
(අංජුල මහික වීරරත්න)
රනිල් වික්‍රමසිංහ අනිවාර්යයෙන්ම ජනපතිවරණයට ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා ගාල්ලේදී අද ප්‍රකාශයට පත් කළේය.
"රනිල් වික්‍රමසිංහ ජනපති මේ ජනපතිවරණයට ඉල්ලනවාද? නැද්ද? කියා දෙගිඩියාවක් ජනතාව තුළ තිබෙනවා.
අනිවාර්යෙන්ම ඉදිරි ජනාධිපතිවරණයට අපේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වෙනවා.මෙලෙස ඉදිරිපත් වී අනිවාර්යයෙන්ම ඔහු ජයග්‍රහණය කරනවා යනුවෙන් රුවන් විජයවර්ධන මහතා එහිදී සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ ගාලු දිස්ත්‍රික් සම්මේලනය අමතමින් එජාප නියෝජ්‍ය නායකවරයා මේ බව කීය.
එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සංවිධාන කළ මෙම සම්මේලන රැළිය ගාල්ල උළුවිටිකේදී පැවැත්විණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පක්ෂේ කීදෙනෙක් ඕක නිවේදනය කළාද?
පුළුවන් තරම් රජයේ මුදල් නාස්ති කරලා කැම්පේන් එක කරලා, 10%ට අඩුවෙන් ඡන්ද ප්‍රතිශතයක් අරන් ගෙදර යයි...
පොඩි වෙට්ටුවක් දාලා තව අවුරුද්දක් ඉන්නයි හදන්නේ. බැරි වුණොත් එයි.
දැන් මේ රනිල් කියන මනුස්සයාට ඕක කෙළින් කියන්නවත් කොන්දක් නැතිද?
කල් දාන්න බැලුවා... හැබැයි හරි ගියේ නැහැ...
රනිල් ජනාධිපතිවරණය අඩුම තරමින් අවුරුද්දක්වත් කල්දාගන්න කුරුමානම් අල්ලමින් හිටියේ. බලලෙක් හොයාගෙන කොස් ඇටේ බා ගන්නයි මේ දඟලන්නේ.
අනිවාර්යෙන්ම පරදිනවා රනිල්ට තුන්වෙනි තැන හෝ හතරවෙනි තැන තමයි තේරුම් ගන්නකෝ රනිල්ට දිනන්න බැහැ. රනිල්ට මිනිස්සු කැමැති නැහැ. දැන් එයාගේ වටේ ඉන්න අයටත් මිනිස්සු කැමැති නැහැ... එදා ඉඳලා අද වෙනතුරුත් අපිව ඇන්දුවා... මේ සැරේ අන්දන්න ලැබෙන්නේ නැහැ. අපි හොඳට තේරුම් අරගෙන ඉන්නේ... අපි දන්නවා මෙයා බලය අත හරින්න කැමැති නැහැ... කියලා. නමුත් දැන් බලය අත හරින්න වේලාව හරි...!
ඒ පාර “දේශගුණය=දේශපාලනය”. කන්න ඕන වුණහම “කබරගොයා=තලගොයා” වගේ.