
නයෝමි හරි. එ්ත් දම්ම එහෙම කියන්න ඇත්තේ මේ රටේ නරක දේවල් හැම එකටම මහින්ද ගාව ගන්න නිසා වෙන්න ඇති. (බ)
දම්මි, මහින්ද මහතා හිටියා නම් ඔය කිසිම ආපදාවක් එන්නෙත් නැහැ, සියල්ල සතුටින් කෙරීගෙන යනවා. නේද? (නි)
මේවා ඉතින් අපිට හුරුපුරුදු කරදරනේ! (නි)
හැමදාම මේ රටේ මිනිසුන් දුක්විඳිනවා. (නි)
මම මේ කල්පනා කළේ මහින්ද මේකට ඈඳලා කොමෙන්ටුවක් ලියන්නේ කොහොමද කියලා (බ)
ධම්ම, ඔයාට මහිදගෙන් තොර ලෝකයක් නැද්ද ? (අ)