කොස්ලන්දේ මීරියබැද්දේ ඛේදවාචකය වු ස්ථානය බැලීමට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ ජ්‍යෙෂ්ඨයන් පිරිසක්ද සමඟ අද (31) උදේ ගියේය.
ඔහු වට කර ගත් බොහෝ දෙනා හඬමින් වැළපෙමින් දුක් අදෝනා නැඟුහ.එය දැඩි සංවේගය හා හැගීම් බර මතු කළ අවස්ථාවක් විය.වික්‍රමසිංහ මහතා සරණගාත කඳවුරුවලටද ගොස් ඔවුනට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පිරිනැමීය.
වික්‍රමසිංහ මහතා පැවසුයේ වතු සේවකයින් සඳහා ලයින් කාමර ක්‍රමය වෙනුවට නිවාස ක්‍රමයක් ඇති කිරීමට පළාත් සභාව හා පාර්ලිමේන්තුව මගින් ක්‍රමයක් ඇති කළ යුතු බවයි.
මීරියබැද්දේ නායයෑමෙන් මිය ගිය අය සිහිකර ශෝක දිනයක් ප්‍රකාශයට පත් කැර මුළු රටේම සුදු කොඩි එසවියයුතු යැයි වික්‍රමසිංහ මහතා කීවේය.
ඔහු අද එහි යන විට තෙවැනි දිනටත් හමුදාව සිරුරු සොයමින් සිටියේය.
කඳු මුදුනේ සිට ගලා එන දිය දහර වෙනතකට හැරැවීමට හමුදාව හා සහන සේවකයෝ ක්‍රියා කරති.පොලිස් සුනඛයෝ එහි රැගෙන යනු ලැබුහ.

















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා උදේ ඉඳල මෙතන ලියන ප්‍රතිචාර බහිරවයා ගිලිනවද කොහෙද! ආගිය අතක් නැහැ. (අ)
ලංකාවේ හැමදෙයක්ම වුනාට පසුවයි ඒ සදහා පියවර ගන්නේ .දැන්වත් නායයන ඉඩම් වලින් අහිංසක මිනිසුන් ඉවත්කර රජයෙන් ඔවුන්ට නිවසක් ලබා දෙන්න.(හේ)
දරුවන් සිටින තාත්තලාට දරු දුක දැනෙයි. (අ)
ඇයි දන්නේ නැහැ මෙතුමා ගිය එකත් සමහරු වැරදි විදියට දකින්නේ (නි)
විපක්ෂ නායක හැටියට රනිල් මහත්මයාගේ නිවාස ක්‍රමයක් ඇති කිරීම අදහසට මත එකග වෙනවා. එය කඩිනම් කරන්න ඕනි. අසරණයින්ට පිළිසරණක් වෙන්න, උදව් කරන්න. (නදී)
ඇත්තටම සතුටුයි ඒ මිනිස්සුන්ගේ දුක බලන්න ගියාට.(හේ)
ඔබතුමා හොඳ පුද්ගලයෙක් (නි)
විපක්ෂ නායක හැටියට රනිල් මහත්ම යායුතු ගමනක්,(හේ)
ඉතා හොඳ යෝජනාවක්,මිය ගිය අවිහිංසක පුරවැසියන් කල හැකි ඉහලම ගෞරවය එයයි. (අ)
සුදු කොඩි දැම්මාම හරියයි ද කොටි දහස්ගණන් මරපු වෙලාවෙ සුදු කොඩි දැම්මද? (අ)
ඇත්ත ඇති හැටියෙන්ම කිව්වොත් අද තුන්වේල කන මිනිස්සු ඉන්නේ ටිකයි. මිනිසුන්ට ලැජ්ජාබය තියෙන නිසා මිනිස්සු කියන්නේ නැහැ. තියෙන අගහිඟකම් වහගෙන ඉවසාගෙන ඉන්නවා. ලක්ෂ ගණන් වල සපත්තු, කණ්ණාඩි, ඔරලෝසු පළඳින පින්වතුන් රටේ හිටියාට, අසරණ හුදී ජනතාව දවසින් බාගයක් ඉන්නේ බඩගින්නේ. ඔය මියගිය මිනිස්සු ජීවත්ව සිටියදී කෑවද නැද්ද කියලාවත් අපි දන්නවද? ඔවුන් සිටි ලයින් කාමරවල තත්වය දන්නේ කීයෙන් කීදෙනාද? ජීවත්ව සිටියදී ඒ මිනිස්සු ගැන කවුරුවත් හොයා බැලුවද? (නි)
අපේ රටේ කොච්චර පහත් මිනිස්සු ඉන්නවද ...මම රනිල් මහතා ගැන නෙමෙයි කියන්නේ , බලන්න මේ ඛේදවාචකයත් සමග දැන් ඇති වී තිබෙන තත්වය , කොළඹින් පවා මිනිස්සු ගිහින් අර අවතැන් කඳවුරු වල ඉදන් කියනවලු මගේ පවුලේ හැමෝම නැති වුණා, සියලු දේ නැති වුණා, ඇයි මිනිසුනේ මෙහෙම කරන්නේ , මේකෙන් වෙන්නේ ඇත්තටම කාත් කව්රුත් නැති වුණ අය නෙමෙයි රජයෙන් ගෙවල් ලබන්නේ , මේ වගේ හොරු තක්කඩි.(අ)
හැම ආණ්ඩුවක්ම පරිසරය රැකගැනීමට මීට වඩා කැපවිය යුතුයි. මේ සඳහා කවුරුන් හෝ පාර්ලිමේන්තුවට,පළාත් සභාවට යෝජනා ගෙනඑන්න. මේ ඛේදවාචකය එයට හේතු සාධකයක් කරගනිමු. (නි)
ඉතා හොඳ වැඩක් (නි)
ආපදාවට මුහුණදීම සදහා කොස්ලන්ද ගම්මානය වෙනුවෙන් වැඩපිළිවෙළක් 2002 ආණ්ඩු කාලයේ යෝජනා වුණා නේද? (නි)
ගියාට කමක් නෑ.මේ අසරණයින්ට පිළිසරණක් වෙන්න, උදව් කරන්න.(හේ)
විපතේදී පිහිටවීම උතුම් ගතියක් (නි)
මේ අසරණයින් අසරණ කරන්න එපා. මේ රටේ සෑම දවසකම දුක්විඳි ජන කොටසක්. (නි)
රජයට බනින්නේ නැතුව කරන වැඩට උදව් කරන්න.හොඳ නරක පෙන්වන්න.විපක්ෂය හැම එකටම බැනලා, දැන් මිනිසුන්ට අහලා එපාවෙලා. (නි)
ඒකට තමයි ග්‍රාමසේවක කෙනෙක් ඉන්නේ. එයා දැනගන්න ඕනෑ කී දෙනෙක් හිටියාද? නම් ගම් ඔක්කොම. එහෙම නේද? ඒ වගේම අර විදියේ හොරකමක් කවුරුහරි කරලා තියෙනවා නම් ඒකට තමයි නීතිය කියලා එකක් තියෙන්නේ. (නි)
දැන්වත් අපේ මිනිස්සු තේරුම්ගත්තොත් හොඳයි. (නි)
හැකි ආකාරයකින් ඔවුන්ට පිහිටවෙන්න (නි)
මේ අසරණ මිනිසුන්ට දැන් අපේ පිහිට අවශ්‍යයි (නි)
ඔබතුමා මෙහෙම කළ එක වටිනවා (නි)
ඔව්. ඇත්තටම විපක්ෂ නායකතුමාගේ යෝජනාව ගොඩක් හොඳයි.ලැයින් කාමර වල ඉන්න ජනතාවට නිවාස යෝජනා ක්‍රමයක් ඇතිකරලා සුරක්ෂිත ප්‍රදේශවල පදිංචිකළ යුතුයි.ඒ වගේම ඉදිරි දිනයක් ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන එකත් මියගිය අයට කරන ගෞරවයක්. (නි)
ඉතා හොඳ සිතුවිල්ලක් (නි)
ඔබතුමා ගැන ආඩම්බරයි (නි)
හැම දෙනාම ජාති ආගම කුල බේද වලින් තොරව මේ වගේ විනාශයන් දිහා බලලා හැම දෙනාටම පිහිටවෙන්න පුළුවන් වාතාවරණයක් හදලා දෙන්න.(හේ)
මේ වෙලාවේ අවතැන් වූ දෙමාපියන් අහිමි දරුවන් ගැන විශේෂයෙන් සොයාබලන එක හොඳයි. අන්තිමට ඒ ළමයින් ගෙවල් වල වැඩකාරකමට සහ ගැහැණු දරුවන් විවිධ අකටයුතුකම් වලට යොදවාවි. අනන්‍යතාවය ඔප්පු නොකර දරුවන් ඥාතියකුටවත් භාරදෙන්න එපා. ඕනෑතරම් ඉඳීවි මාමලා බාප්පලා නැන්දලා කියාගන්න කට්ටිය මේ ළමයින්ට අයිතිවාසිකම් කියාගෙන. (නි)
රනිල් මහතා ඉතා අවංක කෙනෙක් (නි)