මිනිසුන්ගේ ජීවන බර සොයා බැලීමට හා එක්සත් ජාතික පක්ෂයට නව සාමාජිකයන් බඳවා ගැනීම සඳහා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අවිස්සාවෙල්ල තල්දූව නගරයේ සංචාරය කළේය.
පොළට සහ කඩවළට ගිය වික්‍රමසිංහ මහතා වෙළඳුන් සහ පාරිභෝගිකයන් සමඟ සුහදව කතා බහ කළේය.
මිනිසුන්ගේ ජීවන බර සොයා බැලීමට හා එක්සත් ජාතික පක්ෂයට නව සාමාජිකයන් බඳවා ගැනීම සඳහා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අවිස්සාවෙල්ල තල්දූව නගරයේ සංචාරය කළේය.
පොළට සහ කඩවළට ගිය වික්‍රමසිංහ මහතා වෙළඳුන් සහ පාරිභෝගිකයන් සමඟ සුහදව කතා බහ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ උගතුන්ට බුද්ධිමතුන්ට තැනක් නැති නිසා රනිල්ට තැනක් නැහැ. අපේ රටේ පිළිගන්නේ දේශප්‍රේමය වවාගෙන කන අයවයි. ලබන ඡන්දෙදි වත් උගතෙකුට බුද්ධිමතෙකුට තැන දෙන්න බලමු නේද? (නදී)
රනිල් මහත්තයත් රට පාලනය කළා තමයි.ඒ ගැන හැමෝම දන්නවා.මම රනිල් මහත්තයාගේ පාක්ෂිකයෙක් නොවුණත් ඇත්ත කියන්නේ. (නි)
මේ පාර බලයට ආවොත් රට ගැන වගේම, දුප්පතුන්ට සේවයක් කරන්න. සුදුස්සාට තැන දෙන්න. තරුණයින් සමඟ ඉදිරියට විත් වැඩ පෙන්වන්න. අපිත් වැඩ බලලා කතිරයක් ගහන්නම්. (නි)
රජකම තිබුන කාලෙත් ඔය වගේ ගිහින් සැප දුක බැලුවා නම් අද එහෙනම් රජ වෙලා නේද ? (නදී)
මෙයාට මේවා මතක් වෙන්නේත් ඡන්දේ ලං උනාම තමයි. (නදී)
ඔබගේ ව්‍යායාමය හරියටම හරි. තව තව ඉදිරියට එන්න. ජනතාවත් එක්කම ඉන්න. කෑගල්ලේ ඡන්ද තිබෙනවා. ඔබගේ දිරියට වීර්යයට මගේ සුභ පැතුම් ! (නි)
පොළේ යන එක නම් හොඳයි තමයි (නි)
තිලක් මහත්තයෝ, රාත්‍රී වැටුණ වළේ දවල්ටත් වැටෙනවද? (නි)
ඔබ තුමාලගේ කාලේ බඩු මිළ හරිම අඩුවට තියෙන්න ඇති. කව්රු ආවත් ඔච්චර තමයි (නදී)
දක්ෂයින්ව අයින් කරලා ඔබතුමාගේ ප්‍රතිරූපය කාපු කෙනාව මාධ්‍ය ප්‍රකාශක කරගෙන කොහොමද දිනන්නේ? (නදී)
අවංක ජනතාවට ආදරය ඇති නියම නායකයෙක් අපිට ඔබව ඉක්මනින් අවශ්‍යයි (නදී)
රනිල් මහත්තයාගේ අගේ ජනතාවට පහදලා දීලා එතුමාගෙන් මේ රටට වැඩක් ගන්න ආරම්භයක් දෙන්න ඕනේ මාධ්‍ය සාකච්ඡා වලට එන මන්ත්‍රීවරු. ඔවුන් එම කාර්ය ඉක්මනින් ඉටුකිරීම ඉතා වැදගත්. (නදී)
රනිල් මහත්තයෝ, සජිත් මහත්තයා සහ අනෙකුත් අයත් එක්ක අපේ බිබිල පැත්තට එන්නකෝ. අපිට කවුරුවත් නැහැ (නි)
බොහොම හොඳයි මහත්තයෝ (නි)
පළමුව යුධ ජයග්‍රහණය අගය කරන්න.එතැනින් පටන්ගන්න.අසීරු අභියෝග වලදී මේ රජය සමඟ බව ක්‍රියාවෙන් ඔප්පු කරන්න.ඉන්පසුව, යුද්ධය නිමාවු රටේ ආර්ථිකය හොඳින් හැසිරවීමට ඔබට පුළුවන් යන පණිවිඩය ජනතාවට දුන්නොත්, ජනතාව මීට වඩා ඔබතුමා වටා පෙළ ගැසේවි. එවිට ඔබතුමාට රජයක් හෝ ප්‍රබල විපක්ෂයක් සෑදිය හැක. (නි)
හොඳට පුරුදුයි නේද පොළේ ගිහින් (නදී)
රනිල් මහත්තයෝ, වැඩේ හොඳයි. කට්ටිය ඔක්කොම එකතුවෙලා වැඩේට බහින්න. එකමුතු වුණොත් ජයෙන් ජය! (නි)
ජනතාව කබලෙන් ළිපට වැටිලා තිබෙන මොහොතක ඔබතුමාගේ පැමිණීම අගය කරනවා (නි)
පවතින රජයත් සමඟ සටනට බහින්න නම්, එජාපය තවත් ශක්තිමත් වියයුතුයි (නි)
අපේ රනිල් මහත්තයාට ජයෙන් ජයම වේවා! (නි)
මම කැමති ආදර්ශවත් එකම දේශපාලකයා ඔබයි. (නි)
මේ ඡන්දදායකයින් මොළය තිබෙන අය. පරණ ඡන්ද පොරොන්දු නොදිය යුතුයි. තම පක්ෂයට ඡන්දය නොදෙන අයගෙන්, හේතු, කාරණා විමසන්න. විමර්ශනය,විශ්ලේෂණය ඉතාම වැදගත්ය. (නි)
අපි ඔබතුමාට ආදරෙයි. ඔබතුමා නිර්මල නායකයෙක්. ඔබතුමා කිරුළු පැළඳුවොත් මුළු රටම කිරුළු පැළඳුවා වගේ තිබෙයි. (නි)
කවදාහරි ඔබ එනවා.... ආර්ථිකය දිනවනවා.... (නි)
ඔබතුමාට ජයවේවා! (නි)
සඟ වෙද, ගුරු, ගොවි, කම්කරු රජවෙනවෝ! ජයවේවා! ජයවේවා!! ජයවේවා !!! (නි)
යුද්ධයක් ජයග්‍රහණය කරන්නේ ත්‍රිවිධ හමුදාවකි.ආර්ථිකයක් ජයග්‍රහණය කරන්නේ පළපුරුදු ශක්තිමත්, ආර්ථික ප්‍රතිපත්තියක් ඇති, හොරකම හා අල්ලස් දුෂණයෙන් තොර, ඍණ ආර්ථිකය ධන ආර්ථිකයක් බවට පරිවර්තනය කළ හැකි ආදර්ශමත් ප්‍රජාතන්ත්‍රවාදී ජාත්‍යන්තරය පිළිගත්, දේශපාලන පක්ෂයක් පමණි. (නි)
මට නම් බොහොම සතුටුයි (නි)
පාරිභෝගිකයන් බොහොම සතුටෙන් ඇති. (නි)
ඡන්දෙ තියෙන්නේ ඌවේ නේද. (නදී)
ඔබතුමාලා ඇවිල්ලා බලලා යනවා.පහුවදාට නැවත බඩුමිල නැගලා අහස උසට. (නි)
නුවන්සර, ඔබ කිවූ දේ ක්‍රියාත්මක කරන්න එතුමාට හැකිවේද? (නි)
එකමුතු වෙන්න.එතකොට දිනන්න පුළුවන් (නි)
ඔබතුමා සැමදා දිනේවා! (නි)
අපි ඔබ සමඟයි (නි)
අනේ රනිල් මහත්තයෝ, බාර අරගෙන අපේ රට හදලා දෙන්න. අපි ඔක්කොම ඔයාට ඡන්දෙ දෙන්නම් (නි)
ජය වේවා! (නි)
ඔන්න බබෝ අලි එනවෝ.... රනිල් නිරිඳු රජ වෙනවෝ.... ජයවේවා !!! (නි)
ඔබ ආවොත් රටට හොඳක් වෙනවා. (නි)
නියමයි රනිල් මහත්තයෝ (නි)
රනිල් මහත්තයා, රට හදන්න ඕනෑ නම් දැන්වත් තීරණයක් ගතයුතුයි (නි)
මේවා නම් හොඳ වැඩ තමයි. නමුත් තාත්වික නම් නැත (නදී)