අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, පොළොන්නරුව දිස්ත්‍රික්කවල වෘත්තීය පුහුණු කටයුතු සඳහා රුපියල් බිලියන 1.6ක මූල්‍යාධාරයක් ඕස්ට්‍රේලියා රජය ලබාදීමට තීරණය කර ඇති අතර ඊට අදාළ ගිවිසුම් අත්සන් කිරීම අද (11) කොළඹ ඕස්ට්‍රේලියා හවුස් හිදී පැවැත්විණි.
නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ ලේකම් පී.රණේපුර මහතා සහ ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් බ්‍රයිස් හචිසන් මහතා ගිවිසුමට අත්සන් තැබූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව කියන්නේ උතුරයි නැගෙනහිරයි විතරද ? දකුණට මුකුත් නැද්ද ? (බ)
ව්‍යාපෘතිය මොකක් වුනත් දෙවනි සහ තුන්වෙනි පින්තුර දකිද්දී විලි ලැජ්ජයි. ප්‍රතිපලය කොතරම් රසවත්,හරවත් වුනත් සම්මත රීතිය බිඳින්න තරම් පල්ලෙහට යන්න ඕන නැහැ. (හේ)
මොනවද මේ මෝඩ වැඩ. කෑම බීම මේසයක් උඩ තිබ්බ නම් ඉවරයි නේද? (අ)
රොමේෂ් කියන දෙය මමත් අනුමත කරනවා (හේ)
අපේ රටට මුල්‍ය ආධාර ලබාදුන් ඕස්ට්‍රේලියාවට අපගේ හදපිරි ප්‍රණාමය හා ස්තුතිය....!!! (නි)
බලමුකෝ මේ සල්ලි වලින් මොනවද කරන්නෙ කියලා (නි)
ලෝකේ වටෙන්ම ආධාර ගන්නවා. නමුත් මේවා නැවත පියවන්න ගියාම තමා ඉපදෙන්න ඉන්න අයටත් ඔලුව උස්සන්න බැරිවෙන්නේ... ණය බර නිසා. (නි)
මෙතන අදහස් දාන අය රණ්ඩුවෙන්න එපා. මේ අැමතිතුමා, මොන අාණ්ඩුව අාවත් හැමදාමත් අැමති. (නි)
කපිල මහත්තයා කියන්නෙ අපේ සීමාවෙන් පිටදි අපේ මිනිහෙක් මොනදේ කළත් අපිට අදාළ නැහැ කියලද? (නි)
බොහෝ දෙනෙක් පින්තූර වල අඩුපාඩු හෝ කෑමබීම වල හැටි ගැන කතා කරනවා විනා අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, පොළොන්නරුව දිස්ත්‍රික්කවල වෘත්තීය පුහුණු කටයුතු සඳහා රුපියල් බිලියන 1.6ක මූල්‍යාධාරයක් ඕස්ට්‍රේලියා රජය ලබාදීම ගැන අවබෝධයක් නැතිබවකුයි පෙනෙන්නේ. මෙම දිස්ත්‍රික්ක යුද්ධයෙන් කරදර වින්ද සහ උදවු අවශ්‍ය ප්‍රදේශ. (නි)
ඔහොම යං ඔහොම යං... (ර)
සුද්දෙකුට මෙහෙමහරි කවන එක අපි වගේ අයට මොනතරම් නම් නම්බුවක්ද? අයියෝ...! ඊර්ෂ්‍යාවට ඒවා මේවා කියන්න එහෙම එපා (නි)
ලුම්බිණි, ඕක නිකන් ආදරයට දීපු දෙයක් නොවෙයි. ඕකත් අර ණය ගොඩට තව එකතුවක්. ඔය ටිකත් කාර් ගෙන්වන්න යාවිද? (නි)
කපිල කියන්නේ ඇත්ත. අපේ මිනිස්සු කතා කරන්න ගියාම පටන්ගන්නෙම අවුරුදු 2500 ක සංස්කෘතිය ඉස්සරහට දාගෙන. එ්ත් ඔය රටේ කීයෙන් කීදෙනාද හදවතට එකඟව උදේ ගිහින් හවස එද්දී අවංකව වැඩක් කරලා එන්නේ. මම ඉන්නේ මෙල්බර්න් නුවර. මෙහෙ සුද්දන්ගේ ඔය පුහු ආටෝප නැහැ. කොටින්ම ඔවුන්ටම කියලා සංස්කෘතියක් නැහැ. එ්ත් හැමෝම රටේ දියුණුවට උපරිමය කරනවා. අපේ අයගේ කයිවාරුව නම් තියෙනවා ඕනෑදේකට. එ්ත් වැඩක් කරන්න ඉන්නේ කීපදෙනයි. (නි)
සුකුමාලි, මේක චීනෙන් ඉන්දියාවෙන් වගේ රටවලින් දෙන පොළිය සහිතව ආපසු ගෙවියයුතු ණය ආධාර වගේ දෙයක් නොවේ. ඕස්ට්‍රේලියාවෙන් දෙන ආධාර මුදල් ආපසු ගෙවිය යුතු නැහැ. අපේ රටට පහුගිය කාලේ කිසිම ආධාර මුදලක් නොලැබුන නිසා ඔබට මේකත් ණයක් කියා හිතෙන එක පුදුමයක් නොවෙයි (නි)
අපි බලමු ඔය සල්ලි වලින් මොකක්ද දැන් කරන්නෙ කියලා (නි)
මෙතන ලුම්බිණි ඇරෙන්න අනික් අය ගැන කණගාටුයි. හැම කෙනෙකුටම ඇද පෙනෙනවා. නමුත් මෙතන වෙන හොඳක් ගැන පෙනෙන්නේ නැහැ. (නි)
ඔස්ට්‍රේලියා ව්‍යාපාරිකයන්ගෙන් මුදල් වංචා කරපු ලංකාවේ දේශපාලකයින් නීතිය ඉදිරියට ගෙනයාමේ ප්‍රතිඵල තව ඉදිරියටත් ලැබේවි (බ)
ඉතා හොද වැඩක් ! තරුණ ජවයට ඉඩ දෙන්න ඕනි ඔහුන් ගේ හැකියාවන් ඉදිරියට ගෙනියන්න. (ම)
රටවැසියා පස් කෑවත් ණයට දෙනවනම් රජෝ කිරිබත් කවල ශැම්පේනුත් පොවන්නම් (බ)
ප්‍රසිද්ධියේ මත්පැන් ගැනීමට වුණත් පුළුවන් සල්ලි දුන්නොත්. ඒකද අලුත් යහපාලන චාරිත්‍රය (පානය බඳුනින් අඳුරගන්න) (බ)
සෑම් කියන්නේ ඔස්ට්‍රේලියා කොම්පැනි එකෙන් පගාව ගත්ත එක්කෙනා ගැන නේද? එහෙ පත්තර වලත් ගියා.(අ)
නිවට කමෙයි,නියාලු කමෙයි සීමාවක් තියෙන්න ඕනි. ( පින්තුරය-2 ) මේ වගේ අය උඩරටත් හිටපු නිසා තමයි අපේ රජ පරම්පරාවටත් කණකොකා ඇඩුවේ. (අ)
ජාත්‍යන්තරයත් එක්ක ගනු දෙනු කරනකොට යම් යම් සම්ප්‍රදායන් තියෙනවා පිළිපැදිය යුතු. හැමදේකම ඇද හොයනවට වඩා, හොඳ නැතිද එවැනි දේවල් ගැන දැනුමෙන් සන්නද්ධ වෙලා, ඒ දැනුම අනුව විවේචනය කරන්න. නිකන් බොරුවට ඇද කුද හොයනවට වඩා.(අ)
ජනතාවට විහිළු සපයන කවට මුත්තෙක්. (අ)
රේනුක, හැමදේම ඇදේට බලන එකාට හැම දෙයක්ම පේන්නෙ කනපිටට. අපිටනම් කිසිම ගැති බවක් පෙන්නෙ නෑ..මහින්ද සමරසින්හ ඉස්සර හිටපු විදේශ ඇමති සහ එයා කොහොමත් බොහෝ තානාපතිවරුන් සමග ලගින් ඉන්නවා. ඒවගේම ඔස්ට්‍රේලියන් එම්බසි එකත් එක්ක ලගින් වැඩකරා අපේ බෝට්ටු කාරයො නවත්තගන්න. ඔයාට ඔස්ට්‍රෙලියාවෙන් ණය ගන්න හොදයි..කේක් කවන එක හොද නෑ..අනේ මන්දා...ශෑම්පේන් වීදුරුව ගැන කලබල වෙන අය හිතාගන්න මේක තිබ්බෙ එම්බසිය ඇතුලේ. ඒ ඉඩම අයිති එම්බසියට..තියෙන්නෙ ඒ ගොල්ලන්ගෙ රටේ නීති සහ සන්ස්කෘතිය...තැඔිලි ති්යන්න බෑනේ නේද? හිහ්...(අ)
කපිල,ලුම්බිණි ඔබලා හරි.(හේ)
මහ කොමසාරිස් තුමා දන්නේ නැතිව ඇති අපේ අයගේ හැටි, එකයි කේක් කවන්න ඉඩ දුන්නේ. (හේ)
ඊට පස්සේ කියයි ඉස්සර හිටපු අය ගත්ත ණය ගෙවන නිසා තමයි කියලා.(හේ)
කපිලට මතක නෑ වගේ එයා ඔහේ ආවේ ශ්‍රී ලංකාවේ ඉඳන් කියලා (බ)
වික්‍රම..ඔයාගේ පටු මොලේ තරම ඔයාගේ කොමෙන්ට් එකෙන්ම තේරෙනවා..ලංකාවෙ ඉන්න වෑඩි හරියක් ළිං මැඩියො කියන්නෙ ඒකයි..ඔයා දැන් මම ඔස්ට්‍රේලියාවෙ ඉන්නව කියලද හිතන්නෙ?(බ)
ඔං අපේ කාන්ඩේට ආයිත් හතරවරම් ගහන්න ලොකු අවස්ථාවක් ලැබිලා. (බ)
ආධාර ඉල්ලන්න තරම් ශ්‍රී ලංකාව පහළට ඇදදැම්මේ කව්ද? දිනෙන් දින, සතියෙන් සතිය, මාසයෙන් මාසය, අවුරුද්දෙන් අවුරුද්ද, ආධාර ඉල්ලා ලෝකය වටේ ගියාම තව ණයවිමෙන් ප්‍රතිඵලය දන්නවද? 1977 වනවිට ශ්‍රී ලංකාවේ ස්ථාවරය විශිෂ්ටයි. අද මේවට වගකියන්නේ කවුද? (නි)
පොලිය කියක් විතර ගහලද ඔය ආධාරවලට (බ)
අනේ මන්දා ණයත් ගන්නවා ආධාරත් ගන්නවා. ඒත් ඒවායෙන් එළියට එන ප්‍රතිඵල නම් බොහොම අල්පයි. එක්කො ලොක්කන්ට ජීවත්වෙන්න ව්‍යාපෘතියක් අටවාගෙන ලැබෙන ආධාර වලින් 80%ක් පඩි නඩි විදියට වැය කරනවා. නැත්නම් මොනවාහරි කියලා දේශපාලුවො කොල්ල කනවා. කේක් කවලා පටන් ගත්තට බලමුකො මේකේ ප්‍රතිඵලය මොකක්ද කියලා (නි)
සෑම් හිතා ඉන්නේ ආධාර ඔක්කොම නිකන්ම දෙන ඒවා කියලා. ආර්ථික විද්‍යා පොතක් හරි කියවපු අය දන්නවා අන්තර්ජාතික ණය ක්‍රම කීපයක්ම තියෙනවා. අපි පන්සලේ පින් කැටේට ආධාර කළොත් හාමුදුරුවෝ එක්ක ගිවිසුමක් අත්සන් කරන්නේ නැහැනේ. නමුත් ව්‍යාපාරිකයෙකුට අලුත් ගොඩනැගිල්ලක් හදන්න ආධාර කළොත් ඒ සල්ලි ආයේ බලාපොරොත්තු වෙනවා. ඒවාට කියන්නේ ණය ආධාර. අනිත් කාරණය තමයි චින්තක කියන විදිහට ඕස්ට්‍රේලියානුවෝ සංස්කෘතිය ගැන කතාකරන්නේ නැත්තේ වෙන එකක් නිසා නෙමෙයි. එ්ගොල්ලන්ට කතා කරන්න සංස්කෘතියක් නැහැ. (නි)
මේක විජාතික කුමන්ත්‍රණයක් (බ)
කපිල මම ඔබ සමග එකග වෙමි (බ)