(ජේ.කේ.එල්. චාමින්ද , රවිලියනගේ සහ සිරංගිකා ලොකු කරවිට)

හිටපු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ නිවස ඉදිරිපිට ද  අද (04) පස්වරුවේ විරෝධතාවයක් පැවැත්විණි. 

ආණ්ඩුවට හා හිටපු ඇමතිවරයාට විරෝධය පලකරමින් රැස්ව සිටි විරෝධතාකරුවෝ ‘ජනාධිපතිවරයා වහා  ගෙදර යනු‘ ආදි සටන් පාඨ ද කියමින් නිවස ඉදිරිපිටදි විරෝධතාවයේ නිරතවුහ.

මෙම විරෝධතාවය නිසා ගාල්ල කිතුලම්පිටිය  මාර්ගයේ රථවාහන ගමනාගමනයට ද බාදා එල්ල විය. 

හිටපු ඇමතිවරයාගේ නිවසේ ගෙට්ටුවසා දමා තිබු අතර පොලිස් ආරක්ෂාව ද යොදවා තිබුණි.

විරෝධතාකරුවන් හිටපු ඇමතිවරයාගේ නිවස ඉදිරිපිට විරෝධය දැක්විම සදහා පැමිණිමින් සිටින අතරතුර රාජ්‍ය ඇමති මොහාන් පි ද සිල්වා මහතාගේ නිවස ඉදිරිපිටද විරෝධතාවයේ නිරතවුහ.

(ඡායාරූප: ජේ.කේ.එල්. චාමින්ද)

(ඡායාරූප: සිරංගිකා ලොකු කරවිට)