හොරට අත්සන් යොදා කූට ලේඛන සකස් කර මාධ්‍යයට නිකුත් කිරීමට තරම් වත්මන් ආණ්ඩුව පිරිහී ඇතැයි පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අද (23) විපක්ෂ නායක කාර්යාලයයේ පැවැති රැස්වීමක දී කීවේය.
පෙර දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය සාකච්ඡාවක දී සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක මහතා මාධ්‍යයට ඉදිරිපත් කළැයි කියන ලියවිල්ලක් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග ගැන දැනුම්වත් කිරීමට මෙම විශේෂ මාධ්‍ය හමුව කැඳවා තිබිණි.
මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සන සහිත ලිපියක් තිස්ස අත්තනායක මහතා පෙර දින මාධ්‍යයට ලබා දී ඇතැයි ද එහි දී කියැවිණි.
මෛත්‍රීපාල සිරිසේන මහතා -
‘ජනවාරි අට වැනි දා නියත පරාජයෙන් ගැලවෙන්නට මේ ආණ්ඩුව විවිධ දෑ කරනවා. තවත් මේවගේ දෑ මුද්‍රණය කරන්නට භාර දී තිබෙන බව අපට ආරංචියි.
ආණ්ඩුවට මගේ හඬ සහ අත්සන නැතිව බැරිවෙලා. මමත් රනිල් වික්‍රමසිංහ මහතාත් තනිව කිසිම ලියැවිල්ලකට අත්සන් තබා නෑ. අපේ අත්සන් ව්‍යාජා ලෙස යොදා හැදූ කූට ලියැවිල්ලකුයි අද පුවත්පත්වල පළ වෙලා තියෙන්නේ. අපි රජයෙන් ඉවත් වුණේ නොවැම්බර 21 වැනි දා. අත්තනායක මහතා ඉදිරිපත් කළ ලියැවිල්ලේ තිබේන්නේ නොවැම්බර පළමු වැනිදා අත්සන් කළ බව.
එක්සත් ජාතික පක්ෂයේ සිට ආණ්ඩුවට එක්වූ ගමන් අත්තනායක මහත්මයා කිව්වේ මමත් රනිල් වික්‍රමසිංහත් අතර වුණු කිසිම සාකච්ඡාවක් ගැන දන්නේ නෑ කියලා. දැන් ලියැවිල්ලක් ඉදිරිපත් කරනවා. මේ ආණ්ඩුව කොතරම් බංකොලොත්ද කියා එයින්ම පෙනෙනවා.
තැපැල් ඡන්දය දා රාජ්‍ය සේවකයන් නොමඟ යවන්නයි එවැනි ලියැවිල්ලක් ඉදිරිපත් කර තිබෙන්නේ.
මේවගේ කූට ලේඛණ සකස් කර මාධ්‍යයට නිකුත් කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිටත්, මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි කිරීමටත් නඩු පැවරීමටත් බලාපොරොත්තු වෙනවා. ‘
රනිල් වික්‍රමසිංහ මහතා -
‘මමත් පොදු අපේක්ෂකත් අත්සන් කළ බව කියමින් තිස්ස අත්තනායක මාධ්‍යයට ලියැවිල්ලක් ඉදිරිපත් කළා. එය ව්‍යාජ ලියැවිල්ලක්. අපි එහෙම දේකට අත්සන් කර නෑ. මේ සම්බන්ධයෙන් මා පොලිස්පතිට පැමිණිලි කළා.‘
රාජිත සේනාරත්න මහතා -
‘රනිල් වික්‍රමසිංහ හා සාකච්ඡා කළේ මමයි. ඒ සාකච්ඡා කළෙත් අවස්ථා දෙකකදී නොවැම්බර මාසයේ මැද. ඊට සිරිසේන මහතා සහභාගී වුණෙත් නෑ. නොවැම්බර පළමු වැනිදා වෙනකොටත් අපි පක්ෂයෙන් ඉවත් වෙන්න තීරණය කර තිබුණේ නෑ. එතකොට ජනාධිපති අපේක්ෂකයා ලෙස යෝජනා කර තිබුණේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නම.
