ඇමරිකා ඩොලරයට සාපේක්ෂකව ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් අගය149.54 දක්වා අද ඉහළ ගියේය. ශ්‍රී ලංකා ගැණුම් මිල 145.56 ක් වේ.
මහ බැංකුවේ රට සල්ලි අනුපාතය අනුව ශ්‍රි ලංකා රුපියල දැඩි ලෙස අවපාත වු ප්‍රථම අවස්ථාව මෙයයි.
අපනයනකරුවනට මෙහි වාසියක් ඇතත් ලංකාවට ගෙන්වන භාණ්ඩලට වැඩිපුර මිලක් ගෙවීමට සිදුවන බව අපනයනකරුවෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩ කතා කියන්න එපා නයන. රටක් ආණ්ඩු කිරීමට බාරගත්තා නම් ගත් දවසේ සිට වගකීම රජයට පැවරේ. හරියට කරන්න බැරි නම් වහාම මැතිවරණයක් පැවැත් විය යුතුයි. ඉතිහාසේ ගැන බයිලා කියන්න නෙවෙයි මිනිස්සු ඡන්දය දෙන්නේ. (අ)
වෙලා තිබෙන දේ මොකක්ද කියලවත් දන්නේ නැහැ. ඔහේ කමෙන්ට් කරනවා. (බ)
රටක විනිමය අනුපාතය තීරණය වෙන්නේ ඒ මුදලට තියෙන ඉල්ලුම් සැපයුම එක්ක.විදේශ ණය වාරික ගෙවීම වැඩි වීමත් එක්ක රුපියල පිරිහෙනවා.මේකෙ වාසිය අපනයනකරුවන්ට හා විදේශ ගත ශ්‍රමිකයන්ට. අවාසිය ආනයන මත යැපෙන ව්‍යාපාර වලට.(බ)
අපේ රටට ආනයන කරන භාණ්ඩ වල මිල තව තවත් ඉහල යන එකයි වෙන්නේ. (ර)
කොහොමද ජාතියන්තර පිළිගැනීම... අපමණ අගයක්. (ර)
යහපාලනයෙන් රුපියලට අපමණ අගයක්,කාටද ආඩම්බර ?(බ)
ජනතා අභිලාෂයන් එකින් එක ඉතා කඩිනමින් ඉටුවීම ගැන සතුටුයි. (ර)
යහපාලනයට හරි සතුටු ඇති මන්ද රුපියලට අපමණ අගයක් ලැබුණා. (ර)
රුපියලටත් අපමණ අගයක් ලැබී තිබේ! (ර)
ඉතා හොඳ දැනුවත් කිරීමක් (නි)
හිමාල්, නිකන් අන්ඩර දෙමළ කතා කියන්න එපා (නි)
අවුරුදු දවස් වෙනකොට 155 පනීවි. (ර)
අපේ රටට ආයෝජකයන් ගලා එනවා රුපියල බාල්දු වෙනවා අලුත් රටක් හදන්න ඉඩ දෙන්න. (ර)
මෙහි අදහස් දමන අයගේ අධ්‍යාපනය හා බුද්ධිය පිළිබඳ නිසි තක්සේරුවක් ලබාගැනීමට මෙම ප්‍රවෘත්තිය උදාහරණයක්. අද රුපියල බාල්දු වී ඇත්තේ පවතින ආණ්ඩුවේ වරදකින් නොවේ. පසුගිය කාලයේ ලබාගත් විශාල ණය වල වාරික හා පොළිය ගෙවීමට සිදුවන්නේ ඇමරිකන් ඩොලර් වලිනුයි. නිසි කළමනාකරණයකින් තොරව ආර්ථිකය පාලනය කළ නිසා අප රටින් එළියට යන ඩොලර් වලට සාපේක්ෂව ලංකාවට විදේශ විනිමය නොලැබීම නිසයි රුපියල අවප්‍රමාණ වන්නේ. (නි)
අපි පල්ලමේ දිගටම ලිස්සගෙන යනවා වගෙයි (නි)
ගිය අවුරුද්දේ 130ට නේද තිබුනේ - එක අවුරුද්දට රු 20කින් බාල්දු වෙලා රුපියල. 2020 වෙනකොට ඩොලරයට රු 200ක් වත් දෙන්න වේවි මේ යන විදියට. වෙනසනම් මාරයි! (බ)
අත්දැකීමක් නැති, වගකීමක් නැති අය හිටියහම රටකට වෙන්නේ ඕක තමයි (නි)
රට වනසනවා. තවත් කෝටි 2 ක මිනිස්සුන්ගේ අනාගතේ අදුරුනොකොට රට දීල වහා ගෙදර යන්න (බ)
කටාර් රියලක් රු.40.50 ක් වුණා. 2010 දී මෙය රු.30 යි. ආර්ථිකය අගාධයේ. මෙයට හිනා වෙන්න නෙවෙයි ඕන, අඩන්නයි. (බ)
පසුගිය අවුරුදු 10 රටකරපු අයගේ ප්‍රතිඵල තමයි මේ (නි)
රුපියලට අපමණ අගයක් ලැබෙනවා නෙමෙයි, රුපියල බාල්දුවෙන්නවා (නි)