
(විමුක්ති එස් රුද්‍රිගු)
රනිල් වික්‍රමසිංහ මහතා නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වීම පිළිබඳව අසන්නට ලැබීමෙන් තමන් සතුටට පත් වුණු බව චීන ජනාධිපති ෂි ජින්පින් මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
චීන ජනාධිපතිවරයා ලෙසත් චීන ජනතාව වෙනුවෙනුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක් කරන බව චීන ජනාධිපති ෂි ජින්පින් මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් බවත් දීර්ඝ කාලයක් චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව සහයෝගීතාවය වෙනුවෙන් කැපවී ක්‍රියා කළ අයෙක් බවත් එම නිවේදනයේ සඳහන් වේ.
රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව මුහුණදී සිටින තාවකාලික දුෂ්කරතා මඟහරවා ගනිමින් සමාජීය සහ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට හැකියාව ලැබෙතැයි චීන ජනාධිපති ෂි ජින්පින් මහතා විශ්වාස කරන බව එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න අන්න සුබ පතලා... යමු ඉක්මනටම පත්තරෙත් අරන්.. පහු වෙද්දී අදහස් වෙනස් වෙන්න පුළුවන්...!
ඉන්දියාවෙන් තවම සුබපැතුම් එව්වේ නැහැ නේද? සමහරවිට සුබපැතුම් එවනවද? නැතිනම් ආයෙත් කුට්ටිමනි කෙනෙක් එවනවද? කියලා තවම කල්පනා කරනවා වෙන්න ඇති...
අරගලකරුවන්ට හමුදාවෙන් පහර දීමෙන් පසු රනිල්ට චීනය සුබ පැතීම පුදුමයක් නොවෙයි...
චීන අගමැතිතුමෝ ලංකාවට ඇවිදින් බලන්න රනිල් ලොක්කා ලංකාවේ මිනිසුන්ට සළකන විදිහ...!
චීනය වගේ විප්ලවකාරී රටකට මේ වගේ වැරැදීමක් සිදුවීම ගැන අපි කණගාටු වෙනවා.
බය වෙන්න එපා ශී ජිං පිං, මේ රාජපක්ශ ෆොටෝ කොපිය. ඔයාට දෙන කොන්තරාත්තු ඒ විදියටම ලබෙනවා. ඔයා හරියට වෙලාවට කොමිස් ටික රාජපක්ෂ ගිණුම් වලට දාන්නකෝ...
චීනා මිසක් ශිෂ්ඨ සම්පන්න කිසිම රටක් රනිල්ට සුබ පැතුවේ නැතුවා... වැඩි දවසක් යන්න කලින් රටේ ඉතුරු ටිකත් චීනෙටම දෙයිද කියන්න බැහැ...