කොත්මලේ රම්බඩ ඇල්ලේ තේවත්තේ කොටසක් නාය යෑමෙන් මියගිය ගණන මේවන විට හත දක්වා ඉහළ ගොස් ඇතැයි දිස්ත්‍රික් ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය කියයි. එක් අයකු තුවාල ලබා ඇත. පෙරදින සිට ඇති වු තද වස්සෙන් පසුව ඊයේ සවස මෙම නාය යෑම සිදුවිණි. තවදුරටත් නාය යෑමේ අවදානමක් ඇති නිසා එම වත්තේ පදිංචි පවුල් 38කට අයත් 138 දෙනෙක රම්බඩ හින්දු විද්‍යාලයයේ තාවකාලිකව නවතැන් ගෙන සිටිති. දින දෙකක් පමණ පැවති තද වර්ෂාව අද පෙරවරුව වන විට තරමක් දුරට අඩු වී ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd