අන්තර්ජාතික රොටරි සංගමයේ ගොයැන්ග් සි සමුළුවේ මුඛ්‍ය දේශනය පැවැත්වීමේ භාග්‍යය රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා අගමැතිට හිමිවිය.
ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු වන කේ.ආර්.රවීන්ද්‍රන් මහතා අන්තර්ජාතික රොටරි සංගමයේ සභාපතිවරයාය.
රටවල් සියයක 42,000 කට වැඩි සාමාජිකයෝ සමුළුවට සහභාගී වෙති.
කොළඹ රොටරි සංගමයේ සභාපතිවරයා ලෙස රවීන්ද්‍රන් මහතා එක්සත් ජාතීන්ගේ යුනිසෙෆ් සංවිධානය සහ ශ්‍රීලංකා රජය සමග එක්ව පෝලියෝ වසංගතය ශ්‍රී ලංකාවෙන් පිටුදැකීමට ගත් මෙහෙවර ශ්‍රී ලංකා අගමැති සමුළුවේදී අගය කළේය.
ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය අළලා ඔහු කළ කතාව අවසානයේ සමුළු ශාලාවේ රැස්ව සිටි පිරිස නැගිට අත්පොලසන් දුන්හ.
මද වේලාවක් එම අත්පොලසන් හඩින් සමුළුහල දෝංකාර දුනි.
අගමැතිගේ කතාව අවසානයේ ශ්‍රී ලංකා ජාතික ගීයද , කොරියා ජාතික ගීයද වාදනය කැරිණි.
50,000 කට ආසන පහසුකම් ඇති මෙම සමුළුහල පිහිටියේ සෝල් අගනුවරට උතුරිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම් රනිල් වික්‍රමසිංහ මහත්තයෝ (ම)
බඩු මිල අඩු කරන්න යන හැඟීම මටත් දැනුනා. ඉතින් මමත් අත්පුඩි ගැහුවා. (නි)
රටට අවශ්‍ය වෙනේ ජාත්‍යන්තරය ජයගන්න පුළුවන් උගත් අය මිස රජ ඔට්ටුනු පළදින රජ වරු නොවේ (ම)
ඔන්න කිව්වා කතාවක්, සදරුවන්. (බ)
රනිල්ගේ කතාව අපේ මිනිසුන්ට තේරෙන්නේ නැති වුණාට ඒක තේරුම්ගන්න පුළුවන් මිනිස්සු මුළු ලෝකයේම ඉන්නවා (ම)
ජය වේවා (ම)
සමහර විට කතාව ඉවර වුණ සන්තෝශයට ද දන්නේ නෑනේ (ම)
බලය ඇතිදාට අත්පුඩි ගහන්ට, උතුමාණෙනි, රජතුමනි, මැඩම්, බේබි කියා අමතවාගන්ට , සෙරප්පු සුප් බොන්න කැමති අය අඩුවක් නැහැ. (ම)