තම බිරියගේ මරණයට හේතුව බම්බලපිටිය කොස්මෙටික් සර්ජරි රූපලාවන්‍යගාරයේ දැඩි නොසැලකිල්ල යැයි දොස්තර පී ඒ ප්‍රියංගනී මහත්මියගේ (47) මරණ පරීක්ෂණයේ දී ඇගේ සැමියා වන විදුලි ඉංජිනේරු ගාමිණී චන්ද්‍රසේකර (53) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඔගස්ටා අතපත්තු මහත්මිය ඉදිරියේ සාක්කි දෙමින් පැවසීය.
එම රූපලාවන්‍යාගාරයේ පුහුණු සේවකයන් ද සමඟ අවශ්‍ය උපකරණ ද තිබුණේ නම් තම බිරියගේ ජීවිතය බේරා ගත හැකිව තිබිණැයි චන්ද්‍රසේකර මහතා කීවේය.
කොළඹ ළමා රෝහලේ වෛද්‍ය ප්‍රියංගනී පසුගිය 12 වැනි දා මරුමුවට පත් වූයේ මෙම රූපලාවන්‍යාගාරයේ දී බේතක් එන්නත් කිරීමෙන් පසුවය.
කොළඹ වරායේ විදුලි ඉංජිනේරු චන්ද්‍රසේකර මහතා බම්බලපිටිය පොලිසියේ පරීක්ෂක වජිර ධනපාල මහතාගේ මෙහෙයවීමෙන් සාක්කි දුන්නේය.
1996 දී විවාහ වූ බවත්, දරු දෙදෙනකු සිටින බවත් චන්ද්‍රසේකර මහතා කීවේය.
‘අගෝස්තු 12 වැනි දා පස්වරු 2.30ට පමණ මාමණ්ඩියගෙන් ඇමතුමක් ලැබුණා. බිරියට කරදරයක් බවත්, ඩර්ඩ්න්ස් රෝහලට කතා කරන ලෙසත් කිව්වා. රෝහලේ පිළිතුර වූයේ ප්‍රතිකාරවලින් පසුව බිරිය වජිර පාරේ රූපලාවන්‍යාගාරයට ගෙන ගිය බවයි.
එය පිහිටියේ ගොඩනැගිල්ලක හය වැනි මහලේ. එහි දී මට දැක ගත හැකි වූයේ බිරියගේ මළ සිරුරයි. එහි ශල්‍යාගාරය ලෙස පාවිච්චි කළ කාමරය එවැන්නට සුදුසු නැති බව මට තේරුණා.
රූපලාවන්‍යාගාරයේ පිළිගැනීමේ නිලධාරිනිය වන මංගලී ගනේගොඩ සාක්කි දෙමින් මෙසේ කීවාය.
‘හදිසියක දී රෝගියකු ගැන දැනුම් දීම සඳහා රෝහලක දුරකතන අංක මා ළඟ තිබුණේ නෑ. ඩර්ඩන්ස් රෝහලට කතා කළේ රූපලාවන්‍යාගාරයට ආ කෙනෙකුගේ අංකයකින්.
රූපලාවන්‍යාගාරයේ දුලාංජලී මදුමනී සාක්කි දෙමින් මෙසේ කීවාය.
‘මම හෙදියක්. ඒත් කිසිම හෙද පුහුණුවක් නෑ. රත්මලාන කම්කරු සෙවණ වැඩිහිටි නිවාසයේ දී පුහුණුවක් ලබා ගත්තා. වැඩිහිටියන් නෑවීම පිළිබඳවත්, ඔවුන්ගේ ඇඳම් සූදානම් කිරීම පිළිබඳවත් පුහුණුවක් ලැබුවා.
උණ බැලීම හා රුධිර පීඩනය බැලීමටත් දන්නවා. බෙහෙත් ගැන කිසිම දැනුමක් නෑ. දොස්තර ප්‍රියංගනීගේ බෙල්ලට දොස්තර ගමගේ බෙහෙතක් විද්දා.
ඒ සමග ඇයට තදින් කැස්ස ආවා. දොස්තර ගමගේ ඉන් පසු හයිඩ්‍රෝ කෝටිසෝන් හා ඇඩ්රනලින් එන්නත දුන්නා. ‘ රූපලාවන්‍යාගාර හිමිකරු දොස්තර නිමල් ගමගේ අගෝස්තු 25 තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ කාන්තාවන් හම සුදු කරගන්ට වෙර දරනවා වගේම සුදු කාන්තාවන් හම තලෙළු කර ගන්ට නොකරන වෑයමක් නැහැ. කෘතීම සුර්ය කිරණ සිරුරට ලබා ගැනීමට විශාල මුදලක් වැය කරනවා. සැම විටම අපිට නැති දේ ලස්සනයි කියල හිතන එක කාගේත් ස්වභාවය. ලස්සණ රැක ගැනීමට මම නම් භාවිත කරන්නේ ආයුර්වේදයේ වට්ටෝරු.(සුදු හඳුන්, කුංකුම, වෙනිවැල්, ආදිය... .(අ)
සොබා ධර්මයට පිටින් යන්න බැරි බව මෙයින් තේරෙනව. (අ)
රූපා අක්කේ ඔයාලගෙ වැඩටික ඔහොම කර ගත්තාට අනිත් හැමෝටම එහෙම කරන්න බැරිබව හිතන්න ඔයාට මොළයක් නැද්ද? (අ)
දැන් මොනවා වුණත් වටිනා ජීවිතයක් රටට අහිමිවෙලා අවසානයි (නි)
දොස්තරටත් මෙහෙම උනා නම් අපේ ජීවිත ගැන මොන කතාද ? (නදී)
දොස්තරවරියක් වෙලත් තේරුම් ගන්න බැරිවුණාද ඔය ස්ථානය සැත්කම් වලට හොඳ තැනක් නොවන බව. දොස්තරලට වරදිනවා නම් සාමාන්‍ය මිනිසුන්ට කවර කතාද (නදී)
මම අපේ නෝනාට කිව්වා කරගන්න රුපලාවන්‍ය යසත්කාරයක් ගෙදරදී එයාටම කරගෙන තියන ලස්සනින් සෑහීමට පත් වෙන්න කියලා. මේවා ඇහෙනකොට ගෙදර බවලතුන් මේ වගේ තැන් වලට යනවට හිතට හරි නැහැ . (නදී)
මගේ මිතුරකුට වරක් දොස්තර මහතෙකු දැඩි ලෙස දෝෂාරෝපනය කළා වෙනත් වෛද්‍යවරයකුගෙන් ඔහුගේ රෝගයට ප්‍රතිකාර ගැනීම ගැන හා සුදුසුකම් ගැන. ඉතින් අවාසනාවන්ත ලෙස මියගිය වෛද්‍යරියටත් හොඳ නරක දොස්තරවරු තේරුම් ගැනීමට හා එහි සුදුසු තත්ත්වය තේරුම් ගැනීමට නොහැකි නම් අප ගැන කවර කථාද? ප්‍රනීත් සමඟ එකඟ වෙමි (නි)
අපට කණගාටු ප්‍රියංගනී ගැන නොවෙ ජනතාවගේ මුදලින් ඉගෙන ගත් වෛද්ද්‍යා වරියක් රටට අහිමි කිරීම ගැන ,(අ)
මෙතන මට පේන විදියට පශූවෛද්‍යාගාරයක් වගෙයි (අ)
මම පෞද්ගලිකවම දන්නා කරුණක්.මෙතුමිය ලස්සන වන්නට ගියා නොවේ.ඇසක් වටා තිබුණු තද පැහැති කැළලක් ඉවත් කර ගන්නට ගීය ගමනක්.කැළල ඉවත් කරන්නෙත් ලස්සන වන්නට කියල කෙනෙක් තර්ක කරන්නත් පුළුවන්.එත් ආයතනය ගැන තිබුණු ප්‍රසිද්ධිය අනුව ආර්ථික හැකියාව තිබේනම් බහුතරයක් ගන්නා තීරණයක් තමයි එතුමිය අරන් තියෙන්නේ.(අ)
චාන්දනී වැනි බිරින්දෑවරු වාසනාවන්. (අ)
මමනම් කිසිවෙකුට මුදල් ගෙවල ..ලස්සන කරගන්න යන්නේ නැහැ මගේ තියන ලස්සන ටික චාම්ව සුදුසු තැනට ඔබිනා විදියට හැඩ කරගන්න ...අවශ්‍ය සම්පුර්ණ පුහුණුව මා විදෙස් එඩ්යුකේෂන් සෙන්ටර් එකකදී ලබා ගත්තා ඒ මගේ අවශ්‍යතා වලදී වියදම් පිරිමසා ගැනීම සදහා , (කොණ්ඩය සෑදීම , නිය වර්ණ ආලේප කිරීම, පේෂල් කරගන්න ආකාරය, මෙන්ක්අප් ) සැලුන්වලට මොකටද නිකම් මුදල් කුට්ටියක් දීල ..ජීවිතේ නැතිකරගන්නේ ..? දැන් මට ඕන වේලාවකදී නිවසේ දීම මට අවශ්‍ය වෙලාවට මේ කිව පහසුකම් මට මගේ නිවසේ තිබේ .(අ)
රූපය ලස්සන කර ගැනීම මානසික සතුටක්.එය අහිංසක සතුටක්.එයට දොස් කියනවානම් ඒ කුහක කම නිසා.ගැටලුව තියෙන්නේ මේ රටේ එවැනි තැන්වල ප්‍රමිතිය පිළිබඳවයි.සාක්කි කාරියන්ගෙන් පේනවා හදිසි ඇමතුමක් සඳහා දුරකථන අංකයක් වත් නොතිබුණු බව.අද සෑම කෙනෙකුගේම පාහේ මොබයිල් වලත් ඉමේජන්සි අංක තියෙනවා.ඉතින් තවත් මොන කතාද?හෙදියන්ගේ පුහුණුවත් එසේමයි.මේ දොස්තර පශු වෛද්‍යවරයෙක් වගෙයි.නොසැලකිල්ලෙන් මිනිස් ජීවිත් බිලිගත් දොස්තරට දැඩි දඩුවම් දී මෙවැනි ආයතන සදහා නීතිපද්ධතියක් සහ ප්‍රමිතියක් සැදීම ඉක්මනින්ම කළයුත්තක්.(අ)
අර මනුස්සයගේම චරිතේ ඝාතනය කිරීම සුදුසු මදි.දෙයක් වුණා.වැඩේ වැරදුනා .ඩොක්ට මැරුණා.නමුත් මරුණ ඩොක්ටත් දැන උගත්කමින් ඉහල සිටිය කෙනෙක්.මේවා කරගන්න කලින්නේ හිතන්න තිබ්බේ ඕවල තියන ආදීනවය ගැන .වුණාට පස්සේ අරය මෙහෙමයි මෙයා මෙහෙමයි කියන එකේ තේරුමක් තියෙනවද.අන්න ඕක අපිවගේ සාමාන්‍ය කෙනෙකුට වුණා නම් මොලේ නැති නිසා කරගත්ත වැඩක් කියලවත් කියන්න තිබ්බා.(අ)
මේක ලංකාවේ ඕනෑම තැනක සිද්ධවෙන්න පුළුවනි. නමුත් දොස්තර කෙනෙකුගේ සුදුසුකම් ගැන දන්නේ නැති ගම්බද දුප්පත් අසරණ රෝගීන් අතේ ඇති හැම සතයක්ම දීල හොර දොස්තරලාගෙන් බේත් ගන්නවා. ඔවුන් මැරුනදාට නිලධාරීන් නිස්ශ්ශබ්දයි. ඔවුන් කරන්නේ දෙවියන්ට තමන්ගේ දුක කියන එක සහ ශාප කරනෙක විතරයි .(නදී)
ජිවිතයක් බිලි ගන්න කම්ම හිටියනේ මේවා ගැන හොයල බලන්න. මොන තරම් බයානක තැනක්ද මේ ස්තානය. හරියට වදකාගාරයක් වගේ කිසිම පිළිවෙලක් නෑ. ජීවිතාන්තය දක්වා ඇතුලට දාන්න තියෙන්නේ ඔය වගේ හොර වැඩ කරන අනෙත් අයටත් පේන්න. (නදී)
සල්ලි වැඩිවෙලා (නදී)
බල්ලෝ මරලා හරි සල්ලි ගරන ක්‍රම තමයි දැන් ලංකාවේ තිබෙන්නේ (නදී)
මම විවාහ වන දිනය කිට්ටුව එකම එක ෆේෂල් එකක් කර කරගත්තා. මාව අන්දපු රූපලාවනය ශිල්පිනිය එය අවශ්‍යයි කියපු නිසා. ඉන්පසු ඉඳහිට මගුල් ගෙදරකට අවස්ථාවට සුදුසු ලෙස කොණ්ඩය සකසා ගැනීමට විනා මම සැලෝන් පලාතක යන්නේ නැහැ . ඒවායේ භාවිතා කරන රසායන ද්‍රව්‍ය නිසා. මට අවශ්‍ය පොඩි පොඩි රුප ලාවන්ය කටයුතු කරගන්න මමත් කෙටි කාලින පුහුණුවක් උසස් පෙලින් පසු ලබා ගත් නිසා මට පහසුයි. අනෙක මට සැහෙන මුදල් තොගයක් ඉතිරි වෙනවා. සුමානයකට පාරක් සැලෝන් යන්න ආර්ථික තත්වයක් නැහැ. මේ ඉතින් මේ සම්බන්ධව මගේ පුද්ගලික දේවල් මිසක් අනෙක් අයත් මෙහෙම කරන්න ඕන කියල මම කියන්නේ නැහැ. රුපලාවන්යය තමන්ගේ පුද්ගලික කාරනාවක්. (නදී)
දයා අලහකොන් මල්ලි ඇයි මට වගේ අනික් යටත් මොලේ නැත්තේ ..? ඕන කම තියේනම් අපිට බැරි දෙයක් නැහැ මේලෝකේ...? උත්සාහයයි දැනුමයි විතරයි ..අවශ්‍ය (නදී)
මේ ළගදි නුවර රෝහලක කාන්තාවක් උනහැදිලා රෝහල් ගත උනා, "පෙනිසිලින් " විෂවෙලා මැරුනා ..?දොස්තරගේ මොලේ කියන්නේ .? "එබෝලා " රෝගියෙක් බවට ප්‍රචාරය කරලා මිනිය වැලලුවා පැය ගානක් ඇතුලත. දොස්තර ගොඩ. මැරුන මනුස්සයාගේ පවුල අනාතයි. ඕවා හෙන ගහන අපරාධ. (නදී)
අනේ මන්ද ප්‍රනීත් හැම ක්ෂේත්‍රයකම තියෙන්නේ ඔය වගේ අර්බුදයක්. විශේෂයෙන්ම දේශපාලනය අරගෙන බැලුවොත් ජනතාව වැඩියෙන්ම ඡන්දෙ දෙන්නේ හොරුන්ට හා තක්කඩියන්ට. මෙහෙම ගියොත් මේ රටට අබ සරණයි. (නදී)
මිනිසා වයසට යන්නේ මිනිස් ශෛල මහලු බවට පත් වන නිසාවෙනි. එම ශෛල වයසට නොයා එක සමානව තියා ගැනීමට ශෛල තුලට එන්නතක් දීමට පර්යේෂණ කරනවා කියා දන්නවාද. එහෙම වුනොත් එන්නත දීපු දා තිබුන වයසේම මිනිසා රැදෙනවා. මරු නේද ? (නදී)
ලංකාවේ නීතිය හැමෝටම එක සමාන නැති බව පේනවා. අර කුරුණෑගල පැත්තේ පාසලේ විදුහල්පති ශිෂ්‍යාවකට ද්වේශ සහගත විදියට පරිභව කිරීමෙන් දිවි නසා ගත්තා. නමුත් වැඩ තහනමක් වත් නැහැ. මේ දොස්තර තම රාජකාරිය ඉටු කිරීමේදී යම් නොසැලකිල්ලක් සහ අතපසුවීමක් නිසා සති ගානක් රිමාන්ඩ් එකේ. ඕනෑම චෝදනාවකදී "චේතනාව" මොකක්ද කියන එක මත තමයි නීතිය ක්‍රියාත්මක විය යුත්තේ. නමුත් දැන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ දේශපාලන බලය ඇති නැති බව මතයි. (නදී)
නිමල්, වෛද්‍යවරු විතරක් නෙමේ ඔයත් ඇතුළුව මේ රටේ හැම කෙනාම ඉගෙන ගන්නේ මහජන මුදලින් තමයි - මැරුණු කෙනාට පුද්ගලයෙක් ලෙස සලකන්න එයා ඔයාගේ බූදලයක් නෙවෙයි.(අ)
මම සදුනි එක්ක එකගයි. ඕනෑම කෙනෙක් කැමතියි ලස්සනට ඉන්න. එතන වැඩ කරන කෙනෙක්ම කියනවා හදිසි අවස්ථාවකදී රෝහලකට කතා කරන්න නම්බර් එකක් නෑ කියන එකනම් ගොඩක් සීරියස්. දොස්තර ගමගේ මේ කේස් එකෙන් පරදින්න මෙය ප්‍රමාණවත්. රූපවති ගොඩක් වෙලාවට හොද කොමෙන්ට් දානවා ඒඋනාට මේ ලියල තියෙන්නේ ඔයා ගැන මෙතනට අදාල නැහැ වගේ නේද? (නදී)
රූපවතිට මොකටද රුපලාවන්‍ය (නදී)
ආරංචියක් තිබෙනවා ඔය සම සුදු කරන්න කියල විදින එන්නත් පිළිකා ප්‍රතිකාර සම්බන්ධ එකක් කියලා. කාන්තාවන් තමන් යන්තම් තලෙලලු වුනොත් උදේ ඉඳල රාත්‍රී වෙනකන් ඒ ගැන පශ්චත්තාප වෙනවා මම දැකල තිබෙනවා. අපේ පවුලේ පිරිමි හැමෝම සුදු පැහැයටත් එකම සහෝදරි ඉතා තද පැහැ වීම ගැනත් ඇයට මහා හිතට මදි පුංචි කමක් වගේ. මේ වගේ එන්නතක් ගන්න ගිහින් අපි හරිම අමාරුවෙන් අවවාද කරලා නවත්ත ගත්තේ. තමන්ගේ රූපය පෙර කල කර්මය අනුව ලැබෙන බව සිතා උපේක්ෂා සහගත වීම තමයි සුදුසු. (නදී)
මෙතන ප්‍රශ්නය තියෙන්නේ බහුතරයක් මෙවැනි ස්ථාන තියෙන්නේ රූපලාවන්‍ය වැඩි දියුණු කරන්න නෙවෙයි, කාන්තාවන් තිරිහන් කරන්න පුළුවන් කියලා ප්‍රවර්ධනය කරන තැන් වීම. වයස 45 අම්මගේ වයස 18 දුවගේ තත්ත්වයට එන්නතක් මගින් ගෙනාවා කියාවි . එල්ලා වැටෙන නිකට හදනවා කියාවි. වැටෙන කෙස් ගස් ආපහු පැල කරනවා කියාවි. මේවා ඇහෙනකොට අපේ මැදිවියේ කාන්තාවන්ට වයස 16 දී පාරේ යන උදවිය තමන් දිහා හැරි හැරි බලපු , හවසට උපකාරක පන්ති ගිය නව යව්වන කාලය ආපසු මතක් වෙනවා. ඉතින් මේ තැන් වලට දුවලා නානප්‍රකාර අමාරු වල වැටෙනවා. (නදී)
මට මතකයි ගායක මයිකල් ජැක්සන් මැරුන හැටි. එ්ක සිදු උනෙත් එන්නතකින්. මේ වගේ දේවල් හොද පාඩම්. නමුත් රිමාන්ඩ් එකේ ඉදන් දොස්තර කියල තියෙන්නේ එලියට අාපු හැටියේ නැවත ප්‍රතිකාර කිරීම පෙර වගේම පටන්ගන්නවා කියලා. ඒ කියන්නේ තව මෝඩයෝ රැලක් ඉන්න බව දොස්තර දන්නවා.(නදී)
තමන්ට ඕන ප්‍රදර්ශන භාණ්ඩයක් වගේ පෙන්නන්න පුළුවන් ලස්සන භාර්යාවක් ද නැතිනම් පොලවේ පය ගහලා ජීවත් වෙන විචක්ෂණ බුද්ධියෙන් යුක්ත නෝනා කෙනෙක්ද යන්න දැන් මේ වාණිජ සමාජයේ සැමියන්ට හරියට හිතා ගන්න අමාරුයි. (නදී)
ඇසළ ඔබ ඔය කියපු දේ මටත් ආරංචි වුනා. ඉතින් දැන් මේ දොස්තර භයක් සැකක් නැතිව මෙහෙම කියන්න එයාට සෑහෙන බලවත් අනුග්‍රාහකයෙක් ඇති. (නදී)
විවාහයෙන් පසු දරුවන් ලැබුන පසු කාන්තාවන්ට පෙර තිබු රුපය ශරීර හැඩය ආපසු ලැබෙන්නේ නැහැ. නමුත් ඉතින් සුදුසු ආරක්ෂාදායි රුපලාවන්‍ය සත්කාර කරලා ව්‍යායාම් කරලා තමන් ප්‍රසන්න පෙනුමට ඉන්න එකේ කිසිම වරදක් නැහැ. වැදගත් දේ තමන්ගේ රූපය ගැන හීනමානයක් ඇති කරගන්නේ නැතිව ජීවත් වීම. මටත් දරුවා ලැබුන පසු ලංකාවට නිවාඩු වට ආවාම අඳුනන කට්ටිය ඇඟ මහත් වෙලා අනේ ඔයා ඉස්සර කොච්චර කෙට්ටුද , අයියෝ ඔයාව අඳුනා ගන්නත් බැහැනේ ආදී වශයෙන් නොයෙක් අදහස් පල කළා. මම ඒවා ගණන් ගත්තේ නැහැ . ඇඟ බස්සා ගන්න කියල එක එක පෙති වර්ග ගන්න ගියෙත් නැහැ. ඒවායේ දීර්ග කාලින ප්‍රතිපල මොනවද කියලා කවුද දන්නේ ? (නදී)
රූපවති කියන දේවල් වල වැදගත් පණිවිඩයක් තිබෙනවා. ඒ මහත්මිය ඇගේ රූපලාවන්‍ය කටයුතු ගැන කතා කලත් , හැම තිස්සෙම සැලෝන් වලට දුවන්නේ නැතිව ගෙදරදී හැඩ වැඩ වීම් කරගන්න එකෙන් සැලෝන් වලදී අමාරුවේ වැටෙන්න තිබෙන සම්භාවිතාව අඩුයි නේද ? (නදී)
ටානියා මම හිතන්නේ අදාළ පුවත රූපලාවනය සැත්කමක් ගැන නිසා ඒ විෂය සම්බන්ධව අපේ පාඨක කාන්තාවන්ගේ පුද්ගලික අත්දැකීම මෙතන සඳහන් කළා ට වරදක් නැහැ. ඒවා පාඨක සභාවේ අනෙක් උදවිය සමග බෙදා හදා ගැනීමෙන් ඉදිරියේදී මෙහෙම අමාරුවල කාන්තාවන් නොවැටී සිටීමට හේතු වෙන්නත් පුළුවන්. (නදී)
මමත් හිතන්නේ රූපවතිගේ පුද්ගලික අත්දැකීම ලියපු එකේ වරදක් නැහැ. ඔක්කොටම වඩා ගෙදරදී තමන්ම රූපලාවන්‍ය සත්කාර කර ගැනීමෙන් තමන්ගේ ආදායමෙන් ඉතා විශාල කොටසක් ඉතිරි කරගන්නත් පුළුවන්. සමහර කාන්තාවන්ගේ වැටුපෙන් අත්‍යවශ්‍ය කටයුතු වලට වඩා වැඩි වැඩි ප්‍රමානයක් සැලෝන් වලට වියදම් වෙනවා. කොහොම නමුත් එ්ක තමන්ගේ පුද්ගලික කාරනාවක්. (නදී)
මේ සිදුවූ මරණය නිසා රටට උගතෙක් අහිමි වීමට වඩා මම දකින්නේ සැමියෙකුට බිරින්දකුත් , ලාබාල දරු දෙන්නෙකුට තමන්ගේ මවත් අහිමි වීම ඉතාම ශෝචනීයයි කියලා. උගත්තු නම් රටට හැම දාම බිහිවෙනවා. එ්ත් මියගිය අම්මා කෙනෙක් නැවත උපදවා ගන්න පුලුවන්ද ? (නදී)
කොන්ඩේ කලු කරගන්න ගිහින් මැරෙනවා. හම සුදු කරගන්න ගිහින් මැරෙනවා. වයස අඩු කරන්න ප්‍රතිකාරයක් තිබුනා නම් දොස්තරලා ගොඩේ ගොඩ. මිනිසාට හැර වෙන මොනම සතෙකුටවත් මේ වගේ රෝගයක් නැහැනේ. මනස උසස්ය කියල කියන්න අමාරුයි නේද ? (නදී)
මෙහෙම සෞඛයමය වශයෙන් අනාරක්ෂිත තැනක, අදාළ තත්ත්වය දෑසින් දැක දැකම, සැත්කමක අවධානමක් ගන්න මේ කාන්තාව වගේ උගත් කෙනෙක් පෙළඹුණේ ඇයි කියන එක මට නම් හරිම ප්‍රෙහෙලිකාවක්. (නදී)
රූපවතීලත් රූපය ගැන ඔච්චර කරදර වෙනවා නම් අරූපවතීල ගැන කුමන කතාද. (නදී)
අනේ රූපවතී අය්යේ. ඔයාගේ ඔයා ද්ව්ත්ව චරිත නිරූපණය නිසා ඔයාට එන ආත්මයේදී අනිටු ප්‍රතිපල ලැබේවිද කියා බයයි. (නදී)
මොහුට වෛද්‍ය සුදුසුකම් තබුනත් මේ වෛද්‍යවරයාගේ සේවිකාවන්ගේ ප්‍රකාශ අනුව මොහු වෛද්‍ය වෘත්තියට සුදුසු අයෙක් නොවේ. හෙදියට අවශ්‍ය සුසුසුකම නැහැ. පිළිගන්න නිලදාරිනිය ළඟ හදිසියකදී දුරකතන ඇමතුමක් ගැනිම රෝහල් අංක නැහැ. මේකද වෛද්‍ය සේවය? (නදී)
මේ මරණය සිදුවුනේ දොස්තර කෙනෙක් ගෙන්. දොස්තර කෙනෙකුට අනේ දවසකට අහිංසක මිනිස්සු කීදෙනෙක් මේ විදියට මරණයට පත් වෙනවද ? මොන දොස්තරද ? කතාකරන්නේ. (නදී)
දවසකට පිරිසිදු වතුර බෝතල් දෙකක් බීල, සාමාන්‍ය ප්‍රමාණයට කාල, ලගපාත යන්න තියෙන ගමන් ටික පයින් ගිහිල්ල, මිනිස්සුන්න්ට පුළුවන් විදියකට උදව් කරගෙන ඉන්නවා නම් ජීවිත කාලෙම ලස්සනට ඉන්න පුළුවන්. මේ රූපලාවන්‍ය ආයතන වලට අවසර දෙනකොට ඉන්න කාර්ය මණ්ඩලයේ සුදුසුකම් බලල, තිබියයුතු අනිත් පහසුකම් බලන්න අවශ්‍ය නැත්ද. මම වැඩ කරන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නම් කොන්ත්‍රාත් කරුවොත් වර්ගීකරණය කරන්නේ ඔවුන්ට අදාල සුදුසුකම් තියේද බලලයි (නදී)
අලහකෝන් මහත්තයා අපි කවදාවත් මේ වගේ තැන් වලට යන්නේ නැහැ (නදී)
ඉසුරන්දි එතන වැඩේ වැරදීම විතරක් ද තියෙන්නේ ? ඔයාට පේන්නේ නැද්ද වෘත්තීය නොසැලකිල්ල කියන දේත් මෙතන තියනවා කියලා . නොපුහුණු හෙදියන්, හදිස්සි අවස්තාවක කටයුතු කරන්න ඕන ක්‍රමවේදයන් නැති වීම , අවම ශල්‍යාගාර පහසුකම් , කල් ඉකුත් වුන බෙහෙත් පවා හෙළි වුනා නේද ? මෙතන තනිකරම ව්‍යාපාරික ස්ථානයක් . සේවා සපයන තැනක් නෙවෙයි. (දිල්)