පාර්ලිමේන්තුවේදී දිනේෂ් ගුණවර්ධන මහතා කථාකරමින් අන්තර් ජාතික මූල්‍ය අරමුදලින් ගත් ඩොලර් බිලියනයක ණය ගැන අගමැති කිසිත් නොකී බව කීවේය.
අගමැති ඊට පිළිතුරු ලෙස එම අරමුදලින් සතයක් වත් ණය අරගෙන නොමැති බව කීවේය. නමුත් මේ බදු ක්‍රමය ක්‍රමවත් ලෙස සකසා ගැනීමට විගණනයක් කරන ලෙස එම අරමුදලින් ඉල්ලා සිටි බවත් පැවසීය.
වාසුදේව නානායක්කාර මහතා පැවසූයේ ආණ්ඩුව පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමක් සිදුකරන බවයි. ආණ්ඩුව වියරු වැටී ඇති බවත් ඔහු කීය.
රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ අගමැති අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ රාජපක්ෂ රෙජීමය සංවර්ධනය කළා යැයි කියමින් කළ කිසිම දෙයකින් ආර්ථිකය ඉළට ඔසවා තැබීමට කිසිම උත්තේජනයක් නොලැබුණු බවයි. හම්බන්තොට එයට කදිම උදාහරණයක් බවද අගමැති කීවේය.
2016 අයවැයේ සංස්ථාපති බදු හා සංස්ථාපිත නොවන බදු සම්බන්ධ යෝජනා වසරකට අත්හිටුවීමටත් 2015 වසරේ බදු ප්‍රතිශතයන් එම අංශ දෙක සඳහා දිගටම ක්‍රියාත්මක කරන බවත් අගමැතිවරයා පැවසීය. ජාතිය ගොඩනැගීමේ බද්ද දැනට පවත්නා ආකාරයෙන් 2%ක ප්‍රතිශතයකම පවත්වා ගැනීමට සුදුසු බවද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
‘‘ අද අපේ රටේ ආර්ථිකයේ සැබෑ තත්ත්වය, ගෝලීය ආර්ථිකයේ බලපෑම් සහ අනාගත අභියෝග පිළිබඳව සම්පූර්ණ ප්‍රකාශයක් කරන බව පසුගිය ජනවාරි 28 වන දා මම මේ සභාව හමුවේ පැවසුවා. එයට සුදුසු අවස්ථාව එළැඹ ඇති බව මම සිතනවා.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය අවදානම් තලයකට වැටී ඇති බවට ඝෝෂා කරමින් ජනතාව තුළ බියක් ඇති කරන්නට පසුගිය දින කීපය තිස්සේම පුද්ගලයන් කීප දෙනෙක් උත්සාහ ගන්නවා. රටින් රට ගොස් සම්මන්ත්‍රණ පවත්වමින් අපේ රටේ ආර්ථිකය පිළිබඳ විදේශයන්හි ජීවත් වන අයව බියපත් කරලීමටත් සමහරු වෙහෙසෙනවා. ඒ නිසා සැබෑ තත්ත්වය මේ සභාව හමුවේ හෙළි කිරීමටයි මම මේ අවස්ථාව සලසා ගන්නේ.
2015 වසරේ මැතිවරණයක් පැවැත්වෙන බව මම ප්‍රකාශ කළේ 2014 අවුරුද්දේ මුලදීමයි. ඇත්තම කියනවා නම් මම මැතිවරණය ගැන කිව්වේ සුමනදාස අබේගුණවර්ධන මහතාට බොහෝ කලින්. සුමනදාස මහතා ග්‍රහයන් හා තරු ගණිමින් කියූ දේ මම ඊට බොහෝ කලින් කිව්වේ රටේ ආර්ථික තත්ත්වය ගැන විග්‍රහ කරමිනුයි.
රාජපක්‍ෂ පාලනය මේ රටේ ආර්ථිකය විනාශ කරමින් තිබුණු ආකාරය අනුව 2015 ට එහා ආණ්ඩුව පවත්වාගන්න අපහසු බව මට වැටහුණා. මම ඒ බව කල් ඇතිවම ප්‍රසිද්ධියේ කියද්දී සමහරු උපහාසයෙන් සිනාසුණා.
රාජපක්‍ෂ ආණ්ඩුව 2015 වසරේ මැතිවරණයක් පැවැත්වීමට තීරණය කළේ ග්‍රහයන් කෙසේ වෙතත් ආර්ථිකය නීච වෙලා තිබුණ නිසයි. ඒ තත්ත්වය මත තවදුරටත් ආණ්ඩුව පවත්වාගෙන යන්නට බැරි නිසයි.
ඉතින්, රාජපක්‍ෂ රෙජීමයේ සැලැස්ම වුණේ ඉක්මන් ජනාධිපතිවරණයක් පැවත්වීමයි. ඔවුන් හිතුවේ දිනන්න පුළුවන් වෙයි කියලයි. දිනපු ගමන් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්න. එහෙම කළාම පාර්ලිමේන්තුවේ විශාල බලයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා ඔවුන් හිතුවා. ජනාධිපති බලයයි, පාර්ලිමේන්තු බලයයි දෙකම අතට අරන්, බදු පිට බදු ගහලා, ණය පිට ණය අරන්, ජනතාව දරුණු ලෙස පාලනය කරන්නයි ඔවුන් බලාපොරොත්තු වුණේ.
නමුත් ජනතාවගේ ග්‍රහයා උච්ඡ වුණා. රාජපක්‍ෂ රෙජීමය අවසන් ගමන් ගියා.
ජනවාරි 08 වනදා විප්ලවය මගින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වන අවස්ථාවේ රටේ ආර්ථිකය තවදුරටත් ඉදිරියට ගෙන යන්නට නොහැකි මට්ටමට ඇද වැටී තිබුණා. රටේ සියලු සාරය පවුලක් වටා ගොනු කොට, වරප්‍රසාද, ප්‍රතිලාභ සහ ආදායම් ජනතාවගෙන් සියයට එකක පමණ ප්‍රමාණයකට ලැබෙන ක්‍රමවේදයකුයි ක්‍රියාත්මක වුණේ. ණය ගෙවන්න තවත් ණය ගැනීමත්, පොලී ගෙවන්න තවත් ණය ගැනීමත්, සිදු කළ විෂම චක්‍රයකුයි ක්‍රියාත්මක වුණේ. ඒ ක්‍රමය නිසා බහුතරය පීඩා වින්දා. රටේ අනාගතය අඳුරු වුණා. එක පවුලක් රජ වුණා.
අපි මේ තත්ත්වය වෙනස් කළා. මේ අවගමන අප නැවැත්තුවා. කඩා වැටෙන ආර්ථිකයෙන් පීඩාවට පත් වූ ජනතාවට වහාම සහන සැලසීම අපේ මූලික වගකීමක් වුණා. ඒ නිසා දින සියය වැඩසටහන යටතේ අප විශාල වශයෙන් සහන ලබා දුන්නා. ජනතාව අත යළිත් මුදල් ගැවසෙන්නට අවශ්‍ය පසුබිම අප ඒ ආකාරයෙන් සකස් කළා.
සමහර ඒවා මම මතක් කරන්නම්. විශ්‍රාමිකයින්ට අප්‍රේල් මාසයේ සිට රුපියල් 1000 ක් වැඩි කිරීම, රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම, ගෑස් රුපියල් 300 කින් අඩු වීම, කිරිපිටි රුපියල් 61 කින් අඩු වීම, පාන් පිටි රුපියල් 12.50 කින් අඩු වීම, සීනි රුපියල් 10 කින් අඩු වීම, මුං ඇට රුපියල් 40 කින් අඩු වීම, හාල් මැස්සන් රුපියල් 15 කින් අඩු වීම, සස්ටජන් රුපියල් 100 කින් අඩු වීම, ටින් මාළු රුපියල් 60 කින් අඩු වීම, උම්බලකඩ රුපියල් 200 කින් අඩු වීම, මිරිස් රුපියල් 25 කින් අඩු වීම, භූමි තෙල් රුපියල් 6 කින් අඩු කිරීම.
හැබැයි රටේ ආර්ථිකය වැටී තිබුණු වලෙන් ගොඩ ගැනීම ලේසි පාසු කටයුත්තක් වුණේ නෑ. ආණ්ඩුව ඉතා බරපතල විදියට ණය වී තිබුණා. ණය කන්දරාවක්. මේ ණය කන්දරාවේ ප්‍රමාණය හොයා ගැනීමත් ඉතා අසීරු කටයුත්තක් වුණා. ඒ තරම්ම අවිධිමත් විදියටයි ණය වෙලා තිබුණේ.
2016 වසරේ අයවැය ලේඛනය සකස් කරද්දීත් රටේ ණය පිළිබඳ සම්පූර්ණ තොරතුරු වාර්තා වී තිබුණේ නෑ. අයවැයෙන් පසුවත් අපට තව තව තොරතුරු වාර්තා වුණා. මේක හරියට යුද්ධයක් අවසානයේ ඇති වුණ තත්ත්වයක් වගෙයි. බොහෝ දෙනෙක් අතුරුදහන් වෙලා. ඒ අය මිය ගිය බවට ආරංචි තිබුණත්, තහවුරු කර ගෙන නෑ. මළ කඳන් හමුවී නෑ.
මෙතනදී අපට පෙනී ගිය තවත් කරුණක් වූයේ ආණ්ඩුව විවිධ ආයතන හරහා ගත් ණය ප්‍රමාණයන් ආණ්ඩුවේ ආදායම් හැටියට දක්වා ඇති බවයි. මේ නිසා අයවැය පරතරය පිළිබඳව හෝ ලබා ගත් ණය පිළිබඳව හෝ සැබෑ සංඛ්‍යා ලේඛන හෙළිදරව් වී තිබුණේ නෑ.
අපි පසුගිය දෙසැම්බර මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව සමගත් මේ පිළිබඳ සාකච්ඡා කළා. ආණ්ඩුවේ ණය පිළිබඳව සහතිකයක් අපට සකස් කර ගන්නට හැකි වුණේ දෙසැම්බර මාසයේදීයි. රාජ්‍ය ණය පිළිබඳව ඉදිරියේදී තව තවත් තොරතුරු හෙළිවිය හැකි නිසා දැනට සහතික කර ඇති ණය ප්‍රමාණය ද සියයට දහයකින් පමණ ඉහළ යා හැකි බවකුත් අපට පෙනුණා.
රාජ්‍ය ගනුදෙනු සම්බන්ධව අප පූර්ණ විගණනයක් කරන්නට තීරණය කළේ ඒ හේතුව නිසයි. මේ විගණනය සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අප හා එක් වෙනවා.
මේ සහතික කෙරුණු වාර්තාවන්ට අනුව 2015 අවසානය වන විට ගෙවීමට ඇති රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 8475 ක්. ඒ කියන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 74.9 ක්. 2016 වසරේ ණය සේවාවන් සඳහා ආපසු ගෙවීම් ප්‍රමාණය රුපියල් බිලියන 1209 ක්. මේ මුදලින් රුපියල් බිලියන 647 ක් ණය ආපසු ගෙවීම්. ණය මත ගෙවන පොලිය රුපියල් බිලියන 562 ක්.
රාජ්‍ය ව්‍යවසායන් විසින් ගෙවීමට ඇති ණය ප්‍රමාණය ජාතික ණය පද්ධතියට ඇතුළත් කර තිබුණේ නෑ. මේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 1042.8 ක්. ඛණිජ තෙල් නීතිගත සංස්ථාව බිලියන 365 ක්. වරාය අධිකාරිය බිලියන 260 ක්. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් බිලියන 211 ක්. ආදී වශයෙන් ලැයිස්තුව බොහොම දිගයි.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තම සේවක සේවිකාවන්ගේ අර්ථ සාධක අරමුදලට හා භාරකාර අරමුදලට බිලියන 23 ක් ගෙවා නැහැ. දෙපාර්තමේන්තු සහ අමාත්‍යංශ තවත් බිලියන 58.4 ක් ණයයි. ඉන් බිලියන 24 ක් මහාමාර්ග අමාත්‍යංශයේ ණය. පාරවල් හැදුවා කියමින් කයිවාරු ගැහුවාට සල්ලි ගෙවන්න වෙලා තියෙන්නේ මේ ආණ්ඩුවටයි.
රාජපක්‍ෂ රෙජීමය සංවර්ධනය කළා යැයි කියමින් කළ කිසිම දෙයකින් ආර්ථිකය ඉහළට ඔසවා තබන්නට කිසිම උත්තේජනයක් ලැබුණේ නෑ. හම්බන්තොට ඊට හොඳම උදාහරණයක්. ගුවන්තොටුපලක් හැදුවා. ගුවන් යානා නෑ. වරායක් හැදුවා. නැව් නෑ. මේ ගුවන් තොටුපොලෙන් සහ වරායෙන් වැඩක් ගන්නට පුළුවන් අන්දමේ සැලැස්මක් ඔවුනට තිබුණේ නෑ. අඩු තරමින් වරාය හා ගුවන් තොටුපල ආශ්‍රිතව කර්මාන්ත කලාපයක් ඉදි කරන්න ඉඩම් වෙන් කිරීමක්වත් සිදු කර තිබුණේ නෑ.
ඔවුන් කළේ අපේ රට ණය උගුලක සිර කිරීම පමණයි. රාජපක්‍ෂ රෙජීමයේ හිතුවක්කාරී ක්‍රියා පිළිවෙත නිසා මේ වන විට අපේ රට රුපියල් ට්‍රිලියන 9.5 ක ණය උගුලක හිරවෙලයි ඉන්නේ.දැන් අප ඉදිරියේ ඇති එක් අභියෝගයක් වෙන්නේ මේ ණය උගුලෙන් ගැලවීමයි. ඒ අභියෝගය ජය ගැනීමේ පදනම ජාතික ආණ්ඩුව නිසා ඇති වී තිබෙන බව මම මෙහිදී අවධාරණය කරන්නට කැමැතියි. සම්මුතිවාදී ජාතික ආණ්ඩුව මගින් මේ අභියෝගය ජයගත හැකි බව බහුතර මතයයි. ලෝක ප්‍රජාවගේ මතයත් එයයි. ඒ නිසා අපේ ගමන් මග ගැන බොහෝ දෙනෙක් අවධානයෙන් සිටින බවත් මෙහිලා සිහිපත් කරන්නට කැමතියි.
අප මුහුණ දෙන අනෙක් අභියෝගය වත්මන් ගෝලීය ආර්ථික අර්බුදයයි. ඒ නිසා අප එක් අතකින්, ගෝලීය ආර්ථික අර්බුදයෙන් අපේ රටට සිදුවන බලපෑම අවම කරගත යුතුයි. අනෙක් අතින් ණය උගුලේ බලපෑමෙන් මිදිය යුතුයි.
අද ලෝකයේ තෙල් මිළ පහත වැටෙමින් පවතිනවා. මේ නිසා රටේ තෙල් මිල පහත දැමිය යුතුයැයි කියන අය ඒ පිටුපස ඇති අනතුරුදායක තත්ත්වයන් දකින්නේ නැහැ. එක අතකින් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව බිලියන 365 ක් ණයයි. අනික් අතින් ලෝක තෙල් මිල පහත වැටීම නිසා සවුදි අරාබිය, ඕමානය, ජෝර්දානය සහ කුවේට් වැනි තෙල් ආදායමෙන් යැපෙන රටවල ආර්ථික තත්ත්වය පිරිහෙමින් පවතිනවා. එහි ප්‍රතිඵලය ඒ ඒ රටවල රැකියා අවස්ථා අඩුවෙමින් පැවතීමයි. දැනට ඒ රටවල රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ට රැකියා අහිමි වන්නට ඉඩ තියෙනවා. පඩි අඩු වෙන්නට ඉඩ තියෙනවා. මේ අනතුර අප අමතක නොකළ යුතුයි.
තෙල් මිල පහත වැටීම රුසියාවටද බලපානවා. ශ්‍රී ලංකාවට පැමිණෙන රුසියානු සංචාරකයන් පහත වැටෙනවා පමණක් නොව, අපේ තේ වලට රුසියාවේ ඇති ඉල්ලූමද පහත වැටෙනවා. අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන් නිසා මැදපෙරදිග කලාපය අවදානම් තත්ත්වයකට ඇද වැටී තියෙනවා. අපේ තේ අපනයනයට එය තදින් බලපානවා.
චීනයේ ආර්ථික අවපාතය ද අපට අවාසි සහගත තත්ත්වයක්. මෙරටට පැමිණෙන චීන සංචාරකයන් වගේම චීන ආයෝජනද පහත වැටෙන්නට එය හේතු විය හැකියි.
යුරෝපීය ආර්ථිකය දුර්වල වුවහොත් එය අපේ අපනයන ආදායමට බලපානවා. යම් හෙයකින් බ්‍රිතාන්‍යය යුරෝපීය වෙළඳ හවුලෙන් ඉවත් වුවහොත් එයත් අපට අවාසිදායක වෙනවා. ඒ නිසා එසේ නොවේවා කියා අප ප්‍රාර්ථනා කරනවා. අමෙරිකානු මහ බැංකුව පොළී අනුපාත ඉහළ නැංවීම සිදු කළ හැකියි. එසේ කළහොත් අපි ගෙවිය යුතු ණය පොළී අනුපාතිකයන්ද ඉහළ නගිනවා.
පසුගිය පෙබරවාරි මාසයේ 26 සහ 27 දිනවල චීනයේ ෂැංහයි නගරයේදී ජී 20 රටවල මුදල් ඇමතිවරුන්ගේ හා මහබැංකු අධිපතිවරුන්ගේ සමුළුව පැවැත්වුණා. එය අවසානයේ ඔවුන් නිකුත් කළ නිවේදනයේ මෙසේ සඳහන් වෙනවා.
“ප්‍රාග්ධන ප්‍රවාහය ක්‍ෂණිකව වෙනස් වෙන පසුබිමක, පසුබැසීමේ අවදානම සහ අනපේක්‍ෂිත අවස්ථා වර්ධනය, වෙළඳ භාණ්ඩ මිල විශාල ලෙස පහත වැටීම, භූගෝලීය දේශපාලන ආතතිය ඉහළ නැංවීම, එක්සත් රාජධානිය යුරෝපීය හවුලෙන් ඉවත් වීමට ඇති ප්‍රවණතාවය වැඩි වීමේ කම්පනය, යුරෝපයට පැමිණෙන සරණාගතයන් සංඛ්‍යාව වැඩිවීම ආදී සාධක සියල්ල මධ්‍යයේ ලෝක ආර්ථිකය දැඩි අර්බුදයකට මුහුණ දිය හැකි බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.
විනිමය අනුපාතිකයන්ගේ වෙනස්වීම් සහ ව්‍යාකූලත්වය මගින් මුල්‍ය ස්ථාවරයට බලපෑම් සිදු විය හැකි බව අප නැවතත් අවධාරණය කර සිටිමු.”
ඒ, ජී 20 කණ්ඩායමේ අදහස.
රාජ්‍ය ණය පද්ධතියෙන් සඟවා තිබූ ණය මුදල්, රාජ්‍ය ණය පද්ධතියට එකතු වීම නිසා ඇති වුණු අර්බුදය ණය ගෙවීම් ප්‍රතිව්‍යුවහගත කිරීම් වලින් හෝ සමනය කර ගැනීමේ අවස්ථාව ද ගෝලීය ආර්ථික අවපාතය නිසා අහිමි වී ගොස් තිබෙනවා. පසුගිය කාලයේ නොවෙනස්ව අනුගමනය කළ ක්‍රමය වුණේ වෙළඳපොලෙන් මුදල් සොයා ගැනීමයි. නමුත් අද වන විට ලෝක වෙළඳපෙලෙන් මුදල් ලබා ගැනීම අසීරු සහ වියදම් අධික ක්‍රමයක් බවට පත් වී තියෙනවා.
පසුගිය ජනවාරියේ ඩවොස් නුවර පැවති ලෝක ආර්ථික සමුළුවේදී අප ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්‍ෂිකා ක්‍රිස්ටින් ලෙගාඩ්, ප්‍රකට ව්‍යවසායකයන් හා ආර්ථික විශේෂඥයන් වූ ජෝර්ජ් සෝරෝස්, ජෝශප් ස්ට්ග්ලිට්ස් සහ රිකාඩෝ හවුස්මාන් වැනි අය හමුවී සාකච්ඡා කළා. ගෝලීය ආර්ථික අවදානමට රටක් ලෙස අප මුහුණ දිය යුතු ආකාරය ගැන අප අදහස් හුවමාරු කර ගත්තා. ඔවුන් සියලු දෙනාම කිව්වේ ගෝලීය ආර්ථික අර්බුදය ගැන අනාවැකි පළ කිරීම අසීරු බවයි. ඒ නිසා අරපරිස්සමින්, රටේ ආදායම් වැඩි කර ගැනීම ගැන වැඩි බරක් තබන ලෙස ඔවුන් පැවසූවා.
යුරෝපා සංගමයේ සාමාජිකත්වය පිළිබඳ එක්සත් රාජධානියේ මත විමසුම සහ එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය හේතුවෙන් මේ ගෝලීය ආර්ථික අවදානම ආසන්න වශයෙන් ඉදිරි වසරක කාලයක් පමණ පැවතීමට ඉඩ තියෙනවා.
ඒ නිසා මේ වසර අප සීරුවෙන් ගෙවා ගත යුතු වසරක්. මේ වසරේ දේශීය හා ගෝලීය අර්බුදය හමුවේ නොවැටී සිටින්නට අප ශක්තිය ඇති කර ගත යුතුයි. ධෛර්යය ඇති කර ගත යුතුයි. මේ අවුරුද්ද තුළ ආර්ථික ස්ථාවර භාවය ආරක්‍ෂා කර ගැනීමට අපට හැකි වුවහොත් අප අසීරුම අවස්ථාව ජය ගත්තා වෙනවා. අසීරුම අවස්ථාවෙන් ගොඩ එන්නට අප සමත් වුවහොත්, අනාගතය වඩාත් යහපත් හා පැහැපත් කර ගැනීම පහසුයි.
රාජපක්‍ෂ රෙජීමය කළේ ණය ගෙවීම සඳහා තව තව ණය ගැනීමයි. මේ නිසා ණය පිට ණය පැටවුණා. පොලී පිට පොලී පැටවුණා. මේ තත්ත්වය තවදුරටත් ඉදිරියට ගෙන යන්නට අප සූදානම් නෑ. රාජපක්‍ෂ රෙජීමය මේ ආකාරයට වැඩි වැඩියෙන් ණය ගනිමින් සුරංගනා ආර්ථිකයක් මවා පෙන්නුවා. ඒ සුරංගනා කඩතුරාවට මේ රටේ සමහරු පමණක් නොව, ආර්ථික දර්ශක සකස් කරන ජාත්‍යන්තර ආයතන පවා රැවටුණා.
දැන් අප ඒ කඩතුරාව ඉවත් කර තියෙනවා. දැන් අපේ ආර්ථිකයේ සැබෑ ස්වරූපය විවෘතව දකින්න තියෙනවා. ඒ නිසා තමයි ෆිච් දර්ශකයේ අපේ ස්ථානය පහළ වැටුණේ.
කලින් ආණ්ඩුව කළා වගේ තව තව ණය ගැනීමෙන් මේ ප්‍රශ්නය විසදාගන්න බෑ. අප ඉන්නා මේ අනතුරුදායක තත්ත්වයෙන් ගොඩ එන්න නම්, රටේ ආදායම් වැඩි කර ගත යුතුයි. අප සිදුකරන්නේ එයයි. ඒ සඳහා වැඩි වැඩියෙන් ආයෝජන මෙරටට ලබා ගත යුතුයි. රැකියා අවස්ථා වැඩි කර ගත යුතුයි. අපේ නිෂ්පාදන සඳහා වඩාත් පුළුල් විදේශීය වෙළඳ පොළක් නිර්මාණය කර ගත යුතුයි. බදු ආදායම් විධිමත් කර ගත යුතුයි.
අද අප එළැඹ තියෙන්නේ දේශපාලනික වශයෙන් තීරණාත්මක මංසන්ධියකටයි. සමෘද්ධිමත් සහ සාමකාමී ශ්‍රී ලංකාවක් පිළිබඳ රජයේ ඉදිරි දැක්ම, විශේෂයෙන් ජනතාවගේ ආදායම ඉහළ නංවන රැකියා දස ලක්‍ෂයේ වැඩපිළිවෙළ, නිවාස පන් ලක්‍ෂයේ වැඩපිළිවෙළ සහ අධ්‍යාපනය සහ සෞඛ්‍ය අංශවල සංවර්ධනය යන වැඩපිළිවෙළවල් සාක්‍ෂාත් කර ගැනීමට අපට අවශ්‍යයි. නමුත් අස්ථාවර ගෝලීය පරිසරය අපට බාධා කරනවා. මේ බාධක ජය ගැනීමට නම් නව්‍ය ප්‍රවේශයකින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා.
මෙරට මත පැටවී ඇති අධික ණය බර හේතුවෙන් රටේ සම්පත්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ණය ආපසු ගෙවීම සඳහා යොමු කිරීමට සිදුවී තිබෙනවා. මෙම ගැටලූව ජයගත හැක්කේ අයවැය පරතරය අවම කර ගැනීම සහ රටේ ණය බර අඩු කර ගැනීම ඉලක්ක කර ගත් සුදුසු ප්‍රතිසංස්කරණ සහිත මැදි කාලීන මූල්‍ය ඒකාබද්ධකරණ වැඩපිළිවෙළකින් පමණයි. මෙය කඩිනමින් ඉටු කරගත යුතු කාරණයක්.
නවීන ලෝකයට ගැලපෙන පරිදි, වර්තමාන අවශ්‍යතාවන්ට සරිලන පරිදි බදු එකතු කිරීමේ නව ක්‍රමවේදයක් සැකසීම ගැනත් අපගේ අවධානය යොමු වී තියෙනවා. මෙයට සමගාමීව නව බදු ක්‍රමයක් සහ වැඩි දියුණු කළ ආදායම් රැස්කර ගැනීමේ ක්‍රමවේදයක් 2017 වර්ෂය තුළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍යයි. මේ ගැන අප දැනටමත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කර තියෙනවා.
2016 වසර ඉතා අවිනිශ්චිත සහ අභියෝගාත්මක වසරක් බව මම කලිනුත් සඳහන් කළේ ඒ නිසයි. 2016 අයවැය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ලෝක ආර්ථිකයේ සිදු වූ වෙනස්කම් සහ රාජ්‍ය ආයතනවල පවතින අලූතින් හෙළි වූ වගකීම් ප්‍රමාණයන් ද සැලකිල්ලට ගැනීම අනිවාර්යයෙන්ම සිදු කළ යුත්තක්. මේ ණය උගුල අවබෝධ කර ගනිමින්, 2016 වසරට අපේක්‍ෂිත සංවර්ධන ඉලක්කයන් නොවෙනස්ව පවත්වා ගැනීමද අප සිදු කළ යුතුයි.
ඒ වගේම සංවර්ධනයට අවශ්‍ය ගතිකත්වය පවත්වා ගැනීමට නම් අප ආර්ථික වර්ධනය 6% ආසන්නයේ පවත්වා ගත යුතුයි. මූල්‍ය ඒකාබද්ධකරණ ක්‍රියාවලිය ශක්තිමත් කළ යුතුයි. ඒ අනුව පවත්නා සාර්ව ආර්ථික තත්ත්වයන්, ඇති විය හැකි සාර්ව මූල්‍ය අවදානම්, ජනතාවගේ ජීවන වියදම සහ ජීවන තත්ත්වය මත විය හැකි බලපෑම් යන කරුණු සැලකිල්ලට ගනිමින් 2016 අයවැයෙන් සහ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ප්‍රකාශිත ඇතැම් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයන් යළි සලකා බැලිය යුතු බව අපට හැඟී ගියා.
ඒ නිසා 2016 අයවැය යෝජනාවන්ට අදාළ බදු ප්‍රතිපත්ති කීපයක් සංශෝධනය කරන්නට බලාපොරොත්තු වෙනවා. සංස්ථාපිත බදු සහ සංස්ථාපිත නොවන ආදායම් බදු 2016 අයවැයේ මෙම බදු සම්බන්ධ යෝජනා වසරකට අත්හිටුවීමට යෝජනා කරනවා. 2015 වසරේ බදු ප්‍රතිශතයන් මේ අංශ දෙක සඳහා දිගටම ක්‍රියාත්මක කෙරෙනවා. ව්‍යවස්ථාපිත ආදායම් බදුකලින් විවිධ බදු අනුපාතයන්ට යටත්ව පැවැති ඉතිරි සියලූම අංශ සදහා 2016 අයවැයෙන් යෝජනා කළ 15% ක ප්‍රතිශතය වෙනුවට 17.5% ක බදු අනුපාතයක් පැනවීමට ක්‍රියා කරනවා.
ප්‍රාග්ධන ඉපැයීම් මත බදු
1987 වසරේ සිට ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වර්ධනය ඉපැයීම් මත බදු අය කිරීම සිදු කළේ නෑ. කෙසේ වෙතත් පසුගිය දශකයේ දී රට තුළ විශේෂයෙන් සමාජයේ ඉහළ ස්ථරයන් තුළ පෞද්ගලික ප්‍රාග්ධනයේ අතිවිශාල වර්ධනයක් දැකිය හැකි වුණා. ඉඩම් මිල ඉහළ යෑම සහ කොටස් මිල ඉහළ යෑම මෙම විශාල ප්‍රාග්ධන වර්ධනයට හේතුවක් ලෙස සැලකිය හැකියි. මේ තත්ත්වය පසුගිය වසර 10 පුරා පැවැතුණා. 2015 අයවැයෙන් ලබාදුන් සහන හේතුවෙන් සමස්ත ඉල්ලූම ඉහළ නැංවුණා. ඒ හේතුවෙන් ප්‍රාග්ධන ඉපැයීම් මත බද්ද යළි පැනවීමට අපි ක්‍රියාකරනවා.
ජාතිය ගොඩනැගීමේ බද්ද (NBT)
ජාතිය ගොඩනැගීමේ බද්ද පිරිවැටුම මත පදනම් වූ බද්දක්. ඒ නිසා 2016 අයවැයෙන් යෝජනා කළ පරිදි එම බදු ප්‍රතිශතය 2% සිට 4% දක්වා වැඩි කිරීම ආර්ථිකයේ සෑම අංශයකටම බලපෑමක් එල්ල වෙනවා.
එම විහිදුනු බලපෑම වැළැක්වීම සහ ව්‍යාපාර සංවර්ධනය සුරක්‍ෂිත කිරීම වස් ජාතිය ගොඩනැගීමේ බද්ද දැනට පවත්නා ආකාරයෙන් 2% ක ප්‍රතිශතයකම නොවෙනස්ව පවත්වා ගැනීම සුදුසයි. විදුලි සැපයුම, ලිහිසි තෙල් සහ විදුලි සංදේශ සේවා මත ලබාදී තිබූ බදු සහනය ඉවත් කිරීමට කරනු ලැබූ යෝජනාව එලෙසම ක්‍රියාත්මක වන අතර කාර්තුවක් සඳහා රුපියල් මිලියන 3.75 ක් වූ අවම සීමාව රුපියල් මිලියන 3 දක්වා පහත හෙලනවා.
එකතු කළ අගය මත බදු (VAT)
11% ක් වූ තනි අනුපාතයක් වෙනුවට 2016 අයවැයෙන් 8% ක් සහ 12.5% ක් වශයෙන් වූ එකතු කළ අගය මත බදු අනුපාත දෙකක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කළා.
කෙසේ වෙතත් ලෝකයේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ බදු එකතු කිරීමේ ක්‍රමවේදයේ පවත්නා දුර්වලතා හේතුවෙන් 15% ක් වූ තනි එකතු කළ අගය මත බදු අනුපාතයක් පවත්වා ගැනීම වඩාත් ආරක්‍ෂා සහගත විකල්පයක් වෙනවා. විදුලි සංදේශ සේවා, පෞද්ගලික අධ්‍යාපනය සහ පෞද්ගලික සෞඛ්‍ය මත ලබා දුන් බදු සහන ඉවත් කරනවා. වැට් බදු වැඩි කිරීමෙන්, අඩු ආදායම් ලාභීන්ට පීඩාවක් ඇති වීමට අප ඉඩ දෙන්නේ නෑ.
අත්‍යවශ්‍ය භාණ්ඩ සහ විදුලි බලය සඳහා වැට් බදු පනවන්නේ නෑ. අත්‍යාවශ්‍ය භාණ්ඩ නොවන තෝරාගත් තොග සහ සිල්ලර භාණ්ඩ මත පමණක් වැටි බදු පැනවීමට අප ක්‍රියා කරනවා.
එම බදු ප්‍රතිපත්ති සංශෝධන මගින් වගේම, විදේශීය රටවල් සමග ආර්ථික හා වාණිජ සබඳතාවන් ශක්තිමත් කරලීම මගින් වැඩි ආදායම් උපයා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.
