රනිල් වික්‍රමසිංහ අගමැති අද (23) ඓතිහාසික ගැටබරුව රජමහා විහාරයට පැමිණ ආගමික වතාවත් ඉටු කර මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තේය.
විහාරාධිපති බෙරලපනාතර චන්දවිමල නා හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය අගමැතිට සෙත් පැතූහ.
මොරවක නයා මුල්ලේ දී වික්‍රමසිංහ මහතා ප්‍රථම ජන හමුව ද පවත්වයි.
අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ද ඒ ගමනට එක්විය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත ඇත්ත. මම මේ ප්‍රතිචාර වලින් කියලා තියෙන දේවල් පිළිගන්නවා (නි)
අජිත් ඔබගේ අරාධනයට බොහොම ස්තුති . නමුත් මම පොල් ගහන්න යන්නේ නැ. බුදුන් වදින්න යනවා. (අ)
අගමැතිතුමා ආගම දහමට බොහොම ලැදියි (නි)
රසින්තට නම් කන්න හිතුනහම ගෙරි මසුත් මුව මස් වෙන හැඩයි. (නි)
පසුගිය කාලවල දේවාල වලට ගිය අයට වුණේ මොකක්ද කියල රටම දන්නවනේ! (නි)
අජිත් මාව බයකරන්න වගේ යන්නේ. අනේ අජිත්ගේ ටිකිරි මොළය? මම අභියෝග කරනවා ඕනෑම දේවාලයකට ගිහින් බලන්න කියලා. (නි)
මොන දේවාල, කෝවිල් ගානේ ගියත් අබේ, තමුන් පින්කරලා තියෙන්න ඕනෑ, පිහිටක් ලබන්න නම්.පින පව අනුව තමයි සියලු වැඩ සිද්ධවෙන්නේ.දෙවියෝ බලන්නෙත් පින්කළ ඇත්තෝ ගැන විතරයි. (නි)
ගිහියන්ට සුදුසු ආසනයක් පනවන්න කියායි මම කියන්නේ. ඔහු රජෙක් වුණත් එය එසේ වියයුතුයි නේද? (නි)
ගැටබරුව පන්සලක්ද? දේවාලයක්ද? මම මේ නොදන්නා නිසයි අහන්නේ (නි)
මේ ජනතාවගේ ඡන්දයෙන් පත්වෙච්ච අගමැති නෙවේ. මේ ලංකාවේ තියෙන ජරා දේශපාලනට අනුව පාර්ලිමේන්තුව හයිජැක් කරලා බලෙන් අගමැති වෙච්ච කෙනා. දැනටත් පාර්ලිමේන්තුවේ වැඩි බහුතරයක් ඉන්නේ පොදු පෙරමුණේ මන්ත්‍රීවරු. ඒ අයගේ කොන්ද නැති එකේ ප්‍රතිපලය තමයි මේ (නදී)
අබේ ලංකාවට අපු දවසක ගැටබරු විහාරයට සහ රජ්ජුරු බණ්ඩාර දේවාලයට යන්න. මෙම ස්ථානය තියෙන්නේ මාතර දිස්ත්‍රික්කයේ, මොරවක-දෙනියාය මාර්ගයේ කොටපොල කියන ගමේ. හරිම සුන්දර වටපිටාවක් තියෙන්නේ. සිංහරාජය මායිමේ. කුඩා මාර්ගයකින් තද කඳු සහිත මාර්ගයක් තියෙන්නේ. කිලෝ මීටර් 2 ක් විතර කාර් එකකින් හෝ කුඩා වෑන් එකකින් යන්න පුළුවන්. මහා විහාරය නම් කඩ මණ්ඩිය ආසන්නයේමයි තියෙන්නේ. මතුගම හරහා යනවා නම් නෙළුව මාර්ගයෙන් යන්න පුළුවන්. පවුලේ සැමට පරිසරය නරඹමින් මෙම ස්ථානයට ගියොත් ඔබටත් එම ගමනේ වටිනාකම දැනේවි. කැමති නම් කන්ද ඉහල තියෙන දේවාලයටත් යන්න. පුජාව තියෙන වෙලාවට කපු මහත්තයා අපරාධ කාරයින්ට දෙස් දෙවොල් කරන හැටි, පොල් ගහන ආකාරය මට හරිම අරුමයක් උනා. " මල හත් ඉලව්වයි'' කියල කෑගහල දෙස් දෙවොල් තියෙනවා. මිනිස්සු බිරාන්ත වෙලා වගේ වැඳගෙන ඉන්නවා. "මම ගියේ ටෙලි නාට්‍යයකට ලොකේෂන් එකක් බලන්න. ස්ථානය අවට අපේ වැඩේට සුදුසුයි. ළඟදී වැඩේ පටන් ගන්නවා එදාට ආයිමත් යනවා. (නදී)
මේ ජනතාව පත් කළ අගමැති නොවේ. රට ජාතිය වෙනුවෙන් තීරණ ගැනීම වැරදියි (නදී)
එතකොට මහින්ද රාජපක්ෂත් ජනතාවගෙන් පත්වෙච නායකයෙක් නෙමෙයි. පළමු සැරේ දෙමල සහ මුස්ලිම් ඡන්ද දාන්න දෙන්නේ නැතිව කොටි එක්ක ගිවිසුම් දාල ගත්තා. දෙවැනි සැරේ සරත් ෆොන්සේකාගේ ඡන්ද හොරකම් කරලා දිනුවා. අනෙක 3 න් දෙකේ පාර්ලිමේන්තු බලේ ගත්තෙත් යු.එන්.පී සහ අනෙක් පක්ෂ වල ගෙම්බන් නිසානේ (නදී)
රනිල් වික්‍රමසිංහ
ගැටබරුව කන්ද මුදුනේ තියෙන්නේ චෛත්‍යයක්. ඊට පහලින් තියෙන්නේ විෂ්ණු, සමන්,කතරගම,සුනියම් දෙවියන් සහ විශේෂයෙන් රජ්ජුරුබණ්ඩාර දෙවියන් වෙනුවෙන් ඉදිකළ දේවාලයක්. පහත කොටසේ තියෙන්නේ, විහාරය , ආවාසය සහ වන්දනාකරුවන්ගේ නවාතැන් සඳහා සකස් කල විශ්‍රාම ශාලාව. ඒ සමගම කාර්යාලය. මේ ස්ථානය ප්‍රසිද්ධ රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ දේවාලය ලෙසයි. විශේෂයෙන් මිනිසුන් බොහොම දෙනෙක් රජ්ජුරු බණ්ඩාර දෙවියන්ට තමන්ට සිදුවූ අලාභ, නින්දා, සොරකම් ආදිය ගැන පුද පූජා තියල දෙස් දෙවොල් තියෙනවා. ඒවාට නිසි දඬුවම් දෙනවා කියල යන එන මිනිස්සු විශ්වාස කරනවා කතා කරනවා. දැන් අබේ ටෝකියෝ ට පැහැදිලි කරගන්න පුළුවන්නේ ගැටබරුව කියන්නේ මොකක්ද කියලා. (නදී)
මැතිවරණ කොමසාරිස්තුමනි, රනිල් ඡන්දෙන් පත් කළ අගමැති කෙනෙක් නොවේ. මෙම පත්වීම වලංගුද? (නදී)
හෙළ විකුම් මැරිලා ඉපදුන කෙනෙක් වෙන්න ඇති. මෙතුමා එක පාරක් පාර්ලිමේතුව විසුරුවා හැරිය පසු බොහොම වැදගත් පිළිවෙලට අරලිය ගහ මන්දිරයෙන් පිටව ගිය කෙනෙක්. එහෙම නැතිව එතන මොන සුත්තරයක් හරි දාලා තව කාලයක් ඉන්න හදපු කෙනෙක් නෙවෙයි. (නදී)
අසෝක ඔබ හරි. ජෙනරාල් සරත් ෆොන්සේකාට ජනාදිපති වෙනවා වෙනුවට හිරේ යන්නයි උනේ. (නදී)
එතකොට ඡන්දයෙන් පැරදුනාම ගෙදර යන්න බැහැ කියන උදවිය ලෝක ඉතිහාසයේ නැද්ද ? දන්නේ නැති හින්දයි අහන්නේ. (නදී)
පුදුම සරල පුද්ගලයෙක් (දිල්)
ඇයි රනිල්ට තියෙන්නේ පිනට දුන්න පාර්ලිමේන්තු ආසනයක්ද ? ඡන්දෙන් නෙවෙයිද ඒ මනුස්සයා පත් වුනේ ? පුදුම කතා නේ මේවා. (නදී)
මහින්ද රාජපක්ෂ ජනතාවගෙන් පත්වෙච්ච නායකයෙක් නෙවේ කියනවනම් එක මොලේ අමාරුවක් වෙන්න ඕනා. ගිවිසුම් ගහල හරි මහජන ඡන්දයෙන් දිනුවේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඒ ගිවිසුම් ගහල කළේ රටට යහපතක් නේ. අපි අවරුදු 30 ක් බැටකාපු යුද්දේ දිනන්න නායකත්වය දුන්නේ එතුමා. ඒවා මතක නැතිනම් ඒ වගේ අයට සමහරවිට අම්ම තාත්තත් මතක නැතිවෙන්න පුළුවන්. (නදී)
මම නම් ගොඩක් ගරු කරන පුද්ගලයෙක් . බොරු රඟපෑම් නෑ (දිල්)
හෙළ විකුම්, ලංකාවේ නෙවෙයිද ? රනිල් මහතාට තියෙන්නේ එතකොට ලැයිස්තු ආසනයක්ද ? යුද්ධය දිනපු එක සාමුහික උත්සාහයක ප්‍රතිපලයක්. රනිල් මහතා ලඟදිත් මහින්ද මහතාට ගරු කටයුතු විදියට මතක් කලේ. හෙල විකුම් කතා කරන්නේ හරියට රනිල් මහතා සමහරු වගේ පස්සා දොරෙන් පාර්ලිමේන්තුවට ආවා වගේනේ. (නදී)
එතකොට රනිල් මහතා ඡන්දයෙන් පත් වුන කෙනෙක් නෙවෙයිද ? අනේ යන්න හෙළ විකුම් යන්න. (නදී)
හෙළ විකුම් ඔබ හරියට හරි....අපේ රටේ හරියට ඉතිහාසයවත් දන්නේ නැති පුද්ගලයො දේශපාලනය කරනකොට රටට වෙනදේය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ....(අ)
යුද්දේ දිනන්න කලින් කොටින්ට මිලියන ගණන් සල්ලි දීල මහජන මතය මංකොල්ල කාලා සරත් ෆොන්සේකා විරුවාගේ පිහිටෙන් යුද්දේ දිනලා එතුමාගේ ජයග්‍රහණය හොරකල එතුමාව හිරේ දාපු සාපය දැන් ගෙවන්නේ. (අ)
නියම මනුස්සයෙක්. ඔබට සැමදා ජය නියතයි (නදී)
හෙළ විකුම් ඔබ නිවැරදියි මෙයා ආගම දහමට බොහොම ලැදියි කියල ඉන්නවිදියෙන්ම තේරෙනව කුලතිලක වගේ මෝඩයින්ට නොපෙනුනාට (අ)
හෙළ විකුම්ගෙ කතාව හරියටම හරි (අ)
මේ රටේ ඉන්න නුවනක්කරම දෙන්නා හෙළ විකුම් සහ එයාගේ මල්ලි විතරයි.(අ)
සමහරු හිතන්නේ තමන්ගේ කැමති කට්ටිය අමරණීයයි කියල. මේ රට දිගටම එහම කෙනා පාලනය කරන්න මේක චක්‍රවර්ති රාජ්‍යයක්ද ? මිනිස්සුන් ගේ පරමායුෂ 120. කවදාවත් දෙවන පෙළ නායකයකුට එන්න නොදී පුතාල එනකන් අල්ලන් ඉන්න කාටද පුළුවන්? (අ)
