මැතිවරණ සමයේ රනිල් වික්‍රමසිංහ අගමැති ඔහුගේ වෙඩි නොවදින නිල රිය ඡන්දයට පාවිච්චි කළහොත් අයකළ යුතු මුදල තිරණය කිරිම මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් මුදල් අමාත්‍යාංශයට හා විගණකාධිපතිට පවරනු ලැබ සිටී. අගමැතිගේ ඉල්ලී අනුව එම පියවර ගෙන ඇත.
මැතිවරණ කොමසාරිස්සහ පක්ෂ ලේකම්වරුන් අතර අද (03) පැවති සාකච්ඡාවේදී අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා යෝජනා කර ඇත්තේ මැතිවරණ සමයේ අමාත්‍යවරුන් පරිහරණය කරන රජයේ වාහන සඳහා ද මුදලක් අය කිරීම සුදුසු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩේන් බාගෙට කාලා හදට ගල් ගහාන්න බලාගෙන ඉන්න මහින්දවාදින්ටනම් මෙවැනි දේවල්වලට ටිකක් රිදෙනවා තමා (බ)
මෙතෙක් කල් මෙහෙමවත් අයකළේ නැහැ නොව. (ර)
පොල් අක්කරේ සත 25 වික්කා වගේ ගාස්තුවක්ද ? (ම)
අන්න බලන්න යහපාලනය (ම)
බොහොමයක් රාජ්‍ය ආයතන වල තවම තියෙන්නේ දහඅට වන ශත වර්ෂයේ නීති රීති, තක්සේරු වටිනාකම් නිසා මේකටත් පැට්‍රොල් ගැලුම දෙකයි හතලිහ ගානේ ගණන් හදලා මුළු කාලයටම රුපියල් එකසිය හැටපහකුත් ශත තිස් නවයක් ගෙවන්න වේවි .(ම)
මේ ගැන අපි පොඩ්ඩක් සුභවාදීව හිතමුද? (ම)
මොන වාහනේ ගියත් රනිල් පරදිනවා . එක්සත් ජාතික පක්ෂය දිනනවා. (ම)
කව්රු මොනවා කිව්වත් රනිල් මොළ කාරයා.... (ම)
අගමැති වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ මේ ක්‍රියාව අනෙකුත් අති පරිභෝජනකාරී දේශපාලන මහත්වරුන්ට නියම පුර්වාදර්ශයක්. (ම)
ඒ වැඩේ හොදයි.(හේ)
මොකද ඔච්චර බය වෙඩි නොවදින වාහන හොයන්නේ (අ)
කව්රු මොනවා කිව්වත් රනිල් මොළ කාරයා....ඔව් ඔව් අන්බානක මොලේ තිබෙනවා (අ)
නීතිය කාටත් පොදුයි! (නි)
අධි ආරක්ෂක කලාපත් දැන් නැහැ නේද? ඉතින් මොකටද වෙඩි නොවදින වාහන? (නි)
අපිට මේවා ගැන තේරුනත් සමහර අයට තේරෙන්නේ නැහැ (නි)
රනිල් මහත්තයෝ,අපි හැමදාමත් ඔබ සමඟයි! (නි)
මේ ක්‍රියාව අනෙක් හැමෝටම හොද ආදර්ශයක්. ඉහලින්ම අගය කල යුත්තක්. (ර)
ගාස්තු හදන එකනම් හොදයි.ඒත් ඒකෙන් ඇති ඵලය කුමක්ද?(හේ)
රටක් වෙනුවෙන් හොද දෙයට හොදයි කියන්න පුරුදු වුනානම් නේද හොද . වෙඩි නොවදින වාහනයක රටේ අගමැති තුමන්ට ගමන් කරන්න සිදු වෙන්නේ ත්‍රස්තවදින්ටත් වඩා භයානක මිනිසුන් දේශපාලනේ කරන නිසානේ .දැන්වත් මොලේට ආවද. (හේ)
ධනුෂ්ක සිල්වා මහතාණෙනි ,අති පරිභෝජනකාරී දේශපාලන මහත්වරුන්ට නියම පුර්වාදර්ශයක් වන්නේ කොහොමද මෙම යෝජනාව? මුදල් තියෙන දේශපාලකයින්ට ඉනිමන් තැබීමක් නේ. (ර)