ඒ සඳහා ඉතා ඉක්මණින්ම ජීඑස්පී + සහනය ලබා ගැනීම ඉතාම වැදගත්. අපේ රටේ ඇඟළුම් පමණක් නොව අනෙකුත් නිෂ්පාදන සඳහාත් යුරෝපීය වෙළඳ පොළේ වැඩි අවස්ථාවක් ලබා ගැනීමට එමගින් හැකියාව ලැබෙනවා.
ඒ සමගම අප විවිධ රටවල් සමග සහයෝගීතා ගිවිසුම් වලට එළැඹිම සඳහා සාකච්ඡා කරනවා. ඒ ගිවිසුම් ඔස්සේ අපි ඒ ඒ රටවල වෙළඳ පොළ සඳහා අපේ නිෂ්පාදන යොමු කරනවා. අපි අපේ වෙළඳ පොල පුළුල් කර ගත යුතුයි. මේ ගිවිසුම් ඔස්සේ ඊට ඉඩකඩ සැලසෙනවා විතරක් නෙවෙයි. අපේ රටේ තරුණ තරුණියන් ලක්‍ෂ ගණනකට අලූතෙන් රැකියා අවස්ථා සැලසෙනවා.
අපි ඉන්දියාව සමග සාකච්ඡා කරමින් සිටින්නේ. ගිය සතියේ අපේ අමාත්‍යවරුන් දෙදෙනෙක් චීනයේ සංචාරය කළා. ඒ පදනම ම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජපක්ෂලා හොරකම් කළා නම් දැන් ඒ සල්ලි ඉතුරුවෙලා තියෙන්න එපැයි. දැන් හොරාකන්නේ කව්ද එතකොට? බැරිකමට හැමදාම රාජපක්ෂලා. රාජපක්ෂලා ඉන්නතුරු මෙයාලත් ආණ්ඩුව කරගෙන යාවි එකම තැටිය දාගෙන (නි)
කළු සල්ලි පොම්ප කරලා දුවපු ආර්ථිකයකින් කළු සල්ලි ඉවත් කලාම අර්බුධ ඇති වෙනවා. එත් කළු සල්ලි වලින් දුවන ආර්ථිකයකට වැඩිය මේ යහපාලන ආර්ථිකය ගොඩක් හොදයි.(ම)
බදු වැඩිවෙනවා. සහනාධාර කැපෙනවා. පුද්ගලිකකරණය ගැන කියවනවා. කිසිම ආර්ථික ප්‍රතිපත්තියක් පෙනෙන්නේ නැහැ. රට අයාලේ යනවා. (බ)
රටකට ආණ්ඩුවක් ඕන රට එකම නීතියක් යටතේ ජනතාවට සාමකාමිව, සතුටින් , ආර්ථිකමය වශයෙන් අපහසුවට පත් නොවී ජීවත්වීම සඳහා නිතිය , සාමය , සහ ආර්ථිකය මෙහෙයවිමටයි .. ඒ දෙය කරන්න බැරිනම් ඡන්දයක් වෙලාවට බලය ඉල්ලන්න එපා .. අනික බලය ඉල්ලන්නේ බලයට ඇවිල්ල රට ගොඩ දාන්න නම් බලයට ආවට පස්සේ ගිය ආණ්ඩු කරපු දේවල් සංසන්දනය නොකර අනංමනං කියවන්නේ නැතුව රට සහ ජනතාව ගොඩ දාන්න ඕන .. 11% ට තිබුන වැට් බද්ද 15% තෙක් වැඩිකරනවා කියන්නේ ජනතාවගේ පැත්තෙන් බලපුවම දරන්න පුළුවන් ප්‍රමාණයක් නොවෙයි .. යුද්දේ කාලේවත් ඔහොම වැට් ගැහුවේ නැහැ . දැන් යුද්දෙත් නැහැ යුද්දෙට වෙන් කරපු අතිවිශාල මුදලත් අවුරුදු ගානක් තිස්සේ ඉතුරුයි .. ඒ ඉතිරි වෙන මුදල ගැන කිසිම ආණ්ඩුවක් කතා කරන්නෙත් නැහැ . ජනතාවගෙන් තව බදු ගහල දේශපාලකයෝ ටිකට තව බදු සහන ටිකක් දෙමු .. මේ රටේ කෝටි දෙකක් ජනගහනය ඉන්නේ 225 කට සැප ජිවිතයක් ගතකරන්න මුදල් හොයල දෙන්නයි (බ)
මොකද මේ බදු වැඩි කර කියල නොකිය වටේ අත ගාන්නේ (බ)
අපි ඉතින් බලා ඉන්නවා.... (නි)
ඇත්ත ඇති සැටියෙන් දකින නායකයෙක්. ගොඩක් අය කොමෙන්ට්ස් වලින් බැන්නත් මේ නායකයා එක රුපියලක් හොරකම් කරලා තියෙනවා කියල දන්නා කෙනෙක් ඉන්නවනම් හේතු ඇතිව දක්වන්න. (ම)
රාජපක්ෂ රෙජීමය පවුල් සංස්ථාව වර්ධනය කිරීම සඳහා ගත් කෝටි ප්‍රකෝටි ණය ගැන, ඒවාට ගෙවීමට තිබෙන අති විශාල පොළී සම්බන්ධයෙන් ඒ පාලන සමයේ හිටි රාජපක්ෂ හෙන්චයියල දැන් උමතුවෙන් වගේ කෑමොර දෙනවා. නහර පුප්පාගෙන, යටි ගිරියෙන් කෑ ගසමින්, භූමිතෙල් ගෑවුන ගැරඩි වගේ දඟලන බව පේනවා !!!! ඇත්ත පෙන්වා දෙන විට ඔහොම වෙන එක ස්වාභාවිකයි...(බ)
බෙනට් ගේ කතාවට මම එකගයි මේ රටේ කෝටි දෙකක් ජනගහනය ඉන්නේ 225 කට සැප ජිවිතයක් ගතකරන්න මුදල් හොයලා දෙන්නයි (හේ)
මෙහි අදහස් දක්වා ඇති බොහෝ පිරිස්,අර කුලියාපිටියේ සම හරක් ජනතාව වගේ.අකුරු දන්නවා මොලේ නැහැ. කරුණාකර,මේ රජයට ඉඩදෙන්න. පෙරපරිදි නොව, දෙගොල්ලොම එකතු වෙනකොට දෙපැත්තම වැරදි එලියට එනවා. එමනිසා නිවැරදි තත්වය ජනතාවට දැනගත හැකි. ඇත්ත වශයෙන්ම කියනවනම්,පසුගිය දශකයේ, රටට කර ඇති හානිය කියා නිමකළ නොහැකි. බුද්ධිමත් ජනතාව මේවා තේරුම් නොගතහොත්,අප තවත් සෝමලියාවක් වෙනවා ළඟදීම. (බ)
රාජපක්ෂලා හොරකම් කරපු සල්ලි වලින් අය වැය පියවා ගැන්මට නොහැකි වීම පුදුමයට කරුණකි.(කෞ)
මේ රටට දිනකට ඩොලර් මිලියනගානක් මුදල් පිටරටින් එනවා , රජයක් තිබුනත් නැතත් රටේ නිෂ්පාදන උනත් නැතත් මේ රට වැටෙන්නේ නැහැ යුද්දය තිබුන කාලෙත් දැනුත් වෙනසක් නැහැ . (කෞ)
මෙය දේශපාලන කෝණයකින් කියන දෙයක් නොවේ. රජය අලුතින් රැකියා අවස්ථා ඇතිකර රටේ නිෂ්පාදනය වැඩිකළයුතු බව පැවසුනා. මේ සඳහා පුහුණු ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමට පුද්ගලික අංශයේ සහයද බලාපොරොත්තු වෙන බව කියවුණා. නමුත් පුද්ගලික අධ්‍යාපන ආයතන මත නැවත වැට් බදු පැනවෙනවා. එමඟින් පුද්ගලික අධ්‍යාපන ආයතන වෙත තරුණයන් ඇදීයාම දුර්වල වෙනවා. මෙය පරස්පරවිරෝධීයි. කරුණාකර නිසි නියාමනයක් ඇතුව පුද්ගලික හෝ රජයේ අනුබද්ධ ආයතන හරහා තරුණයන්ට දැනුම ලැබීමට අවස්ථා ඇතිකරන්න. මෙයයි රට පෙරට ගැනීමට ඇති එකම මඟ. (නි)
ඔය ඉහළ කතාවේ එක තැනක තිබෙනවා, පසුගිය අවුරුදු දහය තුළ කොටස් වෙළඳපොළ, ඉඩකඩම් මිල අධික වශයෙන් ඉහළ ගියා කියලා. ලෝකයේ අනිත් රටවල අවපාත තත්වයක් තිබිලත්, එතුමාම පිළිගන්නවා පසුගිය කාලය හොඳයි කියලා. මෙතන ඉන්න බොහෝ සමහරක් ආර්ථිකය ගැනවත් අංක ගණිතය ගැනවත් අබමල් රේණුවක් තරම්වත් දන්නේ නැතුව ඇස් පාටකරගෙන දොඩවනවා. (නි)
දැන් එහෙනම් ඉස්සරහට රට සුඛිත මුදිත වෙයි (නි)
ශමන්ත වෙල්ගම, තමුන්ගේ නොහැකියාව වසාගැනීමට රාජපක්ෂ ආණ්ඩුවට බැන බැන ඉඳලා වැඩක් නැහැ. මහින්ද රටේ බලයට එනවිට ණය බර රටේ දළ ජාතික නිෂ්පාදනයට සාපේක්ෂව 105% වුණා. නමුත් ඔහු රට 2014 බාරදෙනවිට එය 71% වූ අඩුඅගයක පැවතුනා. දැන් එය 76% දක්වා වැඩිවෙලා. එහෙම වුණේ රට සංවර්ධනය කරලා නොවෙයි.ණය ගෙවීමේ හැකියාව වැඩිනම් ණය දෙන ආයතන හෝ රටවල් කොන්දේසි පනවන්නේ නැහැ. අනිත් කරුණ නම් රුපියල අවප්‍රමාණය වූ නිසා ගෙවිය යුතු ණය සහ පොළී ඉතා ඉහළ යනවා. සත්‍ය මේකයි. (නි)
අපොයි වෙල්ගම මහත්තයෝ , ඔය වගේ අයත් මේ රටේ ජීවත්වෙනවනේ? ගලවන්න පාට කණ්ණානාඩි, වැරැද්ද වැරැද්ද හැටියට දකින්න. පසුගිය දශකයේ රටට කරපු හානි තමා අවුරුදු 30ක් ගොඩගහපු මළමිනී නවත්වපු එක. 200 කිමී යන්න පැය 5 ක් ගිය රටක් වෙනස් කරන්න හදපු එක. හැබැයි ඍණ ආර්ථිකයක් හදපු මැඩම් හොඳයි. අනේ අනිච්චං! (නි)
මේකත්, මතක තියාගන්න. ජපානයේ ණය බර දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව 210% යි. ඇමෙරිකාවේ 110%, මහින්ද ගන්නකොට ලංකාවේ 105%, 2015 ජන. 8 වෙනිදා බාර දෙන විට 71% යි. අද 77% යි. අපි කාටවත් කඩේ යන්නේ නැහැ. හැබැයි මාතෘ භුමිය මට දීලා තියෙන දේවල් වලට ණය ගෙවන්න තියෙනවා. (බ)
බෙනට් ඒකාලේ යුද්දෙට ගත්ත ණය තව අවුරුදු ගණකටවත් ගෙවලා ඉවර කරන්න අමාරුයි .එ්වයි තව කොපමනනම් ණය ගෙන තියෙනවද ?අධ්‍යාපනයට බෙහෙත් හේත් වලට දොස්තර වරුන්ගේ පඩි ගෙවන්නේ ණය අරන් නේද ? මේවයින් ආණ්ඩුවට රටට අදායමක් ලැබෙනවද ?මොවුන් නිකම් ඉගෙන ගෙන නිකම් රටට වැඩ කරන්නේ නැහැ නේද ? (බ)
තිලක් නිකම් බක පණ්ඩිතයෙක් වෙන්න එපා..මට පෙන්නේ ඔයා නම් මොනවත් දන්නේ නැති කෙනෙක් වගේ..පාට කන්නාඩි දාගෙන ඉන්නේ තමුන්නාන්සේ..(බ)
සන්නිවේදන, සෞඛ්‍ය සඳහා ලබාදුන් සහනාධාර කපලා කියලත් කියවුණා. තේරෙන විදිහට නම් හොඳටම පටි තද කරගන්න වෙයි.(කෞ)
තියෙන වියදම් මදිවට අලුත් වියදමකුත් එකතුවෙලානේ මතක නැද්ද භාෂා පරිවර්තක ගාස්තු? (නි)
දැන් රාජපක්ෂලට බැනල වැඩක් නැත ඔබලාගේ දක්ෂ කම් පෙන්වන්න. රජයේ සේවකයින්ට 10000 දීම රජයට පියවර ගන්න බැරි වියදමකි පැට්‍රොල් මිල අඩු කිරීමෙන් කිසිම දෙයක මිල අඩු උනේ නැත එහි වාසිය වාහන හිමියන්ට පුද්ගලිකව උන වාසියකි. මෙනිසා රජයට විසල අදායමක් නැතිඋනේය. (කෞ)
මහින්ද යුගයේදී මේ රටේ විදේශ ආදායම් ක්‍රමවේද පිරිහී ගිය බව බොහොම පැහැදිලියි. ජීඑස්පී නැති වුණාම එතුමා කිව්වේ ඕක මොකක්ද ඒක බොහොම සුළු ගානක්නේ කියලා. ඒ යුගයේ ලංකාවට ආ ගූගල් සමාගමත් ආපසු හැරී ගියා. ඒවගේ දේවල් ගොඩක් දේවල් තිබෙනවා. රටට දිගුකාලීන ප්‍රතිපත්තියක් නැති බවත් ඇත්ත. මහින්ද මහතා එහෙම දේවල් කරලා අසාර්ථක වුණ නිසා ඔබතුමන්ලාට දුන්නම ඔබලා කළේ ඊටත් වඩා මෝඩ වැඩ. (නි)
අගමැතිතුමනි, ඔබ බය නැතුව ආර්ථික ප්‍රතිසංස්කරණ වලට යන්න. විධායකය ඔබට සහාය දෙන නිසා 2004 වගේ අවාසනාවන්ත තත්වයකට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. තව අවුරුදු දෙකක් යනකොට ඔබට රට ණය උගුලෙන් ගොඩගන්න පුළුවන්. එතකොට මිනිස්සු ඔබගේ ගුණ වර්ණනා කරාවි. (නි)
අහිංසක ජනතාව ගැන නොහිතා ධනපති පන්තිය ගැන විතරක් හිතන පාලකයෝ පිරිසක් ඉන්න රජයක්.(කෞ)
තව විශේෂ ප්‍රකාශ තියනවද සර්? (නි)
විවිධ කර්මවලින් ණය ලබාගෙන සංවර්ධනයේ මුවාවෙන් මුදල් ගසාකාපු කොමිස් කාරයෝ මේ රටේ මහා ජනතාව අගාධයට තල්ලු කරලා. කවදා හෝ ඔවුන්ට හා එම පරම්පර වල්වලට ඒවායේ විපාක විඳීමට සිදුවීම අනිවාර්යයි. (කෞ)
යම් කිසි උගත් කමක් ඇති මිනිසුන් වශයෙන් අපට ඔබ කියන ඇත්ත තත්වය තේරෙනවා. රටකට ණය වශයෙන් ගත් මුදලක් එම රටේ අදාළ වර්ෂයට උපයපු ආදායමක් හැටියට ගත්තම ඇතිවන තත්වය තේරුම් ගන්න ලොකු උගතෙක් වෙන්නම ඕන නැහැ. නමුත් ගැලරියට කතා කරන හිටපු ජනාධිපතිතුමා කියන්නේ එම ණය ණය වශයෙන් පොත් පත් වල සටහන් වෙලා නැත්නම් නොගෙවා ඉන්නලු. මේ වගේ ප්‍රකාශ වලට හුරේ දමන මිනිසුන් ලංකාවේ ඉන්න නිසා තමා මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. (බ)
රාජපක්ෂ හෙන්චයියලා දැන් උමතුවෙන් වගේ කෑමොර දෙනවා. ඇත්ත පෙන්වා දෙනවිට ඔහොම වෙන එක ස්වාභාවිකයි. (නි)
ගිය ආණ්ඩුව කලේ කොච්චර හොරකම් කලත් ඒවා පිළිගන්න බැරි හොරකමට උඩගෙඩි දෙන අවනිතියට උඩගෙඩි දෙන පිරිසක් රටේ ඉන්නවා. ඒ නිසා තම අපේ රට තාම මෙතනේ තියෙන්නේ. ඒ ගොල්ලන්ට ඕන අවනීතිය රජ කරවල එකෙන් වාසියක් ගන්න. යථාර්තයට මුහුණ දීල රට ගොඩගන්න කැප වීමක් කරන්න අපි සුදානම්. ඒ කැපවීමට ප්‍රතිපල තිබිය යුතු. හොරකම දුෂණය නැතිකළ යුතු. (කෞ)
රනිල් මහත්තයෝ, ඔය කතන්දර 1965 ඉඳලම අහලා දැන් හරි පුරුදුයි. එන හැම කෙනාම පටන්ගන්නේ හිටපු එකා ආර්ථිකය කාලා ගිහිල්ල කියලයි. නමුත් ආ දින පටන් තමන්ගේ වැටුප වැඩිකර ගන්න, දීමනා වැඩිකරගන්න, පවුල් පිටින් රට සවාරි යන්න, බදු වලින් තොර සුඛෝපභෝගී වාහන ගන්න, කැස්සක්-හෙම්බිරිස්සාවක් හැදුනත් මවුන්ට් එලිසබත් යන්න බාන්ධාගාරයේ ඕනෑතරම් සල්ලි තිබෙනවා. පාට පාට කණ්ණාඩි වලින් තොරව කතාකරන බෙනට්ලා, නිලන්තලා යන බෝට්ටුවේම නන්දලාල්ලත් දිව්‍ය ලෝකේ යන්න හදනවා. (නි)
මැතිවරණ වේදිකාවල මේගොල්ලෝ ජනතාවට පෙන්‍වූ සුරූපී මියුලැසිය බිමින් තියලා දැන් පෙන්වන්නේ සෙම් සොටු පෙරාගත් මුහුණ විකෘති වූ දිරාගිය මළ පෙරේතියක් (නි)
ලොකු මිනහාගෙන් අරගෙන පොඩි මිනිහාට දෙනවා කියනවා. මාධ්‍යවේදීන්ට සහන මිලට යතුරුපැදි දෙනවා කිවුවා. අන්න දැන් ඒක ණයක් බවට පත්වෙලා. කරුණාකරලා නැතිබැරි මිනිසුන්ට සහන ලැබෙන වැඩපිළිවෙලකට යන්න. මන්ත්‍රීවරුන්ට නම් වාහාන බලපත්‍රයවත් තියෙනවා.මේවා තමයි රටේ අපරාධ (නි)
මහින්ද එක දවසකට ලක්‍ෂ දෙසීය ගානක් තමන්ගෙ නඩත්තුවට වෙන් කරගත්තා කිව්වා. දැන් මහින්ද ගෙදර යවලා අවුරුද්දකටත් වැඩියි. අවම වශයෙන් ලක්‍ෂ 200, 365 න් වැඩි කරලා බැලුවොත් මේ පේනවා මේ ගොල්ලො කොච්චර ඉතුරු කරගෙනද කියලා. දැන් යුද්ධෙත් නැත්නම් ආයුධත් පිටරට වලින් ගන්නෙ නැත්නම් කෝ ඔය ඉතුරු කරනවයි කියපු සල්ලි? (නි)
යහපාලනයක් වෙනුවෙන් ඡන්දෙ දුන් කට්ටිය අත උස්සන්න. ඔයාලට දැනෙන වෙනස සනීපද කියලා කියන්න. (නි)
මේ ආණ්ඩුව මෙච්චරකල් හරි දිව්වෙ ලෝක වෙළද පොළේ තෙල් මිල අඩුවෙලා තියෙදිදි එ්කෙ වාසිය මහජනයාට නොදී කළ වංචාවෙන්. රාජපක්ෂ ආණ්ඩුව හොරාකන ගමන් (ඉහත නන්දලාල් ද සිල්වා කියන විදියට) රටත් සංවර්ධනය කරලා,ගොවියාගෙ පොහොර සහනාධාරයත් දීලා, ආර්ථිකෙත් ස්ථාවරව පවත්වාගෙන ගියා. මේ රජය ඒ කිසිම දෙයක් නොකර තමන්ගෙ බැරිකම වහගන්න ඒකටත් මහින්ද අල්ලනවා. (නි)
2015ට කලින්නම් යුද්ධ, බටහිර කෙනෙහිලිකම් සියල්ල තිබිලත් රටේ ආර්ථිකය පණගහලා තිබුණා. 2015 ට කලින්නම් කිසි ලෙඩ ගතියක් තිබුනේ නැහැ. 2015 ඉඳලා තමයි ලෙඩ වෙලා, එක්තැන්වෙලා, ඔත්පල වෙලා ඉන්නේ. (නි)
අගමැතිතුමනි, රටේ ව්ශාල ප්‍රමාණයක් ඌන පෝෂණයෙන් පෙළෙනවා. හදිසි අවස්තාවක් ප්‍රකාශයට පත් කොට ආහාර ද්‍රව්‍ය මිල 50% කින්වත් බස්සන්න.(කෞ)
ආණ්ඩුව ගන්න මිනිසුන්ට කියපු සුරංගනා කතා වගේ නෙමෙයි ආණ්ඩුවක් කරද්දී. මට අහන්න තියෙන්නේ එක ප්‍රශ්නයක් විතරයි. 2015 වෙනකන් හොරකම් කරලා හරි නඩත්තු වෙච්ච පාරවල් ටික, අස්කරපු කුණුටික, නඩත්තු කරපු පොදු ස්ථාන ටික කෝ? වෙමින් පැවතුණු සංවර්ධන ක්‍රියාවලිය එක රැයෙන් අඩාල වුණේ ඇත්තටම මුදල් නැති නිසාද? නැත්නම් නව පාලකයන්ට කොමිස් ගහන්න කොන්ත්‍රාත්කරුවන්ව කඩේ යවන්න ඕනෑ නිසාද? මහලොකු උගත් කියාගන්න අය රෙදි ඇඳගෙන ලොකු ලොක්කන් රකින්න යනහැටි දැක්කම පුදුම සතුටක් දැනෙන්නේ. උගත්කම තිබුණට බුද්ධිය ගැන නම් ලොකු ප්‍රශ්නයක් තියනවා. මේක අපේ අධ්‍යාපන ක්‍රමයේ වරද. (නි)
මෙච්චර හොඳින් කියලා දීලත් සමහරුන්ට තවමත් තේරෙන්නේ නැත්නම් වෙන කොහොම කියන්නද? (නි)
යු.එන්.පී අය තාමත් වොක්ස්වැගන් එනතුරු බලා ඉන්නවා ඇති. (නි)
මේ වට කියන්නේ ජාතියේ පව කියලා. (හේ)
මෙතන අදහස් පල කරලා තියෙන බොහෝ දෙනෙක්ට වගේ, මහින්ද වගේ නයට කාල හිටිය නම් හරි. අපේ මිනිස්සුන්ටත් රට නය වෙලා හරි කමක් නෑ බඩ පිරෙනවානම්. දුෂණය අඩු කරලා, නය අඩු කරලා වැඩේ කරගෙන යන එක ලේසි නෑ තාම දුෂකයෝ නිදැල්ලේ නිසා.(කෞ)
අවාසනාවට ලංකාවේ 90%කට මේ කියන දේ තේරෙන්නේ නැහැ. ඔවුන්ටත් අවශ්‍ය ඉතාම පටු රාමුවක හිඳිමින් තමන්ගේ එදිනෙදා කටයුතු කරගෙන යාම පමණයි. ආර්ථිකය ගැන සුළු දැනුමක් ඇති අයෙකුට වුණත් තේරෙන දෙයක් තමයි, ණය අරගෙන වියදම් පියවා ගැනීම නුවණැති ක්‍රියාවක් නොවන බව. දීර්ඝකාලින ආර්ථික සැළසුමකින් රටේ ණය අඩුකර වඩාත් ස්ථාවර ආර්ථිකයක් ගොඩනැඟීමට මෙම රජයටවත් හැකියාව ලැබේවා කියා සිතමි. (නි)
ඉතාම වටිනා පැහැදිලි කිරීමක්. රටේ ඇති ඇත්ත තත්වය ජනතාවට දැන ගැනීමට ලබාදීම වටිනා කරුණකි. ග්‍රීසියට අත් වූ තත්වය රාජපක්ෂලා සිටියා නම් ලංකාවටද උදාවන බව ඉතාම පැහැදිලිය. රාජපක්ෂලාට කඩේයන උදවියට මෙය තේරුම් නොයන බව නම් උඩ අදහස් වලින් පෙනේ. (නි)
ඔන්න රාජපක්ෂගේ කෙරුවාව. පාරවල් හැදුවා කියමින් කයිවාරු ගැහුවාට සල්ලි ගෙවන්න වෙලා තියෙන්නේ මේ ආණ්ඩුවටයි. (නි)
ඔබතුමාට පින්සිද්ධ වෙන්න දැන් පුදුම වෙනසක් තියෙන්නේ. හරි සැපයි (නි)
ඉඟුරු දීලා මිරිස් අරගෙන මේ විඳින දුක...? (නි)
ජනතාව මත බදු නොපටවා ආදායම් උපයන මාර්ග තිබෙනවා (නි)
රාජ්‍ය කටයුතු, කර්මාන්ත කටයුතු කිරීමේ පළපුරුද්ද ඇති ඇත්තන් නොසළකා හැර අදක්ෂයින් තනතුරුවලට පත්වීම නිසා රාජකාරී කටයුතු අඩාල වී රට පිරිහෙන බව කොසොල් රජතුමාගේ සිව්වන සිහිනයෙන් කියවෙන බව දතයුත්තේය. (නි)
ප්‍රියාන්, තමුන් නිකන් වලිගය පාගාගන්න එපා. රටට වෙන නස්පැත්තියට, කඩා වැටීමට, අගාධයට යෑම දවසින් දවස පේනකොට අන්ධ වෙලා ඉන්නේ අපි නෙමෙයි, අවුරුදු 30 කින් අත්වාරුවකින් බලයට ආ ඔහෙලා. (නි)
යහපාලනය ගෙදර යන දවස දෙස අපි බලාසිටිමු (නි)
පටි තද කරගන්න එක මුලන්ම ඔබ ඇතුළු ඇමති සෙට් එකෙන් පටන් ගත්තොත් නරකද? මට නම් හොදටම විශ්වාසයි මෙතුමා 1977 වගේ මැජික් එකක් කරලා මිනිසුන්ට තාවකාලික සහනයක් දෙයි කියලා. මේ පාර ඒක කරන්නේ ඉන්දියාවත් එක්ක. 1977 පස්සේ ලංකාවේ ආර්ථිකය 70% විනාශවුණා නම් එක තව මාස කීපයකින් 100% විනාශයි. (නි)
අනේ සර්, ඕනෑතරම් බදු වැඩිකරන්න. ඒ සල්ලි වලින් අපිට සති කිහිපයක් කන්න දෙන්න. ඉන්පසු මැරිලා යන්නම්. අපි යුඇන්පී කාරයෝ නිසා සර් මොන දෙයක් කළත් හරි. මහින්ද නැත්නම් ඒ ඇති. (නි)
නන්දලාල් ද සිල්වා, බොරුවට හැමදෙයටම මහින්දලා හොරකම් කළා කිය කියා ඉන්නේ නැතුව පෙන්වන්නකො. ගිය ආණ්ඩුව රට බාර දෙනකොට දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව සමස්ත ණය අනුපාතිකය 71%. දැන් එය 75% වෙලා. ණය අනුපාතිකය වැඩිවුණේ රටේ සංවර්ධනයක් කරලද, බඩු මිල අඩු කරලද? රටේ මොන ප්‍රශ්නේ ආවත් රාජපක්ෂ ගැන මොනහරි කියලා ප්‍රශ්න මඟහරිනවා. කරන්න බැරිනම් බාරගත්තේ මොකද? (නි)
මහින්දව එළවන්න උදවු කරන්නම් කියපු රටවල් දුන්නේ මොනවාද? ගොඩ ආ රට අයෙත් වළපල්ලට....! කරපු එකම දේ රට අනාරක්ෂිත කළ එක විතරයි. (නි)
තෙල් මිල අඩු වූ සහනයත් ජනතාවට දුන්නේ නැහැ. බොරතෙල් වලින් ලැබෙන ලාබය අර කියපු අරමුදලට යනවද දන්නේ නැහැ. අපිට සෑහෙන කාලෙකට අඩුවට පෙට්‍රල් ගන්න පුළුවන් වෙයි! (නි)
තිලක්, තමුන්ට මට කියන්න තියෙන්නේ එක කතාවයි. කතා නොකරනතාක් මොඩයාත් පණ්ඩිතයෙකි. ඒක තමුන් කට ඇරියහම පේනවා.. (නි)
ජනතාවගේ ග්‍රහයා කෙසේවෙතත් මැති ඇමතිවරුන්ගේ ග්‍රහයන් නම් සැමවිටම උච්ඡ වී තිබෙන බව කිවයුතුය. ඒකනේ පාර්ලිමේන්තුවට සහභාගිවන සෑම අවස්ථාවක් සඳහාම රු 20,000 ක දීමනාවක් යෝජනා කළේ. රටේ ණය බර කොච්චර වැඩි වුණත් එවැනි දීමනා ලබාදීමට මුදල් තිබෙන එක තමයි මටත් පුදුමේ. (නි)
මේ මොකුත් වැඩි කරන්න ඕනෑ නැහැ. මන්ත්‍රීලට දෙන වාහන පර්මිට් ටික නැති කරන්න. ලක්ෂ 50,000 කට වඩා ඉතුරුයි. (නි)
අපමණ අගයක් දෙනවා කිව්වේ ඕකට තමයි. (නි)
ලෝක වෙළද පොළේ පිටිකිරි මෙට්‍රික් ටොන් එකක මිල බලනකොට දැනට පවතින මිලට වඩා පිටිකිරි කිලෝ එකක් රුපියල් 100 ක් විතර අඩුවෙන් දෙන්න පුළුවන්. කොහොමහරි රුපියල් 100 ක්වත් අඩු කරලා දෙනවා නම් ඒක අපිට ලොකු සහනයක්. නිරෝගී ජාතියක් බිහිකිරීමට කිටිපිරි මිල අඩු කිරීම අත්‍යාවශ්‍ය දෙයක්. (නි)
අද දේශපාලනය පොරපිටියක් වී තිබෙන්නේ ඇයි? අලුත් පක්ෂ හදමින් ගහමරා ගනිමින් බලය ලබාගැනීමට විවිධ පිරිස් උත්සාහ කරන්නේ ජනතාවට ඇති ආදරය නිසා නොවේ. ඔවුන්ගේ බැංකු ගිණුම් තරකර ගැනීමටය. වෙනත් රටවල දේශපාලකයන් සිය දේපල මුදල් ජනතාව වෙනුවෙන් කැපකරයි. දුප්පත් ජනතාවගේ සංවර්ධනය සදහා පොදු අරමුදලක් අවශ්‍යය. (නි)
නලින්, විසිවන සියවසේ මැද බාගය වෙනතුරු මේ රටේ හිටියේ ලෙඩ්ඩුද? අපේ සීයලා, මුත්තලා, කිරිකිත්තලා පිටිකිරි නොබිවුවට ගස් ගල් පෙරලන්න තරම් ශක්තිමත් නිරෝගී දිවියක් ගතකළා. ආණ්ඩුව මොක වුණත් තමුන්ලගේ ඔය බටහිර මත ඔලුවේ තිබෙනතුරු අපේ රට ප්‍රපාතයට මිසක් ඉහළට ඒම නම් සිහිනයක්. (නි)
ජනතාව පිට බදුබර පැටවීම වහාම නතර කළේ නැත්නම් මේ ආණ්ඩුවේ ආයුෂ හුඟක් කෙටිවෙයි (නි)
අගමැතිතුමාට දැන්වත් තේරෙනවද දන්නේ නැහැ, බලයට ආ ගමන් වළං කඩේට පැන්නා වගේ, පෝර්ට් සිටි නවත්තලා, චීනය තරහ කරගත්ත එකේ විපාකේ. දැන් ඉතින් සල්ලි ඕනෑනම් ලෝක බැංකුව කියන කොන්දේසි වලට යටත් වෙන්න. මේ වෙන්නේ එ්කයි. කිසිම විශාල ආයෝජකයෙක් මේ රටට එන්න කැමති නැහැ ඒ ව්‍යාපෘතිය නවත්වන්න ගත් පියවර නිසා (නි)