ඉන්දිකා රාමනායක හා මුදිතා දයානන්ද
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට රැඳවියන් 13 ක් පෙනී සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි.
මින් 11 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයෙන් ද, සෙසු දෙදෙනා මැගසින් හා වැටරැක බන්ධනාගාර වලින් පෙනී සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.
මැගසින් බන්ධනාගාරයෙන් පෙනී සිටින රැඳවියා ද්‍රවිඩ මාධ්‍යයෙන් පෙනී සිටින බවද උපුල්දෙණිය මහතා කියා සිටියේය.
මැගසින් බන්ධනාගාරය තුළ ස්ථාපිත කරන විශේෂ විභාග මධ්‍යස්ථානයක සිට මෙම පිරිස විභාගයට පෙනී සිටීමට නියමිතව ඇත.
අපොස සාමාන්‍ය පෙළ විභාගය මෙම මස 3 වැනි දින සිට ආරම්භ වීමට නියමිතයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd