රන්වල බළකාය මගින් සංවිධානය කරනු ලබන "සූවිසි විවරණය" නෘත්‍ය පූජාව 12 වැනිදා රාත්‍රී 8.30 සිට පසුදා පහන්වනතුරු බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.
ගිරාගම සෞන්දර්ය අධ්‍යාපන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, නර්තන අංශයේ අංශාධිපති සුනිල් බණ්ඩාර දෙහිමඩුව මහතා ඇතුළු දෙහිමඩුව පරපුරේ ශිල්පීන් විසින් එම නෘත්‍ය පූජාව ඉදිරිපත් කිරීමට නියමිතය.
දීපංකර බුදුන්ගේ සිට කාශ්‍යප බුදුන් දක්වා කාලය තුළ විවිධ අවස්ථාවලදී 24 දෙනමක් වූ බුදුන්ගේ මුවින් ගෞතම බුදුන්ගේ බුද්ධත්වය වෙනුවෙන් දුන් විවරණ සම්බන්ධව කියවෙන කවි ගායනා, වාදන, නර්තන, එක්තැන් වූ පූජාවක් ලෙස සූවිසි විවරණ හැඳින්වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd