සිරකරුවන් වෙනුවෙන් වෙන් වු එකම පාසල වන වටරැක සූනිත විද්‍යාලයයේ ඉගෙනුම ලබන රැදැවියන් 16 දෙනකු අද අපොස (සාපෙළ) විහාගය සඳහා පෙනී සිටියහ.
මෙම පාසලේ සිසුහු 60 දෙනෙකු අධ්‍යාපනය ලබති.
සිරකරුවන් වෙනුවෙන් වෙන් වු එකම පාසල වන වටරැක සූනිත විද්‍යාලයයේ ඉගෙනුම ලබන රැදැවියන් 16 දෙනකු අද අපොස (සාපෙළ) විහාගය සඳහා පෙනී සිටියහ.
මෙම පාසලේ සිසුහු 60 දෙනෙකු අධ්‍යාපනය ලබති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න වචනයේ පරිසමාප්ත අරුතෙන් පුනරුත්ථාපනය !! මෙයට මග පෙන්වූ සියලු නිලධාරින් හට ජාතියේ ප්‍රණාමය!!(බ)
ගොඩක් හොඳ වැඩක් (නි)
කවදාවත් නැති වේදනාවක් මට දැනුනා. මටත් ඔය වයසේම දරුවෙක් ඉන්නවා. ලංකාදීපය කරන සේවය හදවතින්ම අගයනවා (නි)
දරුවන් වැරදි වලට පෙළඹෙන්නේ එක්කෝ සමාජයේ වරදින්, නැත්නම් දෙමාපියන්ගේ වරදින් (නි)
අධ්‍යාපනය හරියට දෙනවා නම් රට හදන්න යන්නෙ අවුරුදු 13යි. විභාගය ඉහළින්ම සමත් වෙන්නට සුභ පැතුම්! (නි)
ඔන්න නියම දෙමාපියෝ'''' හොඳට විභාගය කරන්න ජය ගන්න පුළුවන් වැරදුනු තැනක් ඇති ,ඔබ නිවරදිත් ඇති ,ජීවිතය ඔහොම තමා කවුරු උනත් අපේ දරුවෝ (දී)
මෙවන් දේවල් දැකීමට ලැබීමත් ලොකු පිනක්! (නි)
ඇසට කදූලක් ඉනුවා (බ)
මට නම් හරිම දුකයි මොන වරදක් කලත් කාගේ හරි අහිංසක අම්ම තාත්තා කෙනෙකුගේ දරුවොනේ පවු (නදී)
බොහොම සංවේදී දර්ශනයක්. ඒ දරුවෝ විභාගය හොඳින් සමත්වෙලා සුදුසු රැකියාවක් කරමින් යහපත් පුරවැසියන් හැටියට ජිවත් වීමට හැකිවේවායි මගේ පැතුමයි. නමුත් බොහෝ පොලිසිවලින් සිදුවන සමාජ අසාධාරනයක් ගැන කිව යුතුයි. හොරකම් කරලා දඬුවම් ලබල සිරෙන් නිදහස් වෙලා ඇවිත් සමාජයේ හොඳ පුද්ගලයින් හැටියට රැකියාවක් කරමින් ජිවත් වෙන එවැනි පුද්ගලයින්ව නැවත අමාරුවේ දාන්නෙම පොලිසියයි. මොකද ගමේ හොරකමක් උන ගමන්, කිසිම සාක්ෂියක් නැතිව ආයෙත් සැකපිට ඔහුව අත්අඩංගුවට අරගෙන ගහනවා වරද පිලිගනින් කියල. මේක සහගහන අපරාධයක් සහ බරපතල සමාජ අසාධාරණයක්. මෙවැනි දේවල් සිදු නොවිය යුතුයි. (නදී)
මොවුන්ට විභාග ලියන්න දුන්නාට ස්තූතියි (දිල්)
මේ දරුවෝ නිදහස් වෙලා ගියාමත් සොයා බලන වැඩ පිළිවෙලක් හදුන්වා දෙන්න ඕනේ. නැත්නම් ලේසියෙන්ම ආයෙත් නොමගට යනවා. මේ වගේ අයව වැරදි වැඩවලට යොදාගන්න බලාගෙන ඉන්න කොටසකුත් ඉන්නවනේ. පසුව ලොකු අපරාදකරුවෙක් පුනරුත්තාපනය කරනවට වඩා ඒක හැම අතින්ම හොඳයි. (නදී)
බොහොම සංවේදී දර්ශනයක්. විභාගය ඉහළින්ම සමත් වෙන්නට සුභ පැතුම් (නදී)
පුතේ දැන්වත් හොඳ දරුවෙක් වෙන්න (නදී)
මේ ළමයි සිර කරුවෝ නොවෙති. ඔවුන්ගේ මව්වරු සිර ගතවන විට ඔවුන් භාරයේ සිර ගෙදර ජීවත් වන දරුවෝ ය. 18 සම්පූර්ණ වූ විට ඔවුහු සමාජයට එක් වෙති. (නදී)
මේක නම් ආශ්චර්යක්. අවංකවම හිතලා බලන්න කොච්චර හොඳ දෙයක්ද කියලා. (හේ)
පුතේ, ඔයාල හොදින් විබාගයට පිළිතුරු ලියන්න. ඔයාලට සියලුම දෙවියන්ගේ පිහිට ලැබේවා.! (ර)
ඔව් ගොඩක් දුකයි දැක්කාම. පව් එයාලා. එහෙත් වරදක් කරලා නම් දඩුවම් විඳින්නත් ඕනෑ හැදෙන්න.නැත්නම් රටල් හදන්න බැහැනේ.නීතිය සැමට පොදු වෙන්න ඕනෑ (නි)
ගොඩක් ස්තුතියි. දෙවි පිහිටයි (නදී)