(නිමන්ති රණසිංහ)
රූපවාහිනි සංස්ථාවේ වැඩසටහන් නිෂ්පාදකවරු තිදෙනෙකුට බැන තර්ජනය කළැයි කියන සිද්ධියකට අදාලව එම සංස්ථාවේ හිටපු සභාපති මහාචාර්ය ආරියරත්න ඇතුගල ඇතුළු තිදෙනෙකු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඉදිරියේ ඔවුනට සිංහල ක්‍රමයට ආචාර කර සමාව ගනු ලැබීය.
2010 වසරේ දී රූපවාහිනි සංස්ථාව ඇතුලත දී වැඩ සටහන් නිෂ්පාදකවරු තිදෙනෙකු වු රවී අබේවික්‍රම,හර්බට් කුමාර අලගියවන්න, කාංචන මාරසිංහ යන තිදෙනාට බැන තර්ජනය කළැයි කුරුදුවත්ත පොලිසිය විසින් මෙම නඩුව අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
එම අනුව මෙලෙස ඔවුන්ගෙන් සමාව ගනු ලැබුවේ මහාචාර්ය ආරිරත්න ඇතුගල,එවකට රූපවාහිනි සංස්ථාවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් දේවප්‍රිය අබේසිංහ,එවකට සහකාර ප්‍රවාහන නිලධාරී ටී.ජි. සෝමපාල යන වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහකාර ප්‍රවාහන නිලදාරී කියන්නේ රියදුරු කියන එකමද
ඕවට කියන්නේ කල කම් පලදේ කියලයි...
ඔවුන්ට සිංහල ක්‍රමයට ආචාර කර සමාව ගනු ලැබීය..... මොකද්ද මේ සිංහල ක්‍රමයට සමාව ගන්නවා කියන්නේ? අධිකරණ ක්‍රියාවලියක් සමාව ගෙන ඉවර කරන්න පුළුවන්ද?
දේවප්‍රිය අබේසිංහ දැන් ජනමාධ්‍ය අභ්‍යාස ආයතනයේ සභාපතිතුමාද?