යම්කිසි සිද්ධියකට චෝදනා ලබන දේශපාලනඥයින් සහ ප්‍රභූවරුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව බන්ධනාගාරය රෝහලට රැගෙන යාම අසාධාරණ බැව් ආයෝජන ප්‍රවර්ධන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.
අධික දියවැඩියාව, රුධිර පීඩනය, කොලෙස්ටරෝල් යැයි කියමින් මෙවැනි විශේෂ පුද්ගලයන් බන්ධනාගාර රෝහල් වෙත යොමු කළ ද, චෝදනාවලට ලක්වන සාමාන්‍ය පුද්ගලයකුටත් එවැනි රෝග තිබුණද ඔවුන්ට මෙම වරප්‍රසාද නොලැබෙන බව ද නියෝජ්‍ය ඇමැති කීවේය. එය සාමාන්‍ය පුද්ගලයන්ට කරන අසාධාරණයක් බව ද හෙතම පැවසීය.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා රිමාන්ඩ් බාරයට පත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර රෝහලටත්, එතැනින් ජාතික රෝහලේ ගෙවන වාට්ටුවකටත් යොමු කිරීම ගැන මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහේ හිටියත් ඉන්නේ රිමාන්ඩ් භාරයෙනේ (බ)
කාටවුණත් එහෙ යන්ට සිද්ධවුණොත් අනෙක් කට්ටිය වගේම ලෙඩ න බව අපි දන්නවා. (නි)
කොච්චර හොරකම් කලත් ඔක්කොම ප්‍රභූ වරුන්ට අන්තිමට හිරගෙදරදී දුප්පත් අයට පිහිට වෙන ආණ්ඩුවේ ඉස්පිරිතලෙන්නේ බෙහෙත් ගන්න වෙන්නේ. වෙනසකට තියෙන්නේ හොඳම බෙහෙත් පිටින් ගෙනල්ල දෙන්න ඒ අයට වත්කම තියෙනවා.(ස)
ඉතාමත් හරි සාමාන්‍ය පුද්ගලයන්ට කරන බලවත් අසාදාරනයක් තමයි...එහෙනම් මොවුන්ගේ මේ අසනීපය ඇත්තද කියා දොස්තර පරීක්ෂණයක් කර එය බොරුවක් නම් එයටත් චෝදනා ගොනුකළ යුතුයි ...මහජන මුදල් අයතා ලෙස පරිහරණය කර තිබෙන මොවුන් වෙනුවෙන් පෙළපාලි, උද්ඝෝෂණ කරන සියල්ලෝම දෙනගන්න ....ඔබලා මේ කරන්නේ දේශද්‍රෝහී ක්‍රියාවක් කියලා...... (ස)
පපුව අමාරුවේ රෝග ලක්ෂණ - සිනහ වීම ප්‍රභූන්ගේ බන්දනාගාරය - රෝහල් ගෙවන වාට්ටුව හොරුන්ට දෙන දඩුවම - පිරිත් කීම රට කරවිය යුතු පක්ෂය හෝ පුද්ගලයා - අඩුවෙන් චන්ද ලැබූ පක්ෂය හෝ පුද්ගලයා. (ස)
මෙම ක්‍රමයද අධිකරණයට කරන අපහාසයකි , අධිකරණ ඇමතිතුමනි, මෙම ක්‍රමයද නැති කලොත් අධිකරණය තවත් උතුම් වේ , (ස)
හොරකම් කළ උදවිය ප්‍රභූ වෙන්නේ කොහොමද? (නි)
වැරදි දේවල් පෙනෙන්නට තිබෙනවා. ඇහෙන්නටත් තිබෙනවා. වගකිව යුත්තෙක් නැත. නිවැරදි කිරීමට උත්සාහ කරන කෙනෙක්ද නැත.නිවැරදි කළ යුත්තේ කව්ද යන්න ජනතාවට ඇති ගැටළුවයි. (ස)
මිට වැඩ අගෙයි අත් අඩංගුවට නොගෙන සිටීම. මේ ක්‍රමය යහ පාලනයට විරුද්ධයි. ජෙනරාල් තුමාගේ සර්වාංගයේම සැත් කම් වලින් යකඩ පුරුක් පිරිලා තිබුණ. එතුමාට බිම නිදාගන්ට සැලස්වුව. අපගේ බලවත් විරෝධය! (ස)
සැමට සාධාරන ක්‍රමයක් - වේ නිවැරදි විසඳුමක්
එහෙම තමයි. එයාලා ප්‍රභූන්නේ! (නි)
දුප්පත් කෙනෙක් හිරබාරයට ගියාම හිරබත් කන්න වෙනවා. මේ වගේ උදවිය හිරේ ගියත් සුරසැප විඳිනවා.මේක තමා සත්‍යය (නි)
ඔබගේ කටේ රත්තරන් දාන්න ඕනෑ.රටක් වුණාම නීතිය කාටත් එක හා සමාන වෙන්න ඕනෑ (නි)
වහාම හිරේ දාන්නයි තියෙන්නේ. හොර ලෙඩ. පපුවේ හිරවෙලා තියෙන්නේ මොනවද දන්නෙ නැහැ (නි)
දැනුත් කලින් වගේම තමයි. කිසිම වෙනසක් නැහැ (නි)
දැකල තියනවද අර හින්දු කෝවිලට ගිහින් කමිසේ ගලෝල ගත්ත පින්තුරේ. මෙයාගේ පපුවේ සහ බඩේ පළල දැක්කහම පේනවා මෙයා විහින් හදා ගත්ත ලෙඩෙක් කියල . අවුරුදු 10 කට වැඩි කාලයක් අසරණ දුප්පත් මිනිසුන්ගේ බත් පිඟාන කාපු මිනිස්සු (අ)
හිර ගෙදරත් ගෙවන වාට්ටුවක් හැදුවොත් නරකද..? කොහොමත් හිරේ දැම්ම කියල දැනුත් ලොකු වෙනසක් නැහැනේ.. සල්ලියි, බලයයි තියන අය හිරේදී ලෙඩ වෙනවාමයිනේ . (ස)
මේ ලෙඩ්ඩු ටික විශ්‍රාම අරගෙන තරුණ උගත් පරපුරකට රට බාරදෙනවනම් රටට යහපාලනයක් වෙයි. (ස)
ඔය කට්ටියට ලෙඩ නොහැදී තියේවිද ජනතා මුදල් ගසාකාලා තියෙන විදියට. (නි)
මේවට ඉතිං පස්ස පැත්තෙනුත් හිනා යනවා.(ස)
මා මීට පෙරත් සමහර දේ වලට අදහස් ලියා දැමුවත් ඒවයේ නරක වචන නැතිනිසා ද මන්දා කවදාවත් පළකළේ නම් නෑ. ස්තූතියි. (ස)
පව්.. බැසිල්ට නොයෙක් නොයෙක් දේවල් මතක්වෙනවා ඇති... (නි)
මොකක්ද බඩේ ලෙඩක්ද? අපෙන් හුරාකාපු සල්ලි ලංකාවේ ගෙවන වාට්ටුවකට වත් ගෙවන එක හොඳයි. නැත්නම් ඒ සල්ලිත් ඇමරිකාවට යයි. (ස)
මේක නම් නියම කතාවක් (නි)
මොකක්ද ලෙඩේ වැඩිපුර බඩ එලිය යනවලුද? ඔය ඇමරිකන් කාරයින්ගේ ජරා කෑම කාල අවම ඔහොම තමයි. (ස)