රාමසාන් උපවාස මාසයේ දි ආරාබියේ වෙසෙන ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාවට විශේෂ ස්ථානයක් හිමිව ඇත. සෞදියේ නැගෙනහිර පළාතේ රාමසාන් උපවාසය අතහැරීමේ මධ්‍යස්ථාන කිහිපයක ම ශ්‍රී ලාංකික සහ ඉන්දියානු ජනතාව නියෝජනය කරමින් මූළිකත්වය ගෙන කටයුතු කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකික මව්ලවිතුමන්ලාට හිමිව ඇත.
ප්‍රධාන නගරයක් ලෙසින් සැලකෙන දමාම් නගරයේ උපවාසය ඇත හැරීමේ මධ්‍යස්ථානයේ ධර්මදේශනා සහ අනිකුත් කටයුතු භාරව බිබිලේ මවුලවි මොහොමඩ් අසිස් මහතාද ක්‍රියා කරන අතර අල් කොබාර් උපවාසය ඇත හැරීමේ මධ්‍යස්ථානය භාරව බදුල්ල මොහොමඩ් අසාර් මවුලවි තුමාද අල් හසා ප්‍රදේශය භාරව අලුත්ගම සෆ්රාඩ් මවුලවි තුමාද ජුබෙල් මධ්‍යස්ථානය භාරව කැකිරාවේ ශාමින් මවුලවි තුමාද ශ්‍රී ලාංකික සහ ඉන්දියානු තමිල්නාඩු ජනතාව වෙනුවෙන් ධර්මදේශනා සහ අනිකුත් කටයුතු වෙනුවෙන් සම්බන්ධීකරණය කරයි .
මේ පිලිබදව මාධ්‍යට අදහස් දැක්වූ දමාම් ජවාසාත් උපවාසයෙන් මිදීමේ කදවුරහි ශ්‍රී ලාංකිකයින් සහ ඉන්දීය ද්‍රවිඩ ජනතාව භාරව කටයුතු කරන මොනරාගල බිබිලේ අසිස් මවුලවි තුමා ප්‍රකාශකළේ කිසිදු බේදයකින් තොරව ලෝක වාසි සියලු ජනතාව මෙම මධ්‍යස්ථානයට පැමිණ සහයෝගය ලබා දීම සදහා ආරාධනා කරන බවත්ය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ග්‍රීස් යකා සිට දර්ගා නගරය දක්වා පසු ගිය රජය සැම රාමදාන් මාසයේම ලංකාවේ මුස්ලිම් වරුන්ට ප්‍රශ්න ඇති කළා.මෛත්‍රී පාලනයක් යටතේ ශ්‍රී ලංකා වාසී සියලු මුස්ලිම් ජනයා නිදහසේ උපවාසය අාරම්බ කළ අතර නිදහසේ රාත්‍රී නමස්කාර වලට සහභාගී වීමේ වරම ලැබී තිබෙනවා. නව රජයට මගේ උත්තමාචාරය. (බ)
මටත් හරි ආසයි මේවා කියවනකොට (නි)
ඔව් රිස්වාන්, මමත් කොළඹ ජීවත්වන්නේ මුස්ලිම් සහෝදරයන් සමඟයි. පසුගිය කාලයට වඩා අපි සැහැල්ලුවෙන් අපේ කටයුතු වල යෙදෙනවා (නි)
මමත් ඉන්නේ සෞදි වල. මට ඔවුන් සම්බන්ධ කර ගැනීමට ක්‍රමයක් නැහැ (නි)
අතිගරු ජනපතිතුමාට මේ රාමසාන් කාලයේ අපේ උත්තමාචාරය! (නි)
සුබ රාමසාන් මංගල්‍යයක් වේවා !!! (බ)
දුරු රටක සිටියත් අපි සිතින් ඔබ ළඟයි (නි)
ලංකාදීපයට ස්තූතියි! (නි)
අපගේ අතිගරු ජනපතිතුමාට ස්තූතිකරමු සාමකාමී රටක් නිර්මාණය කරන්න ගන්නාවු උත්සහායට. සුබ රාමසාන් මංගල්‍යයක් වේවා...! (බ)
මම අත්දැකීමෙන්ම දන්නවා මෙහි තත්ත්වය (නි)
ඔබට සුබ රාමසාන් දිනයක්! (නි)
යහපත් සිතිවිලි ඇත්නම් හැමදේම හොඳින් සිදුවේවි. එසේම වේවා! (නි)
සුබ රාමසාන් මංගල්‍යයක් වේවා! (නි)
සැමට ආගම නිදහසේ අදහන්න ඉඩ දෙන එක ඉතා හොඳයි. අනුන්ට කරදරයක් නැති නම් වෙන මොනවද ? (නි)
නිදහස් වාතාවරණයක් උදාකළ අල්ලාහ් දෙවිඳුට සහ ජනාධිපතිට මේ රාමසාන් කාලයේ අපේ උත්තමාචාරය! (නි)
කාත්තන්කුඩි පල්ලිය ඇතුලේ 150ක් මැරුවා නේද? අනේ දෙවියිනේ (නදී)
ඔවු දැන් සෞදි රජයේ වැඩියෙන්ම අවදානය ඇත්තේ ලංකාවේ අය ගැන තමයි. එ්ක අපේ ඉන්න පාලකයන්ටයි සමහරක්ටයි තේරෙන්නේ නැහැ (නදී)