මෙය සම්පූර්ණ ව්‍යාජ ලියැවිල්ලක්. මං අවුරුදු හතලින් ගණනක් දේශපාලන කළා. මේවගේ පහත් වැඩක් දැක්කේ නෑ.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් ආශ්චර්යක් (බ)
ඕක බොරුනම් මොකද කලබල.(දිල්)
මහින්ද ඇයි මෛත්‍රීට මෙච්චර බය (දිල්)
මෙයාලට මෙවැනි වැඩ දැන් සුලු දේවල්. තිස්සටත් සල්ලි වල රහ වැටිලා වගේ. ලැජ්ජයි මහත්තයෝ. (නදී)
අනේ බන්දුල නොදිටි මොක් පුර අන්තේවාසිකයෙකි ඔහු රජවාසල (නදී)
ඡන්දය දිනන්න කොටි සංවිධානයට මුදල් කෝටි ගණනින් දුන්න කියල අද වෙනකොට මුළු ලෝකෙම දන්නවා. (නදී)
ලෑජ්ජයි, හිරිකිතයි මේ වගේ දෙකයි පනහේ වැඩ (නදී)
රටට නිදහස ගෙනදුන් මහින්ද මහත්තයා අපිට හොඳයි (නි)
මේක හරි බරපතල දෙයක් සහ චෝදනාවක්. මෙය සම්පුර්ණ බොරුවක් නම් චරිත ඝාතනයක්. පුර්ණ සත්‍යක් නම් මොකද වෙන්නේ රටට? සිතා බැලිය යුතු භයානක දෙයක්. ඇත්ත දන්නේ ඔය පාර්ශව දෙක. අපේ දේශපාලකයන් බලය සඳහා ඕනෑම දෙයකට සුදානම් බව අපි අවබෝද කරගැනීම වැදගත්. මෙම ගිවිසුම සත්‍යද? නැතිද? අපි දන්නේ නැහැ . නමුත්, සමහර අයගේ අතීත වැඩ සහ මතවාද ගැන හිතනකොට ඇති වන්නේ දෙගඩියාවක්. (නදී)
කිංග්ස්ලි පෙරේරා රටට නිදහස ලැබුනේ 1948 දී බවවත් දන්නේ නැත්ද ?එවිට ඔය කියන ලොකු මහතා අත දරුවෙක්. (නදී)
කාගෙ කාගෙත් පැටිකිරිය අපි හොඳින් දන්නවා. තිස්ස කරන්නේ වංචාවක් නම් පොලිසියට කියා පලක් නෑ. ඔහුට විරුද්ධව නඩු පවරන්න. එවිට ඇත්ත නැත්ත හෙලිවේවි. අනුන්ගේ අත්සන් හොරට ගසා දඬුවම් ලබන්න තරම් තිස්ස මෝඩයෙක්ද? (නදී)
කරපු වැඩේ විදියට අත්තනායක මහතාට මේ වගේ දෙයක් කරණ එක සුළු දෙයක් (නදී)
හරි හරි ඔය තිස්ස පෙන්වපු ලියවිල්ල සහ අත්සන් බොරුනම් ඇයි පොලිස්පතිට ලියන්නේ. පැමිණිල්ලක් දාන්නකෝ පැමිණිලි දැම්මාම නේද නඩුදාන්න පුළුවන් වෙන්නේ. ටී.එන්.ඒ එකට දීපු පොරොන්දුද දන්නේ නැහැනේ (නදී)
අඩුම ගානේ හොර වැඩක්වත් හරියට කරන්න තේරෙන්නේ නැහැ. නැත්තම් මේක ප්‍රසිද්ද කරන්න කලින් දිනේ වෙනස් කරන්න තිබ්බනේ. (නදී)
තිස්ස මහත්තයෝ , ටින් මාලුයි පානුයි කෑවනම් විඳපන් බල්ලෝ කිව්වලු. අර වැස්සට හේතු හොයාගත් ජෝතිෂ කාරයා කාලගුණ දෙපාර්තමේන්තුවට පත්කරමු. (නදී)
මේක නැහැ කියනවා නම් හරි එක ඉදිරිපත් කරන්න. අපිටනම් මේකේ තියෙන දේවල් ගැන සැකයක් නැහැ. (නදී)
ඔබතුමාලා පාඩුවේ මැතිවරණ ව්‍යාපාරය කරගෙන යන්න. විරුද්ධ වාදීන්ගේ ගැට වලට අහු වෙන්න එපා. ඔබතුමාලා තිස්ස ගැන කතා කරනකොට එයාට අනවශ්‍ය ප්‍රසිද්දියක් ලැබෙනවා. එයා එච්චර වටින කෙනෙක් නෙවෙයි. අමතක කරලා දාන්න උන්දැව. (නදී)
ඕකෙ තිස්ස මහත්තයටත් අත්සනක් දාන්න තිබ්බා. ඔර්ජිනල් අත්සනම (නදී)
අත්සන් හරිද කියලා බලවන්න. අපිට ඔය කව්රුවත් විශ්වාස කරන්න අමාරුයි (නදී)
ලෝක හොරුන්ගේ ලෝක බොරු (නදී)
ඕක ව්‍යාජ ගිවිසුම නම් අව්‍යාජ ගිවිසුමත් ප්‍රසිද්ද කරන්නකෝ අපිටත් බලා ගන්න (නදී)
අනිල් රෝහණ, මෝඩ කතා කියන්න එපා. ලංකාවේ පොලිසියටද පැමිණිලි කරන්න කියන්නේ? කොයි ලෝකෙද ඉන්නේ? මෙහෙ පොලිසිය කොහොමද වැඩ කරන්නෙ කියල පොඩි එකෙක්ට උනත් දැන් තේරෙනවා. අර වදුරඹ ඕ.අයි.සී ඉල්ලා අස්වුන එක හෙම දැක්කේ නැද්ද ? ඒවත් ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රනද ? (නදී)
අනිල් රෝහණ, මේ ගැන මේ උදවිය රහස් පොලිසියට පැමිණිල්ලක් දමලාලු. රනිල් කියන්නේ නීතිවේදියෙක්. නඩුවක් ෆයිල් කරන්නේ කොහොමද කියල එයා දන්නවා. ඔයා නිකන් මෙතන බොරු හේතු දක්වන්න එපා. (නදී)
අත්සන් කළේ නැත්නම් කලබල වෙන්න දෙයක් නැහැනේ (නදී)
මොකද මේ ගිවිසුම ගැන ඒ දවස් වල කතා නොකළේ ? එවෙලේම නේද රටට ආදරේ නම් ඉදිරියට ඇවිත් මේක ප්‍රසිද්ධ කරන්න තිබුනේ. (නදී)
ඔයාලට අපිව ගොනාට අන්දන්න බැහැ, ඒ ඒකාලේ මයින හාමිල, රටක් දයුණු කරන්න පළමුව, මහාමාර්ග, ප්‍රවාහන, වගා, සහ නිවාස. මේවා ඔයාල කියන විදියට ඔයාල කරනවානම් අපිට තව අවරුදු 30 ක් බලන් ඉන්න වෙනවා. ඒ නිසා ඔයාල ගෙදර ගියොත් හොදයි, අපි බැඳගත්තු යකාගෙන් ඉතුරු වැඩ ටිකත් කරගන්නම්. (ස)
හොරට විභාග වලට ලියන්න පුළුවන් එකේ හොර අත්සන් සහිත ගිවිසුම් අච්චු ගහන්න බැරි මොකද ? (ස)
සමීර ඔබ හරි, තිස්ස කියන්නේ මුවා පස්සේ ගිය කෙනෙක් මේ ඉන්නේ අත්තන"ඇට"නායක කෙනෙක්. (ස)
ගණන් ගන්න එපා. ගිවිසුම් ඕන තරම් ගහන්න බැරියැයි නේද ? බලේ ලැබෙන්න එපයි ඕවා ක්‍රියාත්මක කරන්න. 9 වෙනිදායින් පස්සේ ඔය ගහපු ඔක්කොම ගිවිසුම් ටික පෙලට තියාගෙන අනිත්‍යය මෙනෙහි කරන්න වෙන එකේ ඕවට නඩු දාල වැඩේ කලින්ම අනාගන්නේ මොකටද (නදී)
අනේ අපි නම් දන්නෙ නැහැ ඕවා (නි)
ඉක්මනින් ක්‍රියාත්මක වෙලා මේ ගැන කටයුතු කරන්න. හොර වැඩ තියෙන්නේ කාගේදැයි කියලා අපි දන්නවා.. (හේ)