පාර්ලිමේන්තුවේ කළ යුතු තම විශේෂ ප‍්‍රකාශය පාර්ලිමේන්තු මහලේකම් විසින් කපාකොටන ලදැයි කියමින් විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා එම ප‍්‍රකාශය අද නොකළේය. ගිය සතියේදී විපක්ෂ නායක එම ප‍්‍රකාශය කිරීමට සැරසුණු නමුත් කතානායක එය අත්හිටුවා තීන්දුව පසුව ප‍්‍රකාශ කරන බව කීවේය. සංශෝධිත ප‍්‍රකාශයට ඉඩදී ඇතත් එය පාර්ලිමේන්තු මහලේකම් විසින් කපන ලදැයි කියමින් වික‍්‍රමසිංහ මහතා විරෝධය පළ කෙළේය. මහලේකම් එහි සංශෝධන කෙළේ තම උපදෙස් අනුව යැයි කතානායක චමල් රාජපක්ෂ මහතා කීවත් වික‍්‍රමසිංහ මහතා එම ප‍්‍රකාශය කෙළේ නැත. සරත් පොන්සේකා සම්බන්ධ ප‍්‍රශ්නයක් මතු කිරීමට ඔහුට ඕනෑවී තිබූ බව පෙරදිනයේ කළ කතාවේ සඳහන් විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාවේ සාමාන්‍ය ජනතාවගේ ර්‍පජාතන්ත්‍රවාදය ගැන මොන කතාද.....???