ස්වාධීන රූපවාහිනී සේවය ආරම්භ වී අවුරුදු 35කට පමණ පසු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (23) ප්‍රථමවරට එම නාලිකාවට සහභාගී විය.
ඒ උපුල් ශාන්ත සන්නස්ගල මහතා මෙහෙයවන සත්‍යාගාරයේ දස වැනි වැඩසටහනට සහභාගී වීම සඳහාය.
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලයේ වික්‍රමසිංහ මහතාගේ ඥාතියකුගේ මැදිහත්වීමෙන් ස්වාධීන රූපවාහිනිය ඇරැඹි අතර නමුත් මේ වන තෙක් ඔහු ස්වාධීන රූපවාහිනියට පැමිණ නැතැයි සන්නස්ගල මහතා සිය පූර්විකාවේ දී කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය වසර 20 ක කාලය තුල ස්වාධීන රුපවාහිනිය ස්වාධීනද, ජරාජීර්නද කියල මතක ඇතිනේ. ඒකාලේ විපක්ෂේ කිසි දෙයක් ප්‍රවෘත්ති වලින්වත් ප්‍රචාරය කලේ නැහැ. තනිකරම ආණ්ඩුවේ හොරණෑවක් බවට පත් උනා. අද එහෙමද? දිනපතාම වාගේ ජනාධිපතිකමින් පරදවපු, මන්ත්රීකමක්වත් නැති මහින්ද මහත්තයාගේ පන්සල්,දේවාල, කෝවිල් වන්දනා වාර්තා, ඒවාට ගිහින් රජය විවේචනය කරන කතා අපුරුවට ප්‍රචාරය වෙනවා. දැන් නේද ස්වාධීන. අගමැතිතුමාට මෙම අවස්ථාව ලැබුනෙත් ස්වාධීන රුපවාහිනිය ස්වාධීන වීම නිසා කියල තමයි මගේ අදහස.අගමැතිතුමාගේ ඊයේ සාකච්චාව ඇහුවනම්, එතුමාගේ දේශපාලනික පමණක් නොවෙයි විෂයයන් ගණනාවක දැනුම් සම්භාරය කොතරම්ද ? කියල ඕනේ මැට්ටෙකුට උනත් තේරුම් ගන්න පුළුවන් වෙනවා. අද පාර්ලිමේන්තුවේ ඉන්න බුද්ධිමත් දේශපාලකයා ලෙස මොහුව හඳුන්වා දෙන්න පුළුවන්. (ස)
ලංකාවේ අනෙකුත් බොහෝ දේශපාලකයන් සමඟ බලනවිට රනිල් අවංක දේශපාලකයෙක්. මේක රනිල්ගේ අවාසියට හේතු ලා තිබෙනවා බොහෝ වෙලාවල. (නි)
මේ කරන කියන දේ ඇයි නොම තේරෙන්නේ... ඇස් ගෙඩි වලට හෙණ වැදිලද මිනිසුන්නේ. (නි)
ලුම්බිණි, අජිත්, පැහැදිලිවම ඒක තමා සත්‍යය, මේ රටේ දේශපාලනයට මොවුන් වැනි මහත්මා දේශපාලකයින්ට සිදු වන්නේ මේකයි. දැන්වත් මෙය පාඩමක් කරගෙන මොහුගෙන් උපරිම ප්‍රයෝජන ගමු. බුද්ධිමත්ව බැලුවහම ඔහුගෙ ආර්ථික හා සංවර්ධන ප්‍රතිපත්ති ඉතා පුලුල්. සීමිත බලතල තුල (මධ්‍යස්තව බැලුවහම) කරපු දේවල් බැලුවම එය මනාම පැහැදිලි වෙනව. ඔබට ජය....,..!!! (ස)
මෙතුමා බුද්ධිමත් නායකයෙක් බව ඇත්ත නමුත් එතුමා දුරදිග නොබලා ගත්තු තීන්දු තීරණත් තියනවා... එල්.ටී.ටී.ඊ සංවිධානය සමග සාම සාකච්ඡා කරන විටදි සිදුවුණ දේවල්... උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය පීඨය පිහිටවීම... ධවල පත්‍රිකාව එහෙම අපිට අමතක නෑ...(ස)
අජිත් මහතා සමඟ සම්පූර්ණයෙන්ම එකඟ වෙන්න පුළුවන්.ප්‍රශ්නය තියෙන්නේ මහත්මයා, ඔබ සඳහන් කළ අය බිහිවෙන්නේ බුද්ධිය යටකර පක්ෂ,පාට,පුද්ගල කියන අන්ධභක්තීන් ඇතිවීමෙන් වීමයි.එවැනි බහුතරයක් සමඟ මේ රට නිවැරදි මඟකට ගැනීම අසීරුයි (නි)
එච්චරම උගතෙක් නම් ඇයි මෙතරම් රට අස්ථාවර. (නි)
මෙතුමාගේ බුද්ධියේ බල මහිමය තේරෙනව අධ්‍යාපන ධවල පත්‍රිකාවෙන්! (බ)
කවුරු කෙසේ කිවුවත් රනිල් තමා මෑත දේශපාලනයේ අපරාජිත චරිතය. විජයතුංග, චන්ද්‍රිකා, මහින්ද කාල වලත් ක්‍රියාත්මක වුණේ එයාගේ ප්‍රතිපත්ති. මහින්ද කාලේ හොඳ ඇමතිකම් දැරුවේ එයාගේ පාක්ෂික ගෝලයෝ. ඉහළ තනතුරු දැරුවේත් එයාගේ අය. (නි)
රන්ජන් අර ජනාධිපති කමෙන් පැරදිලා ගෙදරට වෙලා ඉන්නෙ නැතිව තැන් තැන් වල ජාතිවාදය අවුස්සමින් යන මැදමූලන ලොක්කගෙන් අහන්නකො ඇයි රට අස්ථාවර කරන්නෙ කියලා (ස)
රන්ජන් මොලේ උඩ ඉඳගෙන ඉන්නේනැතුව හිටගන්නවා එතකොට පෙනෙයි රට ඔයවගේ අය නිසා තමා මහින්දය හොරකම් කලේ (ස)
යමල් උඩින් පෙනෙන දේම නෙමේ හැම වෙලේම ඇත්ත.. රනිල් කොටින් එක්ක සාම ගිවිසුම ගැහැව්ව නිසා තමා කරුනා අම්මාන් වෙන්වුනේ.. ඒක යුද්ධය දිනන්න ලොකු උදව්වක් වුනා.. කොටින්ව ජාත්‍යන්තරය ඉදිරියේ නිරුවත් වුනේ ඔය ගිවිසුම නිසා... ප්‍රභාකරන් ඒක දන්නා නිසා තමා රනිල්ව 2005 පැරැද්දුවේ... (ස)
අජිත් කරුණාරත්න, මොළය ටිකක් පරීක්ෂා කරගත්තොත් නරකද? (නි)
නිපුන්, එක තමයි ඇත්ත. නමුත් එතුමා එක විකුණගෙන කෑවේ නෑ. කල යුතු දේ කලා. මේක තමා ඉගෙනගත්ත මිනිස්සු දේශපාලනය කිරීමත්, දේශපාලනයෙන්ම ඉගෙන ගැනීමේත් වෙනස. අපේ බහුතරය තීරණ ගන්නේ මාධ්‍යයෙන් පොවන දේ අනුවනේ. (ස)
නිපුන්, රනිල්ට පළමුව ත්‍රස්තවාදි යුද්ධය සාම ක්‍රියාමාර්ගයකින් විසඳන්න කවුරුත් හරියට උත්සාහයක් අරගෙන තිබුනේ නෑහැ.ඒ විදියට කරන්න පුලුවන්ද බලන්න ඒ ක්‍රමය උත්සාහ කළ එක හොඳ දෙයක් වුණාට ඒක කළ විදියේ මහා අඩුපාඩු ගොඩක් තිබුනා. (නි)
මිනිහ ආවේ නැත්තේ මුලින් කියන දේවල් අගට යනවිට මතක නැහැ (අ)
ඒ කියන්නේ යූඑන්පී ය බලයේ සිටි 1994 ට කලින් කාලයේවත්, පසුව තිබු අවුරුදු 2 තුළවත් අයි.ටී.එන්. එකේ වැඩසටහනකට ඇවිල්ලා නැහැ? (නි)
මෙතුමාගේ සාකච්ඡාවේ සාරාංශයකුත් දැනගන්න පුලුවන් නම් හොඳයි (නි)
වෙලාවට ඒ කාලේ චන්ද්‍රිකා විදායක බලතල බාවිතා කරලා රජය ගත්තේ. නැත්නම් අද රටවල් දෙකක් මෙයා කල දේවල් කලා නම්. (ස)
එහෙම තමයි. එතුමා තීරණ ගන්නේ දුරදිග බලලා (නි)
කෝසල, රනිල් මහත්මයා අගමැති වශයෙන් සිටිත්දී බටලන්ද කොමිසමට ඇවිත් එළිපිට සාක්කි දුන්නා ,හැබැයි අනිත් කට්ටිය මේ දර්ශනය ඔහුට විරුද්දව පාවිච්චි කළා. (අ)
පිරුණු කළේ දිය නොසැළේ (නි)
කතා කලොත් මහින්ද හොරාලු. එත් දින 100 ඉවරවෙනකම් එකක්වත් ඇල්ලුවේ නෑ. ඒ මදිවට අල්ලන්න යන්නේ ඇමති කමක් දීපු එකක්. විකාර. අනික මහින්ද රට අස්තාවර කරනවලු. එක මනුස්සයෙක්ට රට අස්තාවර කරන්න පුලුවන්නම් රජයක් මොකටද? විකාර කතා. (ස)
සාදරයෙන් පිළිගනිමුකෝ. නේද? (නි)