දාතු කරඬුව ඔලුව උඩ තියාගෙන ගිහින් පේනවනේ ගසා කාල තියන් සල්ලි ටික. අනුන්ගේ සිල්වත්කම සොයන හෙංචයියන්ගෙන් නම් ගෙදර ගියාට පස්සෙත් අඩුවක් නැහැ. මෙතන ලියන අයගෙන්ම ඒක පේනවා. (අ)
අප රටට කවදා හරි නොමැකෙන සේවයක් කරන වැදගත් පුද්ගලයෙක්. එ්ත් අපේ රටේ මෝඩයන්ට තාම ඒක තේරුම් ගන්න බැහැ. මේ රටේ තැන තියෙන්නේ නුගත් බොරු කාරයන්ට තමා. (නදී)
රනිල් මහතා පස්ස දොරෙන් පාර්ලිමේන්තු ආවෙත් නැහැ. දේශපාලනයෙන් පවුලට හම්බු කරලා දුන්නෙත් නැහැ. මහ ජනතාවට පේන්න බොරු සිල් ගත්තෙත් නැහැ. (නදී)
හෙළ විකුම් දන්නේ නැද්ද රනිල් මහතා මහජන ඡන්දයෙන් ආපු නියෝජිතයෙක් කියලා. වෙන රටක පුරවැසිකම එක්ක පස්ස දොරෙන් ඇවිත් නෙවෙයි. (නදී)
දැන් තමයි හොද පාලනයක් ඇරැඹුණේ (දිල්)
හාමුදුරුවෝ ඉස්සරහ වාඩිවෙලා ඉන්න හැටි හරි මදි නේද ? (නදී)
විහාර ගෙට උඩින් දේවාල? අනේ මන්දා. අජිත් කියන දේ දෙවියන්ට තමයි තේරෙන්නේ . මම අහන්නේ ගැටබරුව දේවාලයක්ද? පන්සලක්ද.? (දිල්)
අබේ, ගැටබරුව ප්‍රසිද්ධ රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ බැල්ම තියෙන දේවාලයක්. නමුත් හැම දේවාලයක් අසලම බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් ආගමික වතාවත් සඳහා විහාරයක් තියෙනවා. මෙතන වෙනස මෙහි දේවාලයට ඉහලින් චෛත්‍යක් තිබීමත්, දේවාලයට පහලින් පිහිටි තැනිතලා බිමේ විහාරය සහ ස්වාමින් වහන්සේ වැඩ සිටින ආවාසයක් තිබීමත් කියන එකයි. දේවාලය පිහිටලා තියෙන්නේ විශාල කළුගල් පර්වතයක් යට. හරියට දඹුල්ලේ විහාරය වගේ. ලංකාවේ බොහොමයක් දේවාල බිම්වල පන්සල නැහැ. මෙතන පන්සලකුත් තිබෙනවා. ඒකයි වෙනස. අවුරුද්දට වතාවක් විශාල පෙරහරක් කරනවා. හැබැයි අබේ, වැඩිය අනම් මනම් කියන්න එන්න එපා. මම යනවා ගැටබරුවේ. දැන්වත් තේරුනාද මෙතන මොකක්ද තියෙන්නේ කියල. මෙතන තියෙන්නේ ගැටබරුවේ රාජමහ විහාරය. (නදී)
රටේ සහ ජනතාවගේ අවශ්‍යතාවයට වර්තමාන දේශපාලන තත්වය ගොඩනඟා ගැනීම සඳහා ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මඟපෙන්වීම සහ කැපකිරීම ඉතා අගය කළයුතුය. සිදුවිය යුතු දේ ඉටුකර ගැනීම සඳහා පටු දේශපාලන මඟක එතුමා නොගිය බව කාටත් තේරුම් ගතහැකිය (නි)