රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී සඳුදා (22) රාත්‍රියේ ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එහිදී වසරේ හොඳම නළුවා සම්මානය දස්කොන් ටෙලි නාට්‍යයේ ‘දස්කොන් අධිකාරම්‘ගේ චරිතය නිරූපනය කළ රොෂාන් රවීන්ද්‍ර හිමිකරගත් අතර හොඳම නිළිය සම්මානය කවිය නුඹ ටෙලි නාට්‍යයේ ‘පුකුට්ටි‘ ගේ චරිතය නිරූපනය කළ හිමාලි සයුරංගිට හිමිවිය.
හොඳම ප්‍රසාංගික නාට්‍ය අධ්‍යක්ෂක ලෙස දස්කොන් ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළ ජැක්සන් ඇන්තනි සම්මාන දිනූ අතර හොඳම ටෙලි නාට්‍යය වූයේ ද දස්කොන්ය.
ලූෂන් බුලත්සිංහලට විශේෂ යාවජීව සම්මානයක් ද හිමිවිය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දස්කොන් මෑතකදී දුටු හොඳම ටෙලි නාට්‍යයක්. ඇන්තනි පවුලේ හැමදෙනා හොඳින් රඟපෑවත් රවීන්ද්‍රගේ සහ මේනකාගේ රඟපෑම් ඒ සියල්ලන්ට වඩා ඉහලින් තිබුනා. (බ)
ඉතාම ඉහළ නාට්‍යයක් දස්කොන්. මම කාලෙකින් බලපු අග්‍රගණයේ නිර්මාණයක්. ජැක්සන් ඉතා වෙහෙසකර කටයුත්තක් කරලා බවයි මගේ අදහස. (දේශපාලන කෝණයකින් ඔහු දෙස නොබලනවිට ඔහුගේ දක්ෂකම පැහැදිලිව පෙනේ.) තව තවත් මෙවැනි නිර්මාණ කරන්නට අනික් අයත් උත්සාහ කරනවා නම් කොච්චර ලොකු දෙයක්ද? (නි)
මම බලපු හොදම ටෙලි නාට්‍ය දස්කොන්... (ම)
දේශපාලන බලපෑම් නැතිව සම්මාන දීපු එක ලොකු දෙයක්.... ජැක්සන් ඔබට සුභ පැතුම්....(ම)
රොෂාන් ඕනෑම චරිතයක් ඇති දක්ෂ ලෙස රඟපෑ හැකි හොඳ නළුවෙක්.(ම)