2014 මාර්තු මාසයේදී පොලිසියේ සිටි සැකකරුවකු පැහැර ගත්තැයි සැකපිට අද යළිත් රිමාන්ඩ් කැරුණු හම්බන්තොට පුරපති එරාජ් ප්‍රනාන්දුට පපුවේ අමාරුවක් හැදී හම්බන්තොට රෝහලට ඇතුළු කරනු ලැබීය.
මැයි 20 දක්වා යළි රිමාන්ඩ් කළ ඔහු තංගල්ල බන්ධනාගාරයට රැගෙන යාම සඳහා උසාවියේ රඳවා සිටියදී පපුවේ අසනීපයක් ඇති බව පැවසූයෙන් වහා රෝහලට යැවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු ලෙඩ අරගෙන බන්ධනාගාරයට කොකා පෙන්වනවා. (නි)
අනේ පව් කිරි සප්පයා , සෙල්ලම් පිස්තෝලයෙන් සෙල්ලම් කරකර ඉන්නකොට , මදාවියෝ එයාට කරදර කරනවා , දැන් අහිංසකයට පපුවේ අමරුවත් හැදිලා . මේවා උඩ ඉන්න දෙවියොම බලාගන්න ඕනි.(හේ)
පපුවක් තියෙන වැඩද කළේ......?(හේ)
මෙරට දේශපාලකයන්ට හදවතක් ඇති බව දැන ගන්න ලැබීමත් සතුටක්.(හේ)
ඕක සාමාන්‍ය දෙයක්නේ.දේශපාලුවෝ රිමාන්ඩ් වෙන්නේ රෝහලේ. අපි බන්ධනාගාරේ. (නි)
මෙයාගේ පිස්තෝලයෙන් වෙඩි කන්න හිටපු අයගේ පපුවේ අමාරුව දැන් සනීපයි. (නි)
අහුවෙන්න ඉස්සෙල්ල ඉහෙන් බහින ලෙඩක් තිබුනේ නැනේ!! (ම)
බලය තියෙනකන් හොදට ඉන්නවා.බලය නැතිවූ ගමන් ලෙඩ වෙනවා.(හේ)
එහෙනම් පපුවක් තිබිලා තියනවා කරපු දේවල් වල හැටියට මම හිතුවේ ඔලුවක් පපුවක් නෑ කියලා.(හේ)
මේක තමයි පුදුම වැඩේ... අත්අඩංගුවට ගත්ත ගමන් ගෙවන වාට්ටුවල නවතිනවා.. ලෙඩ ගොඩවල් වෙනවා... ඇම්බියුලන්ස් වල යනවා, අමුතු ලෙඩක් වෙන්න ඇති.. මාංචු වල විසක් වත් තියෙනවද දන්නේ නැහැ.. හොයන්න.(හේ)
අසරණ මිනිස්සු බෙහෙත් ටිකක් ගන්න රෝහලට ගියොත් වැරදි බෙහෙත් විදලා ජිවිත අනතුරට දානවා. මේ බොරුවට රෝහල් වලට යන අයට වැරදි බෙහෙතක් විදින්න කවුරුත් නැද්ද? එහෙම වුණා නම් මීටපසු කිසිකෙනෙක් රෝහලට යන එකක් නැහැ (නි)
මේක සෑම දේශපාලකයන්ටම හැදෙන ලෙඩක් , රිමාන්ඩ් ගත කරාම , බන්ධනාගාර රෝහලෙන්ම බෙහෙත් ගෙන එහිම ඉන්න දුන්නම ඕක සනීප වෙනවා .(හේ)
අර පිස්තෝලය අරන් පන්නන (සමාවෙන්න, වතුර බෝතලේ) ඡායාරූපයේ හැටියට නම් මාර 'ෆිට් පොරක්' වගේ පෙනුනේ. (නි)