රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව ගෙදර යැවීම රටටත් මෙරට දරු පරපුරේ අනාගතය වෙනුවෙනුත් කරන මහා පුණ්‍ය කර්මයක් බැවින් ඒ සඳහා එක්වීමට මාතර එන්නැයි සියලු මහජන නියෝජිතයන්ගෙන් ඉල්ලන බව බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා කියයි.
සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇත්තේ කොතනදැයි සිකුරාදා (12) මාතර රැස්වීමෙන් තහවුරු වනු ඇතැයි ද ඔහු පවසයි.
යහ පාලන ආණ්ඩුව ගෙදර යැවීමේ අවසන් සංඥාව 12 වැනි දා රැලිය බවත්, යහපාලන ආණ්ඩුව ගෙදර යැවීමේ මහ සටන ඉන් පසු ඇරැඹෙන බවත් රණතුංග මහතා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ව ගෙදර යැවිය යුතුමයි. 2002 වගේ නැවතත් රට ආපස්සට යන බව තේරුම් අරගෙනයි ඉන්නේ අපි (නි)
ජනාධිපති තුමා කරන වැඩ බලන්නකෝ ! වයසක හිටපු අගමැති කමට හොඳ නැහැ උපදේශක කමට හොදයි . ඇමතිලා පුදුම විධියට පත්කරනවා . මේ රටට අවශ්‍ය කුමකටද ? ජනතාව අන්ද මන්ද වෙලා .(ම)
කිසිම කෙනෙක් යන්න එපා.දේශපාලනය කරන්න අපිට වෙලාවක් නැහැ.ආර්ථිකය දියුණුකරන්න අපි හැමෝම වැඩකරමු. (නි)
බලාගෙන මංගල කුරුඳු පොලු ශිල්පය පුරුදුකරනවද දන්නේ නෑ. ඕකට සනතුත් සහබාගි වේවි කියල තමයි වේලාසනම ඇමති කමක් දුන්නේ මොනවා වුනත් බලමු ජනතාවගේ ප්‍රතිචාර කොහොමද කියල (බ)
ප්‍රසන්නට මොකද්ද මෙච්චර තියෙන අමාරුව මේ අය ආයෙත් රජකරවන්න? (නි)
මේ අදහස් දාලා තියන අයට අම්ආ තාත්තවත් මතකද දන්නේ නැහැ. ඔබට තව කොට්ටමල්ලිද ඕනෑ? උණ අඩුවෙලාම නැහැ වගේ. ප්‍රසන්න, ඔබ එය කළයුතුයි. අපි ඔබ සමඟයි. (නි)
කාලය අවසානයි. මහින්දට ජයවේවා! (නි)
ඇගේ තරමට මොලේ තිබුනානම් කොච්චර වටිනා මිනිහෙක්ද ? (ම)
කවුරු ආවත් ඔය රට හදන්න බෑ .ඔකේ ඉන්න මහා කුහක මෝඩ හැත්තක්. අපි දෙවියන්ට කියමු මේ මෝඩ ජනතාව විනාශ කරලා. අලුත් මොලේ තියෙන මිනිස්සු ටිකක් මවන්න කියල.(ම)
ඇයි දන්නෑ පාලමෙන් එහා පැත්තෙම රැස්වීමි පවත්වන්නේ (ම)
මහින්දට හා ඔබට ජය වේවා (ම)
බොහොම හොඳ කටයුත්තක් . මාතර කොල්ලෝ ජය පතනවා. හැමට කිරි පැණි නොමිලේ.(ම) .
අපට නොමිලේ යන්න එන්න බස් එහෙම දාල තියෙනවයේ? කෑම පැකට් එකයි , තව තිතටම මත ගන්න පුළුවන් ඒවත් තියෙනවයේ ? පහසුකම් සපයනවා නම් අපිත් එනවා හොඳේ? (ම)
ජනවාරි 8 ට කලින් තිබු යම පාලනය අපට එපා (ම)
ලාංකීය සියලු ජාතින් අතර සමගිය ගොඩ නැගෙන වෙලාවෙදිත්, රුදුරු ත්‍රස්තවාදය තුලින් අප බේරාගත් හමුදාවන්ට එම ගෞරවය රැඳුනු හදකින් නැවත ජාතිවාදය කර ශ්‍රී ලංකාව ගෙනියන්න එපා සුදු පුතේ !!! බුදු සරණි (ම)
සුමුදුගෙ අදහස හරි. මේ අය නිසා අපිටත් අනාගතයක් නැහැ. ජනවාරි 8 වෙනිදා ඉඳන් රට ආපස්සට යනවා. එත් කට්ටියක් හොරු අල්ලපන්, හිරේ දාපන් කියා කියා ඉන්නවා. අපේ ජිවිත වලට හෙන ගැහුවත් මෙයාට කමක් නැහැ. බෝට්ටුවක නැගල හරි පනින්න ඕනි වෙන රටකට. (ස)
මහින්ද රට පාලනය කල හැටි බලන්න හොඳ උදාහරණයක් තමා ඉඩි අමීන් ෆිල්ම් එක. මට හිතා ගන්න බෑ ප්‍රසන්න, රෙජි සම්බන්දය. (ස)
හොර අයිඩෙන්ටි ,හොර පාස්පොර්ට් , හොර ගිණුම් ,හොර වාහන හොර හොර හොර .... (ස)
තිත්ත ඇත්ත ජන මතය කිසිදා යටපත් කළ නොහැක (ම)
ප්‍රසන්න මහත්තොයෝ පිට මිනිස්සුන්ව ගෙන්වන්න කලින් ඔබතුමාගේ ආදරණීය අයියාව මාතර රැලියට ගෙන්වලා පෙන්වන්න . (ම)
ප්‍රසන්න මහත්තයෝ රටට ආදරෙයි නම් මෛත්‍රීපාල සිිරිසේන මහත්තයාගේ පිලට එකතු වෙන්න.(හේ)
ඇයි මේ බය වෙලා.(හේ)
වැඩක් වෙන්නේ නෑ.රනිල් මහත්තයා ආයේ ගෙදර යවන්න බෑ.(හේ)
කවුරුන් මොනවා කීවත් මහින්ද මහත්මා වාගේ රටට ආදරය කරන සැබෑ නායකයෙක් නැහැ.රනිල්ලාව මේ රටේ දේශපාලනයට කොහෙත්ම සුදුසු නැත.එනිසා අපේ ආශිර්වාදය මහින්ද මහත්මාට නිරතුරුවම ලැබෙනවා. (බ)
මගේ අදහසේ හැටියට මහින්ද පැරදිච්ච ජනාධිපති, දිනපු අලුත් ජනාධිපති මෛත්‍රීපාල සිිරිසේන මහත්තයා, එයාට වැඩ කරගන්න දීල මහින්ද ගෙදර ගියොත් හොඳයි , නැත්තම් මහින්දව ජනාධිපති බලතල සමග පැරද්දුවනම්, බලතල නැති මහින්දව පැරද්දීම කොතරම් ලේසිද ? (ස)
දැන් මේ කරන බොරු වැඩ නතර කරන්න.සියළු දෙනාම එකතු වී අනාගතය ගැන හිතන්න.(හේ)
කට්ටිය බයවෙලා.ශාන් මහත්තයා, ඔය ඇඳුම මාරු කරගන්න.මාතරට එන්න කිව්වේ ඔහෙලට නෙමෙයි. මහින්දට ඡන්දය දීපු 58 ලක්ෂයට. අසාධාරණව හා නින්දිතව හා අශිලාචාරව ඒ ජනමතය මංකොල්ල කන්න හදන අයට එරෙහිව නැඟීසිටින්න. ඒ ගැන ඔහෙලා වදනොවී ඔය 62 ගැන බලාගන්න (නි)
එහෙම කරන්න දෙන්න පුලුවන්ද? (නි)
රනිල් මහතා ගෙදර යැවීමට කරන උත්සාහය අයිතියක් කියා හිතමු. නමුත් එවැන්න උත්සාහ කරන්නේ ජනතාව කළ ප්‍රතික්ෂේප කිරීම නොවේද? මේ සඳහා වැඩිපුර දඟලන්නේ කව්ද යන්න හොඳින් තේරුම් ගැනීම ජනතාවගේ වගකීමය. අවංක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයක් තිබියදී එය ඉදිරියට ගෙන යාමට දායක නොවී කරන මේ ක්‍රියාදාමය දුෂිතයන්ට අකමැති ශ්‍රීලංකා නි. පාක්ෂිකයන්ට තේරුම් ගත නොහැකි තත්ත්වයකි. (බ)
රටට ජනතාවට හා රටේ අනගතයට කරන මහා පුණ්‍ය කර්මය නම් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග ඇතුළු මහින්ද හා උගේ ගොට්ටන් සදහටම ගෙදර යෙවීමයි එකට් මාතර ය යුතු නැ පාර්ලිමේන්තුවෙන් කල් හැකි (ම)
මහින්ද මහත්තයට ජයෙන් ජයම වේවා.! (ර)
පැරදුනු අය නැවත ගෙන්වාගන්න රටේ ජනතාවට මොළේ අමාරුවක් නැහැ. අපිට ඔය දෙන්නම එපා. (නි)
වාසු එනවා නම් අපිත් එනවා. (නි)
කොහේ එලවන්නද? මෛත්‍රී රනිල්ව රකිනවා. රනිල් මෛත්‍රී ව රකිනවා. ඒක තමා ඇත්ත. ඡන්දෙන් පස්සේ හැදෙන්නෙත් ජාතික ආණ්ඩුවක්. එකේ අගමැති රනිල්ම තමා. අපි හැමෝටම ඇත්තට මුණ දෙන්න වෙනවා.(බ)
අපි සැබවින්ම ජය පතනවා (බ)
දැන් තියන අඩුපාඩු හදාගෙන ඉස්සරහට යනවා මිසක්... (ර)
බැරි වැඩ කරන්න දගලන්න එපා, ජනාධිපති තුමාට එකතු වන්න (ම)
ඔහොම ටිකක් බලාගෙන ඉන්න ...ඔය අගමැති ,යහපාලනය එලවන්න දඟලන එවුන් ජම්පරේ ඇඳගෙන නොම්මරේ එල්ලගෙන බෙලෙක් තෙටිය අරගෙන පෝලිමේ යන්න වෙන හෙටි ළඟදීම .......(ම)
මේ ප්‍රසන්න මහත්තයෝ ඔයාටත් මෙහෙම මහින්දගේ පස්සෙන් තවදුරටත් යන්න ගියොත් වෙන්නේ දේශපාලනේ අනාථයෙක් වෙන්න. ඒ නිසා දැන්වත් ඔය මෝඩ වැඩේ ඇත ඇරලා මෛත්‍රී ජනාධිපති තුමා එක්ක එකතු වෙලා රටේ දියුණුවට වැඩ කරන්න බලන්න.(ම)
රනිල්ගේ වැරදි තියෙනවා තමා. ඒත් අපි අවුරුදු 10ක් ඒකාධිපති පාලනය දැක්කා. මිනිස්සු සුදුවෑන් වලින් ගිය හැටි දැක්කා. (නි)
බලය නැතුව ඉන්නම බැරි අයනේ දැන් ඉන්නේ! (නි)
අප්‍රසන්න වැඩ වලට අපි නැහැ (නි)
සෝමාලියාවක් වෙන්න ගිය ලංකාව බේරාගත්තේ මෛත්‍රී මහත්තයා (නි)
අනේ මන්දා සමහරුන්ට නම් ආත්මයක් නැහැ. ජරාවටමයි තාම හිත යන්නේ (නි)
ඔය විදිහට රැස්වීම් තියන්න පුළුවන් අද යහපාලනයක් තිබෙන නිසා තමයි. හැබැයි ගල් ගහන කතා කියනවා නම් පරිස්සමින් (නි)
මුලින්ම ව්‍යායාම ටිකක් කරලා බර අඩු කරගත්තා නම් රැළියට කොළඹ ඉඳලා මාතරට පයින්ම යන්න තිබුණා (නි)
හරි හරි අපි එන්නම්... (නි)
අනේ මෙහෙමත් කතා! (නි)
දේශපාලන සහපිරිවර අවසන් වරට දැකගන්න මාතරට යන්න. මීටපස්සේ පාර්ලිමේන්තුවේ ඔය අය දකින්න ලැබෙයිද දන්නෙ නැහැ. දර්ශනයක් තිබෙන දැක්මක් තිබෙන නායකයන් ගෙදර යවලා අනෙක් අය පාර්ලිමේන්තුවට යවන්න අපි පුල පුලා බලාගෙන ඉන්නවා කියලා මෙයාලා හිතන්නේ. අන්තිම පාරට කට්ටියගේ මුහුණු ටික බලාගන්නකෝ (නි)
එහෙම ආවට කමක් නැද්ද? (නි)
ශාන-සෞදි,ඔබ හරි. (නි)
මාතර මහානාම පාලම උඩින් යනකොට බලාගෙන . කිඹුල්ලු මේ දවස් වල එතන වැඩියිලු ප්‍රසන්න තුමෝ .(ම)
බලනකොට මහින්දගේ සැබෑ බලසම්පන්න ප්‍රතිවාදියා රනිල්නේ! මෙයා ගෙදර යනතුරු කාටවත් නින්ද යන්නේ නැතුවා වගේ. (නි)
මේගොල්ලන්ට දැන් පළාත් සභාවේ ප්‍රධාන රාජකාරිය වෙලා තියෙන්නේ රනිල් එළවීම. අර ඒ කාලේ ගෙන්නපු කට්ටඩි ටික එහෙම ගම්පහ පැත්තේ යනවා කවුරුවත් දැක්කද ? (බ)
දැන්ද ලංකාවේ දරු පරපුර ගැන මතක් වෙන්නේ? අපිට පින් පව් හොඳට මතක තිබෙනවා මහ ඇමතිතුමෝ (නි)
රනිල් ගෙදර යවන්න මාතරට යන්න ඕනෑද? එයාගේ ගේ තියෙන්නේ කොළඹ නේද? (නි)