රෝමයේ ශ්‍රී ලංකා තානාපති අසිත පෙරේරා මහතා 20 වැනිදා සිය සේවය අවසන් කරන බවත්, එහි වැඩබැලීමට සුදුස්සකු හැකි ඉක්මණින් යවන බවත් විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා කියයි.
සිය රාජකාරි ලබන 20 වැනිදා අවසන් කරන බව අසිත පෙරේරා මහතා ද ලංකාදීප එසෑණට පෑවසිය.
‘ඉතාලිය කියන්නේ මැදපෙරදිග හැරුනාම අපේ රටට විදේශ විනිමය ලැබෙන යුරොපයේ ප්‍රධාන රටක්. එවැනි රටවල ඉන්න ශ්‍රි ලාංකිකයන් දුක් මහන්සි වෙලා එවන සල්ලි වලින් තමයි අපි වෑටුප් ලබන්නේ. ඒ ගැන අපි නිතර හිතන්න ඕනෑ. තානාපති කාර්යාල ආශ්‍රිතව පවතින මේ ගෑටළු ඉක්මනට විසදිය යුතුයි. විදේශ ඇමතිඅතුමාත්, නියෝජ්‍ය ඇමැතිතුමාත් ඉතාලියේ තානාපති කර්යාලයේ පවතින වර්ථමාන තත්ත්වය පිළිබඳව හොඳ අවබෝධයකින් ඉන්නේ. නියෝජ්‍ය ඇමැතිතුමාගේ ගමේ හිතවතුන් ගොඩක් ඉතාලියේ ඉන්නවා. පවතින තත්ත්වය පිළිබඳව එතුමා දැඩි කළකිරිමකින් ඉන්නේ. අපි ඉක්මනින් මේ ප්‍රශ්නය විසදනවා.
ලංකාදීප එසෑණ පුවත් මගින් තානාපති කාර්යාලයේ ගොඩක් දේවල් අනාවරණය කරනවා. මම ඉල්ලා සිටින්නවා පිළිගත හැකි තොරතුරු අපිට ලබා දෙන්න කියා. ඒ අනුව වැරදි කරන නිළධාරින්ට එරෙහිව විනය ක්‍රියාමර්ග ගන්න මට පුළුවන්. ‘ යනුවෙන් විදේශ ලේකම් වෑඩි දුරටත් එසේ පෑවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටක වැදගත්ම අංශයක් තමයි මේක (දී)
ඉක්මනින් පත් කරන්න ..(දී)
කල්පනා කරලා බලලා හොද කෙනෙක් පත් කරලා යවන්න (දී)