(මඩුකන්ද සිතුම් චතුරංග)
ඉන්දියාවේ සිට මෙරටට රැුගෙනඑමින් තිබූ රුපියල් කෝටි 15 අධික වටිනාකමින් යුත් හෙරෝයින් කිලෝ 13.5 සමඟ ඉන්දීය ධීවරයින් හයදෙනකු පේදුරුතුඩුව මුහුදු තීරයේදී අත්අඩංගුවටගත් බව නාවික හමුදාව පවසති.
නාවික හමුදා නිලධාරීන් වෙත ධීවර බෝට්ටුවකින් මත්කුඩු මෙරටට රැුගෙන එන බවට ලැබුණ තොරතුරක් මත ලැබුණ බුද්ධි තොරතුරක් මත නාවික හමුදා නිලධාරීන් පේදුරුතුඩුව මුහුදු තිරයේ කළ වැටලීමකදී සැකකාර ඉන්දීය ජාතිකයින් හා හෙරෝයින් සමඟ ධීවර බෝට්ටුව අත්අඩංගුවටගෙන තිබේ.
මෙරට සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙත ලබාදීම සඳහා මෙම හෙරෝයින් තොගය ප්‍රවාහනය කොට ඇති බවට තොරතුරු අනාරවණයවූ බව උතුරු නාවික හමුදා නිලධාරීන් පවසති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd