
(යොහාන් භාසුර,ඉන්දිකා රාමනායක සහ ටී.කේ.ජී.කපිල)
අරගලකරුවන් යැයි පවසමින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට ඇතුළු වී එහි සජීවි විකාශයට සම්බන්ධ වූ පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව යෑමට සූදානම් වූ අවස්ථාවේදී අද (26) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මොහු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයේ අසුන් ගෙන සිටියදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ (සී.අයි.ඩී.) නිලධාරීන් සිවුදෙනකුගෙන් පමණ කණ්ඩායමක් ගුවන් යානයට ඇතුල්වී ඔහුව බලහත්කාරයෙන් ගුවන් යානයෙන් පිටතට ගෙන ඇති බවත් අත්අඩංගුවට ගැනීමට අධිකරණ වරෙන්තුවක් ඇති බව එහිදී පවසා ඇති බවත් වාර්තා වේ.
කෙසේ වෙතත් කටුනායක ගුවන් තොටුපළේ ආගමන හා විගමන නිලධාරියකුගෙන් අද රාත්‍රී කළ විමසුමකදී පැවසුවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට අදාල අත්අඩංගුවට පත්වූ පුද්ගලයා සම්බන්ධයෙන් අධිකරණ වරෙන්තුවක් ලැබී නොතිබූ බවත් ඔහු ආගමන හා විගමන කටයුතු අවසන් කර ගුවන් යානයේ අසුන් ගෙන සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවත්ය.
ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පොලිස් නිලධාරීන් අධිකරණයෙන් ලබාගත් වරෙන්තුවක් ඉදිරිපත් නොකළ බවත් එහිදී ගුවන් යානයේ සිටි විදේශිකයන් ඇතුළු මගීන් රැසක් විරෝධය පළකළ බවත් වාර්තා වේ.
ගුවන් යානය තුළ දී පොලිස් නිලධාරීන් සමඟ මොහු පොරබැදීම හේතුවෙන් එහි උණුසුම් තත්වයක් ඇති වූ බව ද වැඩි දුරටත් දැනගන්නට තිබේ.
අරගලකරුවන් යැයි කියන පුද්ගලයන් කණ්ඩායමක් පසුගිය 13 වැනිදා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රධාන දොරටුව අසළ විරෝධතාවක් පවත්වා ධනීෂ් අලී නැමැත්තා සහ තවත් පුද්ගලයෙක් රූපවාහිනී සංස්ථාවට ඇතුළු වී එහි සජීවී විකාශයට සම්බන්ධ වූ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්‍ෂණයක් ආරම්භ කර තිබූ බව ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකට අරගලේ අය කලබල වෙන්න එපා. දැන් එයාට විශේෂ පුහුණුවක් දීලා නිවේදකයකු කරලා ගනියි..!
වෘත්තීය විරෝධතාකරැවන්ට ඔන්න දැන් තවත් අවස්ථාවක් තමන්ගේ සුපුරැදු මානව හිමිකම් බෝඩ් අල්ල ගෙන ටීවී, පත්තර කැමරා ඉස්සරහා වීරයෝ වෙන්න. එංගලන්තයේ වමේ යැයි කියා ගන්නා ගාඩියන් පත්තරෙත් මේ පුස් විරෝධතාකාරයන්ට ටොක්කක් ඇනලා තිබුණා මෙයාලා වැරදි පූර්වාදර්ශයක් දුන්නා කියලා ලෝකෙට.
කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බළලෝ කිව්වලු...!
රටකට යම් නීතියක් ඕනේ. මෙහෙම ගියොත් අපේ මේ සුන්දර රට සෝමාලියාව වනු නියතයි. මේ නොසණ්ඩාලයා රටින් පනින්න අවස්ථාව වැළකූ CID නිලධාරීන්ට ජනතාවගෙන් මල් පොකුරක් සහ ස්තුතියයි මේ..!
නීතිය කැඩූ පුද්ගලයෙක් අත් අඩංගුවට ගැනීමට ඕනෑම පුද්ගලයෙකුට අයිතිය තියෙනවා. නීති පොත් බල බල නීති කැඩූ පුද්ගලයන්ට පැන යන්නට ඉඩ නොතැබිය යුතුය. රාජ්‍ය ආයතනයක් හෝ වෙන ඕනෑම ස්ථානයකට අනවසරයෙන් ඇතුළු වීම වරදක්. ඔහු වෙනුවෙන් උඩ පනින එවුන් සියළු දෙනා නීති විරෝධී එවුන්. තමන්ට වාසි වෙලාවට නීතිය ගැන කථා කරන්නත් අවාසි වෙලාවට එයට විරුද්ධව දෙඩ වීමට මොවුන් හරි හපන්නු. පැනයාමට පෙර මෙවැනි නීති විරෝධී හා සමාජ විරෝධී පුද්ගලයෙක් අත් අඩංගුවට ගැනීම ගැන නිලධාරීන්ට ස්තූති වන්ත විය යුතුය.
ආගමන විගමන සහ එයාර් ලංකා කට්ටිය රෙදි නැතිව ඉන්න ඇත්තේ...!
Go home gota කියූ සමහර පුද්ගලයන්ද මේවනවිට රටින් පිටවීම මවිතයට කරුණකි
ඉම්ග්‍රෙශන් ඔෆිසෙර්ල රටේ ජනාදිපතිගෙ පාස්පෝර්ට් එකට සීල් ගහන්න ප්‍රතික්ශෙප කලෙ වරෙන්තු තිබ්බ නිසාද දන්නෙ නෙහෙ.
එදා- කපා කපා කෑලි කපා... අද - බුදු අම්මෝ ගහන්නෙපා
රනිල්,, කොල්ලො ඇදන් ගියාට රට ඇදන් යන්න බෑ
වරෙන්තු හොයහොයා හිටියොත් මොවුන් රටගිතියලා පනී. දුටුතැන සර්පයා අතනාරිනු මෝඩයා කියන කියමනට අනුව විශේෂයෙන් මොවුන්ව අත්අඩංගුවට ගන්න...
ප්ලේන් එකට නගිනකන් මොන කෙංගෙඩියක් කළාද?
අරගලකාරයෝ දැන ගන්න ඕනේ එකතුවෙලා අරගල කලාට හිරේ යන්නේ තනිවම බව. එදාට කුරුටුගාමියෝ, ජෙප්පෝ පළාතේ නැහැ.
රටක බලපාන නීතිය මත පුද්ගලයෙකුව අත්අඩංගුවට ගැනීම ගැන විවාදයක් නැහැ. නමුත්, මේ පුද්ගලයාව "ඉමිග්‍රේෂන් කවුන්ටරයෙදී" අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබියදී මෙලෙස ගුවන් යානයක් තුලදී කුදලාගෙන යාම ශිෂ්ඨ සම්පන්න රටක සිදු නොවිය යුත්තක්... පාලකයින්ට ආවඩන වන්දි භට්ටයින්ට මේක මහා ලොකු ජයග්‍රහණයක් ලෙස පෙනුණත්, මේ නින්දිත තුප්පහි ජාතිය අනෙකුත් ජාතීන් අතර තවත් හෑල්ලුවට ලක් කිරීමක්. එක අතකට ඉතින් ආයෙත් අමුතුවෙන් අවනම්බු විඳීමට තරම් නම්බුකාර, වැදගත් ප්‍රෞඩත්වයක් කොයින්ද මේ ජාතියට...? හොර තක්කඩි පාලකයින්ට ආවඩන විපරිත ජාන සහිත නිවට බත් බැලයිනී, නුඹලාට පුද්ගලයෙක් හෝ ජාතියක වශයෙන් ලොව කිසිම තැනක ගෞරවයක් මින් මතු නොලැබෙනු ඇත. ගෞරවය උරුම නැත.
"මහජන දේපළක් වන විද්‍යුත් සංඛ්‍යාත භාවිතා කරමින්, ජනතා මුදලින් නඩත්තු වන රජයේ නාලිකා ජනතාවට සත්‍ය කිවයුතු බව" කියන එක ත්‍රස්ත ක්‍රියාවක්. එහෙම කරපු කෙනෙක් රටින් යන එක නවත්වන එක වීර ක්‍රියාවක්. රට බංකලොත් කර ගිනිගන්නා වෙලාවක රටින් පැන යන අයට ආණ්ඩුවෙන් ගුවන් යානා නැව් වගේ දේවල් දෙන එක සාධාරණ ක්‍රියාවක්. බලන්නකෝ ඒකෙත් හැටි...
225 ට කඩේ යන අය තවම ඉන්නවා...