(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවය පිළිබඳව ඉරාන ඉස්ලාමීය ජනරජය වෙත ඉරාන තානාපති කාර්යාලයේ දී අද ශෝකය ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ පිහිටි ඉරාන තානාපති කාර්‍යාලයට පැමිණි හිටපු ජනාධිපතිවරයා එහි දී ඉරාන තානාපති Alireza Delkosh මහතා මුණගැසී සිය ශෝකය ප්‍රකාශය සටහන් කළේය.