බොලිවුඩ් සිනමාවේ අංක එකේ නිළි දිපීකා පදුකෝන් මේ වනවිට නැවතත් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරය බලා පිටත්ව යාමට සූදානමින් පසුවෙන බව වාර්තා වේ. ඒ ඇය රංගනයෙන් දායක වන %ට්‍රිබල් එක්ස්^ අලුත්ම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා සම්බන්ධවීමටය.
සංජය ලීලා බන්සාලි විසින් අධ්‍යක්ෂණය කරන %පද්මාවති^ චිත්‍රපටයේ රූපගත කිරීම්ද මේ දිනවල සිදුවෙන අතර, දිපීකාගේ ඇමෙරිකා ගමන හේතුවෙන් ඒවාද අතරමග නවතා දමන්නට සිදුව ඇතැයි මෙම තොරතුරු වැඩිදුරටත් සඳහන් කර සිටියි.
දිපීකා රඟන "ට්‍රිබල් එක්ස්" අලුත් චිත්‍රපටය මෙන්ම සංජය ලීලා බන්සාලිගේ "පද්මාවති" චිත්‍රපටයද ලබන වසරේ තිරගත කිරීමට නියමිතව ඇති චිත්‍රපට වෙයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd