IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රූප රචනා ද්විත්වයක් නිර්මාණය වූ රිහානාගේ 'Work' පසුබහියි

2016-05-18-ENT-75

බාබඩේනියානු ගායිකාවක වන රිහානාගේ අලුත්ම ගීත ඇල්බමය වන Anti හි ඇතුළත් ගීතයක් වන "Work" සඳහා ආරාධිත ගායකයෙකු ලෙස කැනේඩියානු ගායක ඩ්‍රේක්ද සම්බන්ධ විය. පසුගිය ජනවාරි 27 වැනිදා නිකුත් වූ මෙම ගීත ඇල්බමයේ "Work" ගීතය රචනා කළේද රිහානා විසිනි.

PartyNextDoor ඇලන් රිටර් (Allen Ritter), රූපට් තෝමස්, ආර්.ස්ටීවන්සන්,මොන්ටි මොයර් (Monte Moir), and Boi-1da නිෂ්පාදකයන් ලෙස කටයුතු කළ මෙහි ඇත්තේ ඩාන්ස්හෝල් සහ රෙගේ-පොප් සංගීත ශෛලියකි. මුදල් සමග ගනුදෙනු කරන මනුෂ්‍ය ජීවිතවල, මනුෂ්‍ය සම්බන්ධතා පිළිබඳ අපූරු සාකච්ඡාවකට මග පාදන පද රචනාවකින් යුතු මෙම ගීතය, මේ වනවිට විචාරකයන්ගේ ප්‍රශංසාවට මෙන්ම විවේචනයටද පාදක වී ඇත.

ඊට හේතුව මෙහි සංගීත සංයෝජනය මතභේදාත්මක නොවුණද මෙහි පද රචනාවේදී කතා කරන තේමාව ගොඩනැංවීමේදි පවත්නා සාර්ථක අසාර්ථකත්වයයි. මේ වනවිට රූප රචනා ද්විත්වයක් නිර්මාණය වී ඇති මෙම ගීතයේ එම රූප රචනා දෙකම පසුගිය පෙබරවාරි 22 වැනිදා නිකුත් වීම කැපී පෙනෙයි. එම ගීත දෙකින් එකක් නිර්මාණය කර ඇත්තේ Director X විසිනි. අනෙක් ගීතය නිර්මාණය කර ඇත්තේ ටිම් එරෙම් විසිනි.

මෙම ගීතය BRIT සම්මාන උලෙළේදීද ප්‍රචාරණය උදෙසා සජීවීව පළමු වතාවට ගායනා කෙරුණු ගීතයකි. සති නවයක් පුරා බිල්බෝර්ඩ් දර්ශකයේ අංක එකේ ගීතය බවට පත්ව සිටින "Work" සැලකෙන්නේ මෙසේ අංක එකට පත් ඇගේ 14 වැනි ගීතය ලෙසයි. එසේම දැනටත් කැනඩාව, ඩෙන්මාර්කය ප්‍රංශය, ස්පාඤ්ඤය, දකුණු අප්‍රිකාව, බෙල්ජියම සහ නෙදර්ලන්තය යන රටවල අංක එකේ ගීතය බවට පත්ව ඇති මෙම ගීතය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, අයර්ලන්තය, එංගලන්තය සහ ජර්මනියේ මුල් ගීත පහ අතරේද පවතින්නකි.

 

2016-05-18-ENT-76



අදහස් (0)

රූප රචනා ද්විත්වයක් නිර්මාණය වූ රිහානාගේ 'Work' පසුබහියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 769 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 375 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site