
(විමුක්ති එස් රුද්‍රිගු)
ඩොලරය හමුවේ මෙම වසරේ ලොව හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය වූ ශ්‍රී ලංකා රුපියල මෙම වසර අවසාන වන විට නැවත වරක් පහළ යෑම ආරම්භ විය හැකි බවත් මෙම වසර අවසාන වන විට ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 20 කින් පහළ යා හැකි බවත් ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය පෙන්වා දී ඇත.
මෙම වසර අවසාන වන විට ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 390 දක්වා පහත වැටෙනු ඇතැයි ෆිච් ශ්‍රේණිගත කිරීම් ආයතනය පුරෝකථනය කර තිබේ.
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය ඉතා ඉක්මණින් ලබා ගත හැකි වෙතැයි සුභවාදිව බලාපොරොත්තු වන බව ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය පවසා ඇත.
විධායක කමිටුවේ අනුමැතිය ලැබීමෙන් පසුව ශ්‍රී ලංකාවේ දුර්වල ආර්ථික තත්ත්වය සහ පැවැත්වීමට නියමිත මැතිවරණය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුකූලව කටයුතු කිරීම ශ්‍රී ලංකාවට අපහසු කරුණක් වීමට ඉඩ ඇතැයි ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය පෙන්වා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කට්ටියම තමයි ඩොලරය 500 පන්නයි කියලා ගිය අවුරුද්දේ මැදදී කිව්වේ. මේවා පුරෝකථනයන්. ලණු කන අය ලණුකත්වා...
ඡන්දෙ ඉල්ලලා වලිකන අයට හෙනම ගහන්න ඕනේ...
ඔව් පුතේ.. යුරෝපයේ තියෙන ඩොලර් ටික තව ටික කාලයක් ඔවුන් ළඟ තියෙන තරමට ඔවුන්ට වාසියි. මට ඇහුණා කවුරු හරි කියනවා ඩොලර් බිලියන 42ක් අපනයනකරුවන් විදෙස් බැංකුවල තියාගෙන ඉන්නවා කියලා. ඕකුන් කළ පුරෝකතනවල විදියට ලංකාව දැන් ඉන්දියන් සාගරයේත් ගිලෙන්න ඕනෑ... ඉතින් පුතා බටහිර අයට සල්ලි හොයලා දෙන්න තමන් බිලි වෙනවද නැද්ද කියලා...? හිතා ගන්න එක තමයි තමන්ට බාර... හොඳේ.
ඔව් මට පේනවා, ඩොලර් ටික ලංකාවට ටික ටික ඇදෙනවා වගේම ඒ තියාගෙන හිටපු රටවල් වල බැංකු ටිකටත් ඒක හීනියට දැනීගෙන එනවා.
යුරෝපා බැංකු සෙට් එක විසින් මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි වගේ එකකුත් මේ නිවුස් එක යටින් දාමුත. හං: හං: හා...
මහ බැංකුව හා මූල්‍ය අපරාධ විමර්ශකයන් විසින් වහාම අපේ අපනයන කල අය විසින් තමන්ගේ මුදල් රඳවාගෙන සිටින්නේ කුමන රටවල් වල මොන ප්‍රමාණ වලින්ද කියන එක හෙලි කර ගත යුතුයි. එසේ කල අයගේ නම් ප්‍රසිද්ධ ජනමාධ්‍ය වල පල කරන්න ඕන උන්ගේ සමාගම් එක්කම. එතකොට අපිට තේරුම් ගන්න පුලුවන් බටහිර කාලකන්නින්ට එකපාර හැදිච්ච කැසිල්ලේ හේතුව සහ රෝගයේ තරම.. ලාංකීය මිනිසුනි, මේ වෙනුවෙන් එක් වෙයල්ලා...
කතාව ඇත්ත නම් මැතිවරණ එපා....
ෆිට්ච් රේටින්ග්ස් එකට හා බ්ලූම්බර්ග් වාර්ථා දැමීමට තරම් රිදෙන මුදල් ප්‍රමාණයක් එක්සත් ජනපද හා යුරෝපා බැංකුවල අපේ අය ඉතිරි කර ඇතිබව දැන ගැනීම බොහෝම සතුටට කාරණයක්.... කමක් නෑ අපේ ගොයියලා 300ක් ගන්න තියෙන ඩොලර් එකට 280ක් ගනී අවුරුද්ද අන්තිමේ...
රුපියල් 500 ටත් එහා ගිහිල්ලා නවතින්නේ...
ඡන්දයක් තිබ්බොත් නිරපරාදේ බිලියන ගණනක් නිකං වියදම් වෙලා යනවා. රජය විපක්ෂේ දේශපාලන පක්ෂ එක්ක රට ගොඩනැගීම ගැන සාකච්ඡා කරලා තීරණයක් ගත යුතුයි. ප්‍රාදේශීය සභා ඡන්දෙකට වඩා වැදගත් වෙන්නේ රටේ ආර්ථිකය...
මේවා දේශපාලන කෝණවලින් බලන්න එපා. රට ගැන හිතලා සියලු පක්ෂ තීරණයක් ගන්න...
ඉන්ටර්නැෂනල් ඒජන්සි වලට උවමනා විදියට කරන මෙම අර්ථ දැක්වීම් අසත්‍යයි .අපි කල යුත්තේ නිෂ්පාදනය වැඩි කර දැනට තියන ආනයන සීමා එලෙසම තබා ගැනීමයි
රනිල් වික්‍රමසිංහගේ විජ්ජාවලට, ගැටවලට ගොබ්බයින් අහුවුණාට, අපි නම් දන්නවා තව මාස තුන හතරකින් ඩොලරය රුපියල් 400ක් වන බව...
IMF එකෙන් ලැබෙන ඔය සොච්ච්මටත් වැඩි දවසක් යන්න කලින් වෙච්චි දෙයක් නැතිවේවි.., පොහොට්ටුවේ හොර ඇමැතිලා ගොඩක් අලුතින් දිවුරන්න බලාගෙන ඉන්නේ ඕක හම්බ වෙනකන්...
අරයා උඩපනිනවා රුපියල ශක්තිමත්වෙලා කියලා... එයා දන්නේ නැහැ රට රවට්ටන්න පුළුවන් ටික කාලයකටයි කියලා...
ඒ නාට්‍යයත් ඉවර වෙන්න යන්නේ...
මැතිවරණය ඕනෑ කාටද? බලලෝභී දේශපාලකයින්ට මිස ජනතාවට නොවේ. අනෙක ප්‍රාදේශීය සභා කියන්නේ මොකද්ද? මධ්‍යම රජයේ සල්ලි නැතුව මොනවා කරන්නද? පොඩි හොරු ටිකකට ලොකු හොරු වෙන්න චාන්ස් එක දෙනවා විතරයි
රටට කෙළවනතුරු බලාගෙන ඉන්න. අමුතුම සත්තු ටිකක් ඉන්න ලොව එකම රට ශ්‍රී ලංකාව... මම නැවත නැවතත් කියනවා. අපේ ජාතිය තව මිලියන 100ක් ගියත් ඉන්නේ එකම තැන...
මේ දවස්වල රුපියල වැඩිවුණා කිව්වට එහෙනම් වැඩක් වෙන්නේ නෑ... වසර අගදී ඩොලරය රුපියල අතර අනුපාතය රු 390 ක් වුනොත්. රුපියල හොදටම පිරිහිලා රු 10 න් 20 න් අගය වැඩිවුනාම ඒකට දෙන්නෙ පුදුම ප්‍රචාරයක්. මේ නැගීම තාවකාලික බවත් අමතක වෙලා.
මොනවා වෙන්නද ඕනෑ... පොඩි දරුවෙකුටත් තේරෙනවා.
රසික, ඔයාට අමුකැවිලද?
මෙම වසර අවසාන වන විට ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 20 කින් පහළ යා හැකි බවත් ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය පෙන්වා දී ඇත. මේ පිළිබඳව ප්‍රධාන විපක්ෂය ඔවුන්ගේ රජයක් ( SJB ) යටතේ ලබදෙනාවූ විසඳුම කුමක්ද?
බලයට කෑදර ජජබයින් සහ සජබයින්ට හැර අනෙක් අයට අවශ්‍ය මේ රටට පොඩි හුස්මක් ගන්න ඉඩහසර ලබාදීම මිස ඡන්ද පවත්වා ලැබීමට නියමිත මුදල කාබාසිනියා කර ගැනීමට නොවේ...
මේවා සාමාන්‍ය ජනතාව නොමග යැවීම සඳහා ගොතන ලද කතා. මේ දූෂිත පාලකයින්ට අවශ්‍ය තමන් ආර්ථිකය ගොඩගත් බව පෙන්වීමටයි. මේ හිඟන පාලකයන් රට සම්පූර්ණයෙන්ම බංකොලෝත්කර පෙරාගත් ඩොලර් බිලියන ගන්න ණය නොගෙවා තවත් ජාත්‍යන්තර ණය අරගන්න කොට කොහොමද රුපියල ශක්තිමත් වන්නේ... වෙන එකම දේ රට තවතවත් ගෙවන්න බැරි දරුණු ණය උගුලක හිරවෙලා සමස්ත ජනතාවටම යන එන මන් නැති වෙන එකයි...
පරණ නාට්‍යෙය්ම කොටසක්... ගොන්නු අන්දන්න දෙන උප්පරවැට්ටියක්...
වැඩක් නොකර ආණ්ඩුවෙන් කකා බිබී අපේ සල්ලි වලින් සුර සැප විඳින වහල්ලු කැමති නෑ ඇත්ත දකින්න