(අංජුල මහික වීරරත්න)
රනිල් වික්‍රමසිංහට ජනාධිපතිට අද සිදුවී තිබෙන්නේ ජාතක කතාවෙි හොරු රැළ ලඟට වැටුණු ගිරවාට සිදු වූ දේ යැයි සමඟි ජන බලවෙිගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.
එදා ස්වාධීන රනිල් වික්‍රමසිංහ ක්‍රියා කළ විදිය සහ රාජපක්ෂ කඳවුරට වැටුණු වික්‍රමසිංහ ක්‍රියා කරන විදිය දකින විට කනගාටු බවද රාජකරුණා මහතා කීය.
කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ හර්ෂණ රාජකරුණා මහතා කීවෙි ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, යුරෝපීය සංවිධාන, ඉන්දියාව, ඇමරිකාව ඇතුළු රටවල් උදව් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ හෝ වෙනත් අයකුගේ මූණ බලලා නොව ආණ්ඩු කරන ආකාරය,රට ඉදිරියට ගෙනියන්නේ කොහොමද? මානව හිමිකම් ආරක්ෂා කරනවාද? ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවද? මාධ්‍ය නිදහස තිබෙනවා ද?යන කාරණා දෙස බලා බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනයේ කම්බ හොරු එක්ක හිටියෙත් ඔය ගිරවා නේද?
දූශිත තක්කඩියන් පිලිබද මොන කතාද මන්ත්‍රි තුමා ! ඔහුත් සතර අපය තොරගෙන ඇත කර්මය නිසි ප්‍රතිඵළ ලබා දේවි
රනිල් දැන්කරන්නේ රජපක්ෂලාගේ කොන්ත්‍රාත්තුව භාරගෙන ඒක ඉදිරියට කරගෙන යාමයි.
සජබේ ඔබතුමන්ලා එළු ගාලකට වැටිච්ච ගිරවු රංචුවක් වගේ හැම මගුලකටම බෑ.... කියලා නාගෙන ඉන්නේ.
රනිල්ගේ ජනාධිපති සිහිනය සැබෑ උනා. රටට මොනවා උනත් කමක් නෑ.
දවස ගානේ මයික් ටිකක් අල්ලගෙන මොනවා හරි දොඩෝනවා.ලොක්කත් එහෙමනේ.හිටපු ලොක්කා සොරමුලට වැටෙන්න කලින් මහදැන මුත්තයි ගෝලයෝ ටිකයි කොහේ ද දන් නෑ හිටියේ.
ජනතාව ඊලග පාර ජාතික ලයිස්තුවෙන් වත් එන්න පුලුවන් තරම් චන්ද ටිකවත් දෙන්නෙ නැහැ ලන්කවෙ අපි මොනතරම් පව් කරල ඇද්ද මෙවන් පාලකයන් අපේ රට විනාස කරනව අපේ ඇස් වලින් දකින්න
අම්මෝ ,ඔයාල සුදනෝ. විස්තර එමට යි ලොක්ක.උඹල ඔක්කොම හොරු. රනිල් ට නම් කියන්න පුළුවන් හොරෙක් නොවේ හොරුන් හොරකම් කරනකල් ඉටිපන්දම් අල්ලපු එකෙක් කියල.
අසරන මිනිසුන් අරගල කරලා. වැඩබැරි. මන්දබුත්දිකයින් එලවලා රට ගත්තා. දැන් කොන්දක් නැති එකාව එලවන්න දගලනවා. නුගතා රටින් ගියාම රට බාරගන්න සජිත් ට හරි අනුරකුමාරට. තිබුනා. අනිවාර් යෙන්ම. මිනිසුන් ගොඩාක් දුක් වින්දා. අන් තිමට කොහෙවත් නැති එකෙක් පාත් වුනා. දැන් කියනවා ඇමතිකම් ගන්න බැහැලු. ඔය සේරමල තරුණ දක්ශ පත් කරලා විශ්‍රාම යන්න එක තමයි හොඳම දේ. ජනතාවට කරන. එ තරුනයො දැන් හිර ගෙවල් වල. තමනෙ තැන ඒ අයට බාර දෙන්න
රනිල්ට අභියෝග කරන්න මෙයා මොන ළදරුවෙක්ද.
ඒ මොකද රනිල් විකාර කියවන්න පටන් අරන්ද? ඒ කාලේ අපේ අම්මා මට ගැහුවා වගේ දත් කැඩෙන්න පාරක් දුන්නා නම් ආයෙත් මතක ඇති කාලෙකට එහෙම කියන එකක් නෑ.