(අංජුල මහික වීරරත්න)
දෙමළ ජනතාවගේ ප්රශ්න විසඳන බව පවසමින් බොහෝ ජනාධිපතිවරු ධූරයට පැමිණියද එම කිසිවකු ඒ පිළිබඳ නිසි අවධානයක් යොමු කළේ නැතැයි ද ආර්ථික අර්බුදයක් හමුවේ වුවද ජනාධිපති උතුරේ ජනතාවගේ බොහෝ ප්රශ්නවලට විසදුම් ලබාදීමට කටයුතු කර තිබෙන්නේ යැයිද ඊලාම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂයේ වන්නි දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී කුලසිංහම් තිලීපන් මහතා පැවසීය.
මීට වසර දෙකකට පෙර රටේ වගකීම බාර ගැනීමට බිය වූ පිරිස් අද ජනාධිපතිවරයාගේ සංවර්ධන වැඩපිළිවෙළට බිය වී විවිධ චෝදනා එල්ල කරමින් සිටින බවද තිලීපන් පෙන්වා දුන්නේය.
තිලීපන් මහතා මේ බව කීවෙි "උරුමය" වැඩසටහන යටතේ වවුනියාව හා මන්නාරම දිස්ත්රික්කවල ජනතාවට සින්නක්කර ඔප්පු ප්රදානය වෙනුවෙන් වව්නියාව මෝජෝ උත්සව ශාලාවේ පැවති වැඩසටහනකදීය.
සියලු දෙනා එකතු වී රනිල් වික්රමසිංහ නැවත ජනාධිපති ධූරයට පත් කර ගත යුතු බවද තිලීපන් මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව්. ඊළමම දෙයි බන්දේසියක තියලා. ඒ නිසා කොහොම හරි එයාටම දෙන්න. හැබැයි ගියපාර පුතානෝට තමයි ඒ ඡන්ද ටික වැටුනෙ.
මෝඩයා, උඹ දන්නවාද 1983 කළු ජුලිය අවිලුවේ කවුද කියලා ? 1981 දී යාපනේ පුස්තකාලේ ගිනිතිබ්බේ කවුද කියලා ? උඹ ඔය ඔලුව උඩ තියාගෙන ඉන්න දෙයියා..රනිල් වික්රමසිංහ , ගාමිණි දිසානායක, ජයවික්රම පෙරේරා , ගාමිණි ලොකුගේ ..ඇතුළු මිනීමරුවන් කණ්ඩායමක්. කොහොමත් තරුණ දෙමල ජනතාව තීරණයක් අරගෙන ඉන්නේ මේ ක්රමය එහෙම පිටින්ම වෙනස් කරන්න.
රනිල් ට ..රටේ වගකීම දූෂිත පවුල් පාලනේ උන් විසින් බාර දුන්නා.එයා කරන්නේ අදිකරණයෙන් පවා වැරදි කරුවන් කියලා තීන්දු කරපු දූෂිත දේසපාලුවෝ රකින එක..
බලල්ලු මලුවලින් එළියට එන්න අරගෙන.
රනිල් උඹලව ගොනාට අන්දනවද උඹලා රනිල්ව ගොනාට අන්දනවද කියන එක තාම දකුණේ අපිට ප්රශ්නයක්. ඒත් මහින්ද උඹලව ගොනාට අන්දපු බව අපි දැක්කා.
ඔහු නිවැරදි ය.
ඔයගොල්ලෝ එකතුවෙලා එයාව ඊළමේ ජනපති කරගන්න , 2001 දීත් බුද්ධි අංශ පාවාදීලා සැහෙන්න උත්සයක ගත්ත්ටනේ ඊළම දෙන්න
පළාත් සභා මැතිවරණයෙන් උතුරේ මහ ඇමති බවට පත්කරගන්න
අවුරුදු 45 ක් පාර්ලිමේන්තුවේ ඉඳලා,රටට ඵලදායි මෙලෝ වැඩක් කරගන්න බැරි උන ,අන්තිමට පාර්ලිමේන්තුවේ පඩියක් උඩවත් වාඩිවෙන්න චන්ද ගන්න බැරිඋන අභීත අසහාය නායකයාව ජනපති කරන්න අපි පුල පුලා බලාගෙන ඉන්නවා
හේ ඔහොම කීවට දෙමල චන්ද ඔක්කොම ඔය පින් ජනාධිපති ලැබෙන්නේ නැහැ .හැබැයි සිංහල චන්ද නම් මෙයාට ලැබෙන්නේ නැහැ, මෙයා පස් පාරක් හෝ හය පාරක් අගමැති වෙලා හිටියා .දෙමල ජනතාවට මොනවාද කලේ .සිංහල ජනතාවට මොනවාද කලේ .කලේ එකම දෙය නම් ඇමති ගොල්ලන්ට හොරකම් කරන්න ඉඩ දීලා තමන්ගේ තනතුර ආරක්ෂා කරගන්න අත්දෙක බැදගෙන බලාගෙන හිටියා. දැනුත් ඒකමයි කරන්නේ
ප්රකාශිත ඡන්ද වලින් සියයට දහයකුත් අඩු ප්රමාණයක් ලැබ ගනිමින් පත්කර ගනී කෙසේද පහදා දෙන්නේ.. කුලියට කහින කාලකන්නි
හරි හොදා.......යි අපි එහෙමම කරන්නම් !
ලංකාවේ වහල්ලු ඉන්නකල් ඕන දෙයක් වෙන්ඩ පුළුවන්... නැත්නම් ඔය වැඩ බැරි ටාසන් ගෝඨා කොහොමද ජනපති වුණේ
මහින්ද ,රනිල් දන්න චන්ද සෙල්ලම් තමයි මේ.රට ගැන තැකීමක් නෑ .එකෙක් කොටින්ට සල්ලි දීලා චන්දෙ ගන්නවා ,අනිත් එකා සිංහල ,දෙමල ජනතාව බෙදලා චන්දෙ ගන්න හදනවා .මේ වගේ කාලකන්නි
මෑන් ට හොඳ ගානක් හම්බ වෙලා වගේ .බැංකු ගිණුම් පරීක්ෂා කළා නම් පුහුල් හොරා කාර්ම අල්ල ගන්න පුළුවන්
යාපනයේ පුස්තකාලය ගිනි තිබ්බේ කවුද කියන එක මේ දෙමළ ජනතාවට අමතක වුනාද?