(සුජිත් හේවාජුලිගේ)
අරගලයේ සිටි පිරිස ඉල්ලා සිටියේ බටලන්ද මොඩලයේ සිස්ටම් චේන්ජ් එකක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
පස්සේ දොරෙන් බලයට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතාට නිවැරදිවීමට තිබුණ අවස්ථාව නැති කරගත් බවද ඔහු සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ ඊයේ (28) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.
හදිසි නීතිය සම්මත නොකර අරගලය ඉල්ලා සිටි සර්ව පාක්ෂික ආණ්ඩුව සෑදීමට වික්‍රමසිංහ මහතා කටයුතු කළ යුතුව තිබුණත් ඔහු එය නොකළ බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරද්දගන්න හරියට කරපු එක වැඩක් කියන්නකෝ... හරියට කාලෙ වෙලාව බලලා පස්ස දොරෙන් රිංගා ගත්තු එක විතරයි දැන්... රනිල් ගෝ හෝම් කියන්නේ නැද්ද එතකොට විපක්ෂයෙන්...?
ලොක්කා අරගලයේ සිටි පිරිස ඉල්ලා සිටියේ සිස්ටම් චේන්ජ් එකක් නොවුණාට කෙරුවාවෙන් ඒ ගොල්ලෝ පෙන්නුවේ ඒ කාලේ සිස්ටම් චේන්ජ් එකක් ඉතාමත් අවශ්‍ය බවයි. ඔහේගේ ගේත් ගිනිතිබ්බාද? හලෝ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදුවාම කට කාටත් ඇමති ධුර සහ වෙනත් දිමනා නම් ලැබෙයි.... නමුත් ඒ ඔලුමාරුවෙන් රටට එක ඩොලරයක්වත් නොලැබෙන බව රනිල් දන්නවා...
රනිල් නෙවෙයි ඔහෙලායි වැඩ වරද්දා ගත්තේ. කසාය බීපු ගොළුවන් වගේ ඉඳලා, දැන් එනවා බොරුවට කියවන්න. 134 ක් දුන්නේ පිටින් ඇවිල්ලනේ...
මෙයා රටට බරක්... මාධ්‍ය මෙයා වගේ අයව හිට් කරන්න හදනවා නම් නුඹලාත් රටේ කාලකණ්ණි වෙනවාමයි...
රනිල් නෙමෙයි, අපියි වැඩ වරද්දා ගත්තේ...!
බොරු කියවන්නේ නැතිව යන්න.
බදුලුපුතේ..., ඔබට දැන්ද හොඳ අදහස් ගලාගෙන එන්නේ... දැන් ඔයා බයයිද? ඇයි බැඳුම්කර වංචාවට පෘතුගීසි ලන්සි පැපොල් කට්ටිය හිරේට නියම වෙයි කියලා ඌට මරු පෙනිලා තියෙන බව දන්නවානේ පුතේ..
ඔක්කොම එකම වල්ලෙ පොල්. ජනතාව දුකේ...
ඉතින් අපිට කියකියා ඉන්නේ.. දෝශාභියෝගයක් ගෙනත් අයින් කරන්නකෝ... දැන් අරගලය කරන්න ඕනේ ඉක්මනින් ජනාධිපති වරණයක් තියන්න කියලයි...!